අමෙරිකානු හිටපු ජනාධිපතිවරයෙකු මෙන්ම ජනාධිපතිවරණ අපේක්ෂකු වන ඩොනල්ඩ් ට්‍රම්ප්ට පෙන්සිල්වේනියාවේ මැතිවරණ රැළියක් අතරතුර වෙඩි ප්‍රහාරයක් එල්ල විය.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එක් වෙඩි උණ්ඩයක් ට්‍රම්ප්ගේ දකුණු කණ අසලට වැදී තුවාල සිදුවී ඇති බවයි.
වෙඩි තැබීම සිදුකළ සැකකරු ආරක්ෂක අංශ වෙඩි ප්‍රහාරවලින් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.
දහසකට වැඩි පිරිසක් එළිමහනේ පැවැති එම මැතිවරණ රැලියට පැමිණ සිටි අතර වෙඩි ප්‍රහාරය එම පිරිස අතරින් වේදිකාවේ සිටි ට්‍රම්ප් දෙසට එල්ල විය.
මේ අතර, මැතිවරණ රැළියක් අතරතුර ප්‍රතිවාදී රිපබ්ලිකන් ජනාධිපති අපේක්ෂක, හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එල්ල වුණු වෙඩි ප්‍රහාරය තිරිසන් ක්‍රියාවක් බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසයි.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම වෙඩි තැබීම පිළිබදව සැලවූ සැණින් අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ට්‍රම්ප්ගේ තත්ත්වය විමසා බැලූ බවයි.
මෙවැනි තිරිසන්, පිළිකුල් දේශපාලන ප්රචණ්ඩ ක්‍රියා තමන් අනුමත නොකරන බව ද අමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් වැඩිදුරටත් පවසා තිබේ.