ජාතික ලැයිස්තුධුර මන්ත්‍රිධුර ගැන ඉදිරියේ දී දැනුම් දෙන බවත් ඒවා නිසි ක්‍රමවේදය සහ ව්‍යවස්ථානුකූලව ක්‍රියාත්මක කරන බවත්, ජාතික ලැයිස්තු මන්ත්‍රිධුර ගැන කිසිදු අර්බුදයක් නොමැති බවත් සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියයි.
සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඊයේ (23) මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි.
හරියට කතා කළොත් පසුබෑමකට ලක්වූ ලැයිස්තුවේ සිටින සියලු දෙනා ගුණාත්මකභාවයෙන් ඉතා ඉහළ අය බවත් මේ සියලු දෙනාටම රට ගොඩගැනීමේ වගකීමේ ලොකු වගකීමක් තිබිය යුතු බවත් මේ ලැයිස්තුවේ ඉතා පරිණත කොට්ඨාසයක් සිටින බවත් තමාගේ හිතේ ඇත්තේ කඩාවැටුණු ගරාවැටුණු රට සහ ලක්ෂ 220ක් ජනතාව ගොඩගැනීම බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.
පාර්ලිමේන්තුවේත් ඉන් පිටතත් නවක මන්ත්‍රිවරුන්ගේ හැසිරීම් ගැන නිගමනයකට ආ හැක්කේ රටේ ජනතාවට බවත් පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මක ස්ථාවර නියෝගවලට අනුව කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.
අපේ ප්‍රතිපත්තිවලට එකඟවන එයට එකතු වෙන්න පුළුවන්
එසේ ම සමගි ජන බලවේගය විශ්වාස කරන ප්‍රතිපත්ති මාලාවක් ඇති බවත් මෙම ප්‍රතිපත්ති, දර්ශනය හා වැඩපිළිවෙළ පිළිගන්නා විශ්වාස කරන ධනාත්මක අදහස් ඇති සියලු දෙනාට එකතු විය හැකි බවත් එය පක්ෂයකට හෝ ලාංඡනයකට සීමා වී නොමැති බවත් මේ ප්‍රතිපත්තිවලට එකඟ විය හැකි බවට එකතු විය හැකි බවත් සජිත් ප්‍රේමදාස තවදුරටත් පැවසීය.
‘සජබ සෙසු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 04 සදුදාට පෙර නම් කරනවා’
මේ අතර සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසන්නේ, සමගි ජන බලවේගයේ ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 4 සඳහා සුදුස්සන්ගේ නම් ලබන සදුදාට පෙර නම් කරනු ඇති බවයි.
ඔහු එබව කියා සිටියේ, කොළඹ ඊයේ (22) පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී සමගි ජන බලවේගයට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 05 ක් හිමි වූ අතර ඉන් එක් මන්ත්‍රි ධූරයක් සඳහා පක්ෂයේ මහ ලේකම්, රන්ජිත් මද්දුම බණ්ඩාර ව නම් කර තිබේ.
සෙසු මන්ත්‍රී ධූර හතර සඳහා සුජීව සේනසිංහ, ඉරාන් වික්‍රමරත්න, ඉමිතියාස් බාකීර් මාකර්, මහාචාර්ය චරිත හේරත්, ඩලස් අලහප්පෙරුම, ජෙනරාල් මහේෂ් සේනානායක, නීතිඥ රවී ජයවර්ධන සහ මනෝ ගනේෂන්ගේ නම් යෝජනා වී ඇත.
මේ අතර, පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර කොළඹ ඊයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ නියමිත වේලාවට ඉතිරි ජාතික ලයිස්තු මන්ත්‍රී ධූර සඳහා ද පුද්ගලයින් නම් කරන බවයි.
සබැඳි පුවත්