Connect with us

පුවත්

ජානක වක්කුඹුරට තවත් රාජ්‍ය ඇමති ධූරයක්

Published

on

ජානක වක්කුඹුර මහතා අද (20) දිනයේදී පරිසර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

මෙම රාජ්‍ය අමාත්‍ය ධුරයට අමතරව වක්කුඹුර මහතා පළාත් සභා, පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ධුරයෙහි කටයුතු කරනු ලබන බව එම අංශය වැඩිදුරටත් කියා සිටියි.

කෙහෙළිය රඹුක්වැල්ල මහතා පරිසර අමාත්‍ය ධුරයෙන්  ඉල්ලා අස්වීමෙන් පසු පරිසර අමාත්‍ය ධුරය ජනාධිපතිවරයා යටතට පත් කර ගැණුනි.

පුවත්

කෙහෙළියගේ ඉල්ලීම මහාධිකරණය ඉවත දමයි

Published

on

By

අල්ලස් කොමිසම විසින් සිදුකරනු ලබන විමර්ශනයකට අදාළව හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පාර්ලිමේන්තු ශාඛාවේ බැංකු ගිණුමක් අත්හිටුවමින් දී තිබෙන  නියෝගය ඉවත් කරන ලෙස ඒ මහතාගේ නීතිඥවරු කළ ඉල්ලීමක් කොළඹ මහාධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.

කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විසින් මෙම තීන්දුව ලබා දුන්නේය.

අල්ලස්  කොමිසම විසින් සිදුකරනු ලබන විමර්ශනයකට අදාළව කොළඹ මහාධිකරණය විසින්  හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලගේ සහ ඔහුගේ පවුලේ අයට අයත්  බැංකු ගිණුම් සහ රක්ෂණ ගිවිසුම් කිහිපයක් අත්හිටුවමින් ඉකුත්දා කොළඹ මහාධිකරණය විසින් තහනම් නියෝගයක් නිකුත් කර තිබුණි.

එහෙත්  කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ විශ්‍රාම වැටුප මෙන්ම ඔහුගේ නිවස ගිනිගැනීමෙන් ඇතිව හානිය වෙනුවෙන් ලැබුණු රුපියල් ලක්ෂ 959කට අධික වන්දි මුදල තැන්පත් කර තිබෙන පාර්ලිමේන්තු ශාඛාවේ බැංකු ගිණුමද මේ යටතේ තහනමට ගෙන තිබෙන බවත් එම ගිණුමට පණවා තිබෙන තහනම ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉකුත්දා ඔහුගේ නීතිඥවරු විසින් ඉල්ලීමක් කර තිබුණි.

එම ඉල්ලීම සම්බන්ධයෙන් තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කළේ අදාළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවය.  

Continue Reading

පුවත්

සිගරට් බදු ගහන විදිය වැරදියි

Published

on

By

සිගරට් බද්ද අයකර ගන්නා ආකාරය වැරදි සහගත බව අද (20) පාර්ලිමේන්තුවේ දී කරුණු දක්වමින් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.

ඔහු වැඩිදුරටත් පවසා සිටියේ, ලෝක සෞඛ්‍ය සංවිධානයේ පවා පිළිගත් මතය වන්නේ එක් සිගරට්ටුවක් විකිණීමේ දී එයට 75%ක බද්දක් අයවිය යුතු බවය.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියේ ඉතා කඩිනමින් සිගරට් බද්ද සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී තීරණයක් ගත යුතු බවය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

“මෙම බද්ද වසර කිහිපයක් තුළ පහළට එමින් තියෙනවා. මොනයම් හෝ හේතුවක් නිසා ආණ්ඩුවට එන ආදායමට වඩා… 

මොනයම් හෝ හේතුව අපි දන්නවා. චෝදනාවක් එල්ල කරනවා නෙමෙයි නමුත් මේක හරියට විශ්ලේෂණය නොකර ගත් නිසා ආයතනයට ලැබෙන ලාභය අති විශාලයි ආණ්ඩුවට ලැබෙන ලාභයට වඩා. 

ඉතින් ඒ නිසා මම යෝජනා කරනවා සම්පූර්ණයෙන්ම අලුතින් හිතන්න සිගරට්වලට ගහන බද්ද සම්බන්ධයෙන්. ඒකට අපි මෙතෙන සාකච්ඡා කළා. ආණ්ඩුව පෙන්වා දුන්නා උද්ධමනයට තවත් 4%ක් එකතු කරලා තමයි කියලා මේ බද්ද ගහන්නේ. හැබැයි ඒ පැත්තෙන් බැලුවහම අපි පෙන්වා දුන්නා ගිය වසරේ බැලුවහම උද්ධමනය 1.9 නෙමෙයි 1.2යි. එහෙම නම් ඔය බද්ද වැදෙන්න ඕනේ 5.2කට. 

නමුත් ඔක්කෝටම එක බද්ද ගහනකොට නිරායාසයෙන්ම මෙතෙන විෂමතාවයක් නිර්මාණය වෙනවා. මේ තුළ අලුත් සිගරට් ඉදිරිපත් කරලා ඒවට කට්ටිය අල්ල ගන්නවා. 

තර්කය තමා එහෙම නැති වුණොත් බීඩි බොන්න ඒ අය උනන්දු වෙනවා කියලා. 

ඒ නිසා මම යෝජනා කරනවා මුදල් කමිටුව විදියට මම මේක සම්මත කළේ, අයවැය පාස් කරගන්න තියෙන අවශ්‍යතාවය නිසා. නැතුව වෙන දෙයක් නිසා නෙමෙයි. ඒ නිසා අපිත් සහභාගි වෙන්නම් අලුතින්ම සිගරට් බද්ද පැනවීම ගැන අපි තීරණයක් ගත යුතුයි.”

Continue Reading

පුවත්

ඉන්දියානු වාහන නිෂ්පාදක සංගමයේ නියෝජිතයින් ශ්‍රී ලංකාවේ සංචාරයක

Published

on

By

ඉන්දියානු වාහන නිෂ්පාදකයන්ගේ සංගමයේ දහ අට සාමාජික නියෝජිත පිරිසක් 2025 මාර්තු 17 සහ 18 දෙදින ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත විය. වාණිජ වාහන, මගී වාහන, යතුරු පැදි සහ ත්‍රී රෝද රථ ඇතුළු සියලු වාහනවල ප්‍රමුඛ පෙළේ නිෂ්පාදක සමාගම්වල නියෝජිතයන් මේ පිරිසට අයත් විය.

සංචාරය අතරතුර නියෝජිත පිරිස කර්මාන්ත සහ ව්‍යවාසකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සහ කර්මාන්ත සහ ව්‍යවාසකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා හමු විය.

මෙයට අමතරව එම පිරිස මුදල් අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමයේ සාමාජිකයන් ද හමු විය.

නියෝජිත පිරිස නියෝජ්‍ය ඉන්දීය මහ කොමසාරිස් වෛද්‍ය සත්‍යාංජල් පාණ්ඩේ මහතා හමු වී ශ්‍රී ලංකාව තුළ ඉන්දීය වාහන සමාගම්වල මෙහෙයුම් පිළිබඳව එතුමා දැනුවත් කළේය.

මෙම සංචාරය වාහන ක්ෂේත්‍රය තුළ සහයෝගීතාවය සහ සංවර්ධනය ඉහළ නංවමින් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කරයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved