කොන්දොස්තරලා නැති ලංගම බස් රථ සියළුම අධිවේගී මාර්ගවල ජූලි 01 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය මඟින් තීරණය කර තිබේ.
මේ අනුව අධිවේගී මාර්ගවල ගමන් ගන්නා ලංගම බස් රථ සඳහා ප්‍රවේශපත්‍ර ලබාදීම ගමන ආරම්භයේදී පමණක් සිදු කරනු ඇත.
මාතර-මාකුඹුර ලංගම අධිවේගී බස් රථයක එක් ප්‍රවේශපත්‍රයක් රුපියල් 1,200ක් වන අතර එවැනි ප්‍රවේශපත්‍ර මඟීන් 34 දෙනෙකු සඳහා ව්‍යාජ ප්‍රවේශපත්‍ර වශයෙන් ලබාදීමේ ජාවාරමක් හෙළිදරව්වීමෙන් පසු මෙම තීරණය ගෙන තිබේ.
මේ පිළිබඳ පරීක්ෂණ රහස් පොලීසිය මගින් දැනටමත් සිදු කෙරෙමින් පවතී.
සියලුම ලංගම බස් රථ සහ දුම්රිය සඳහා ඊ ප්‍රවේශපත්‍ර ඉදිරි තෙමස තුළ හඳුන්වා දීමටද ප්‍රවාහන අමාත්‍යංශය කටයුතු යොදා ඇතැයි වාර්තා වේ.