Connect with us

පුවත්

ට්කට් නැතිව දුම්රියේ ගියොත් වැඩ වරදියි!

Published

on

ප්‍රවේශපත්‍ර නොමැතිව දුම්රියෙන් ගමන් ගන්නා මගීන් පිළිබඳ සිදුකරනු ලබන වැටලීම් වැඩි කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

කොවිඩ් -19 වෛරස ව්‍යාප්තියත් සමග දුම්රිය මගීන්ගේ ප්‍රවේශපත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතු තාවකාලිකව නතරවී තිබුණි.

මේ හේතුවෙන් ප්‍රවේශපත්‍ර නොමැතිව දුම්රියෙන් ගමන් කිරීමට වැඩි වශයෙන් ‍පෙළඹී ඇති අතර මෙහි මූලික වැටලීම් මරදාන හා කොළඹ කොටුව දුම්රිය ස්ථාන මුල්කර ගනිමින් සිදුකරනු ඇත.

මේ අතර අගෝස්තු මාසයේ සිට මේ දක්වා වූ කාලසීමාව තුළ මරදාන දුම්රිය ස්ථානයෙන් ප්‍රවේශපත්‍ර නොමැතිව ගමන් කළ මගීන් 72කින් දඩ මුදල් වශයෙන් රුපියල් 225,000කට ආසන්න මුදලක් අයකර ඇති බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි.

පුවත්

පනත් කෙටුම්පතක් ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය පාර්ලිමේන්තුවට

Published

on

By

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන ලද “අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන)” නැමැති පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් අද (20) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව, පනත් කෙටුම්පතේ කිසිදු විධිවිධානයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසිදු ප්‍රතිපාදනයකට පටහැනි බවට නිගමනය කිරීමට කිසිදු කරුණක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය වූ බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කර ඇති අතර ඒ අනුව පෙත්සම්කරු විසින් පෙත්සම ඉල්ලා අස්කර ගන්නා බව අධිකරණයට දැනුම් දී ඇති බවත් ඒ අනුව, පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවසර ලබා දී පෙත්සමේ ඉදිරි කටයුතු අවසන් කර එය නිෂ්ප්‍රභ කර ඇති බවත් කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය. 

Continue Reading

පුවත්

හිටපු කාන්තා කටයුතු ඇමතිණියට නඩු

Published

on

By

කාන්තා හා ළමා කටයුතු සහ වියළි කලාප සංවර්ධන අමාත්‍යවරිය ලෙස කටයුතු කළ සමයේ නිසි ක්‍රියාපටිපාටිය අනුගමනය නොකර එච්.එම්. චන්ද්‍රවංශ නැමැත්තාව වියළි කලාප සංවර්ධන අමාත්‍යාංශයේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ධූරයට පත් කිරීම සහ සිය හිතවතුන් පිරිසක් නීත්‍යානූකූල නොවන ආකාරයට විවිධ තනතුරුවලට පත් කිරීම සඳහා බලපෑම් කිරීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් හිටපු ඇමතිනී චන්ද්‍රාණි බණ්ඩාර මහත්මියට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබේ.

2019 ජනවාරි 14 වැනිදා සහ 2019 ජනවාරි 31 කාලය අතර කාල සීමාව තුළ එම සිදුකිරීමෙන් අල්ලස් පනත යටතේ දූෂණය නැමැති වරද සිදුකළේ යැයි චෝදනා කරමින් චෝදනා 1ක් යටතේ මෙම නඩුව ගොනුකර ඇත.

මෙම නඩුවේ සාක්ෂිකරුවන් ලෙස පුද්ගලයින් 08 දෙනකු නම් කර තිබේ.

නඩු භාණ්ඩ වශයෙන් ලේඛන 25ක් ද නඩුව සමග ඉදිරිපත් කර ඇත.

Continue Reading

පුවත්

නව විගණකාධිපති ගැන අද තීරණයක්

Published

on

By

අද (20) පස්වරු 2.00ට ආණුඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වන බවත්, එහිදී නව විගණකාධිපතිවරයා සම්බන්ධයෙන් තීරණයක් ගනු ඇති බවත් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද දින පාර්ලිමේන්තුවේ දී පැවසීය.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් කථානායකවරයා මේ බව අනාවරණය කළේය.

පා.ම. ආචාර්ය හර්ෂ ද සිල්වා,

“විගණකාධිපතිවරයෙක් මේ රටේ සිටිය යුතුයි. දැන් දවස් 41ක් වෙනවා, විගණකාධිපතිවරයෙක් මේ රටට නැහැ. අවුරුදු 225ක් තිස්සේ විගණකාධිපතිවරරෙයක් පත් කිරීම සම්බන්ධයෙන් සම්ප්‍රදායක් තියෙනවා. රාජ්‍ය ජ්‍යෙෂ්ඨතම විගණකාධිපති සේවයේ ඉන්න පුද්ගලයාව පත් නොකර තිබීමට රජයේ යම්කිසි හේතුවෙක් තිබෙනවාද?“

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න,

“අද හවස දෙකට ව්‍යවස්ථාදායක සභාව රැස්වෙනවා. එතනදී අපිට යෝජනා ඇවිල්ලා තියෙනවා, ජනාධිපතිතුමා නිර්දේශ එවලා තියෙනවා. අපි ඒ සම්බන්ධයෙන් වැඩකටයුතු කරනවා.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved