Connect with us

පුවත්

ජාතික ලැයිස්තු මන්ත්‍රීකම් නිසා සජබයේ අර්බුද

Published

on

සමගි ජන බලවේගය ලෙස පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්ව තරඟ කළ දේශපාලන පක්ෂවලට පොරොන්දු වූ පරිදි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර ලබා නොදුනහොත් එම පක්ෂ ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී වෙනම තරඟ කිරීම කෙරෙහි සිය අවධානය යොමුකර ඇති බවට වාර්තාවේ.

සජබ සන්ධාන පක්ෂ ලෙස නිදහස ජනතා සභාව, දෙමළ ප්‍රගතිශීලි පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂ කිහිපයක් කටයුතු කරනු ලබයි.

සමගි ජන බලවේගයට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර පහෙන් එකක් සඳහා එම පක්ෂයේ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර තමා නම් කරමින් මේ වනවිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස තේරී පත්වී ඇති අතර ඉතිරි මන්ත්‍රී ධුර හතර සඳහා මෙතෙක් කිසිවකු පත්කර නැත.

ඒ සන්ධානගතව තරඟ කළ පක්ෂ පොරොන්දු වූ පරිදි එම මන්ත්‍රී ධුර ලබා දෙන ලෙස ඉල්ලීමත්, එම පක්ෂයේ පරාජයට පත්වූ මන්ත්‍රීවරුන් ඔවුන් ජාතික ලැයිස්තුවෙන් පත්කරන ලෙස කරන ඉල්ලීමත් හේතුවෙනි.

සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුවේ තුන්වන ස්ථානයේ සිට පස්වන ස්ථානය දක්වා නම්කර ඇත්තේ එම පක්ෂය සමඟ සන්ධානගතව තරඟ කළ නිදහස ජනතා සභාවේ ඩලස්අලහප්පෙරුම, දෙමළ ප්‍රගතිශීලි පෙරමුණේ සාගරන් විජයාන්ද්‍රිරන් හා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නිෂාම් කාරියප්පර් යන අපේක්ෂකයන්ය.

එම ලැයිස්තුවේ මුල් අපේක්ෂකයන් දෙදෙනා ලෙස සිටින්නේ සමගි ජන බලවේගයේ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර හා ඉමිතියාස් බාකීර් මාකර්.

මීට පෙර පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී සමගි ජන බලවේගය සන්ධානයක් ලෙස තරග කළ අතර එම අවස්ථාවේදීද පොරොන්දු වූ පරිදි සෙසු පක්ෂවලට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර ලබා නොදුන් අතර සමගි ජන බලවේගයේ සාමාජිකයන්ගෙන්ම එම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර පුරවනු ලැබීය.

පුවත්

ලුණු හිඟය බේකරි නිෂ්පාදනවලටත් බලපායි

Published

on

By

ලුණු හිඟය හේතුවෙන් තම කර්මාන්තයට බලපෑම් එල්ලවී ඇති බව බේකරි හිමියන් පවසයි.

සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන මහතා සඳහන් කළේ ලුණු ගැටලුව පිළිබඳ අමාත්‍යවරයාවද දැනුවත් කර ඇති බවය.

“මේ වනවිට ලුණු පිළිබඳ විශාල ප්‍රශ්නයක් මතුවෙලා ඇතිවෙලා තියෙනවා. අමාත්‍යවරයාත් අපි දැනුවත් කරලා තියෙනවා. අමාත්‍යවරයා කිව්වා අපට අවශ්‍ය ප්‍රමාණය ලබාදෙනවා කියලා. ඒ බලාපොරොත්තු ඇතුව තමයි මේ ඉන්නේ මොකද බේකරිවලට ඕනේ ලුණු කැට නෙමයි ගොඩක් පාචිච්කරන්නේ ලුණු කුඩු. ලුණු කුඩුවල හිඟියක් තමයි තියෙන්නේ. පංගුවක් බේකරි නිෂ්පාදන සඳහා ලුණු කුඩු අවශ්‍ය වෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ලබන සතිය වෙනකොට මේ ප්‍රශ්නය විසඳෙයි කියලා.” 

Continue Reading

පුවත්

මර්වින්, ප්‍රසන්න ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

Published

on

By

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා සහ හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර ඇතුළු පස්දෙනෙකු එළැඹෙන 26 වැනි දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.

ඒ ඔවුන් අද (19) මහර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

කිරිබත්ගොඩ පිහිටි ඉඩම් නඩු සිද්ධියට අදාළව ඔවුන් මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

Continue Reading

පුවත්

විජයග්‍රහණයේ 16වන ජාතික සැමරුම – සජීවී විකාශය

Published

on

By

දශක තුනකට අධික කාලයක් පැවති කුරිරු ත්‍රස්තවාදය අවසන් කරමින් ලැබූ යුද ජයග්‍රහණය සැමරෙන ජාතික රණවිරු සැමරුම් උත්සවය මේ වනවිට ආරම්භ වී තිබේ.

බත්තරමුල්ල, රණවිරු ස්මාරකය අභියස දී පැවැත්වෙන මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගී වීමට නියමිතය.

උත්සවය සඳහා ත්‍රස්තවාදය නිමා කිරීමට ත්‍රිවිධ හමුදාවට නායකත්වය ලබාදුන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ සහ මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක යන මහත්වරුන් ද සහභාගී වීමට ද නියමිතව තිබේ.

මේ අතර ජාතික රණවිරු සැමරුම් උත්සවය හේතුවෙන් අද පස්වරු 4 සිට බත්තරමුල්ල පාර්ලිමේන්තුව ආශ්‍රිත ප්‍රදේශයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වේ.

වීඩියෝ – ජාතික රූපවාහිනිය

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved