Connect with us

පුවත්

ජාත්‍යන්තර වෙ‍ළෙඳ නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ කොමිසමට ශ්‍රී ලංකාව තේරී පත් වේ.

Published

on

2024 නොවැම්බර් 20 වැනි දින එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් ජාත්‍යන්තර වෙළෙඳ නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ කොමිසමට තෝරා පත් කරගනු ලැබූ සාමාජිකයින් තිස් එක අතර ශ්‍රී ලංකාවද විය.

 ආසියා පැසිෆික් කණ්ඩායමෙන් ආසනයක් සඳහා තරඟ කළ ශ්‍රී ලංකාව, ඡන්ද එකසිය හැත්තෑ හතක් ලබා ගැනීමට සමත් විය. මෙම ඡන්ද සංඛ්‍යාව, කණ්ඩායම තුළ දෙවැනි වැඩිම ඡන්ද සංඛ්‍යාව වූ අතර තේරී පත් වූ සාමාජිකයන් තිස් එක් දෙනා අතරින් සමස්තයක් ලෙස දෙවැනි වැඩිම ඡන්ද සංඛ්‍යාව විය.

ජාත්‍යන්තර වෙ‍ළෙඳ නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ කොමිසමට ආසියා පැසිෆික් සමූහයෙන් තේරී පත් වූ අනෙකුත් සාමාජික රටවල් වන්නේ මැලේසියාව, පිලිපීනය, සිංගප්පූරුව, වියට්නාමය, චීනය, ජපානය සහ කොරියානු ජනරජයයි.

ශ්‍රී ලංකාව 2025 ජනවාරි මාසයේ සිට වසර හයක කාලයක් මෙහි සේවය කරනු ඇත.

 1966 වසරේදී පිහිටුවන ලද සහ වියානා අගනුවර මූලස්ථානය පිහිටා ඇති ජාත්‍යන්තර වෙ‍ළෙඳ නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ කොමිසම, ජාත්‍යන්තර වෙළෙඳ ක්ෂේත්‍රයේ මූලික නීතිමය ආයතනයයි. වෙ‍ළෙඳාමට ඇති බාධා ඉවත් කිරීම සහ වෙ‍ළෙඳ නීති සුසංගත කිරීම මෙම කොමිසමේ විෂය පථයට ඇතුළත් වේ.

 ජාත්‍යන්තර වෙ‍ළෙඳ නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ කොමිසම, සාමාජික රටවලට තාක්ෂණික සහායද සපයයි. ශ්‍රී ලංකා බේරුම්කරණ පනත සහ ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනත වැනි වෙ‍ළෙදාම සහ ආයෝජන සඳහා පහසුකම් සැලසීම පිණිස වන ශ්‍රී ලංකාවේ නීති, ජාත්‍යන්තර වෙ‍ළෙඳ නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ කොමිසමෙහි ආදර්ශ නීතිවලින් ප්‍රතිලාභ ලබා ඇත.

 ශ්‍රී ලංකාව මීට පෙර ජාත්‍යන්තර වෙ‍ළෙඳ නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ කොමිසමෙහි සාමාජිකයෙකු ලෙස 2004 සිට 2007  සහ 2016 සිට 2022 දක්වා සේවය කර ඇත.

පුවත්

ජූනි 30ට කලින් වත්කම් බැරකම් ඉල්ලයි

Published

on

By

වත්කම් බැරකම් පිළිබඳ වාර්ෂික ප්‍රකාශය කළ යුතු අය ජුනි 30 හෝ ඊට ප්‍රථම සිය ප්‍රකාශ බාරදිය යුතු බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව නිවේදනය කර සිටී.

එම කොමිෂන් සභාව විසින් නිකුත් කළ නිවේදනය,

Continue Reading

පුවත්

අද පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක්

Published

on

By

පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක් අද පෙරවරුවේ පැවැත්වේ.

ඒ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙනි.

පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වෙන එම රැස්වීමේදී ලබන සතියේ පාර්ලිමේන්තු න්‍යාය පත්‍රය සකස් කිරීම සිදු කෙරෙනු ඇත.

ලබන 20,21,22 හා 23 යන දිනවල පාර්ලිමේන්තුව රැස්විමට නියමිතය.

Continue Reading

පුවත්

යාල ජාතික වනෝද්‍යානයට නව සංචාරක කලාප

Published

on

By

සංචාරකයින් වෙනුවෙන් යාල ජාතික වනෝද්‍යානයේ තවත් කලාප කිහිපයක් විවෘත කිරීමට පරිසර අමාත්‍යංශය තීරණය කර තිබේ.

පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි මහතා සඳහන් කළේ, දැඩි සංචාරක තදබදයට මුහුණ දීම සඳහා මේ පියවර ගන්නා බවය.

ඒ අනුව අරංගමුව නමින් නව කලාපයක් හා දැනට වසා දමා ඇති තුන හා හතර කලාප කඩිනමින් විවෘත කිරිමට සැලසුම් කර ඇති බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

ඔහු සඳහන් කළේ එහි පහසුකම් සකස් කිරීම මේ වනවිට සිදුවන බවය.

හෙක්ටෙයාර් ලක්ෂයක් විශාල යාල වනෝද්‍යානයේ සංචාරකයින් වෙනුවෙන් විවෘත කර ඇත්තේ හෙක්ටෙයාර් 25000කි.

එය කලාප 6 කින් සමන්විත වන අතර ඒ සඳහා ඇති පිවිසුම් සංඛ්‍යාව 6කි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved