Connect with us

පුවත්

ටියුෂන් තහනම ගැන ඉල්ලීමක්

Published

on

පාසල් ගුරුවරුන්ට තම පාසලේ ඉගෙනුම ලබන සිසුන් සදහා අමතර පන්ති පැවැත්වීම තහනම් කිරීමට අනිකුත් පළාත්වල අධ්‍යාපන ලේකම්වරුන් ද කටයුතු කළ යුතු බව රජරට දූෂණ විරෝධී සංවිධානය පවසයි.

නමුත්, බස්නාහිර පළාතේ රජයේ පාසල්වල ගුරුවරුන්ට තම පාසලේ සිසුන්ගෙන් මුදල් අයකර උපකාරක පංති පැවැත්වීම තහනම් කරමින් පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබූ චක්‍රලේඛය අහෝසි කිරීමට රජය පසුගියදා තීරණය කරන ලදී.

පසුගිය 20 වනදා බස්නාහිර පළාත් අධ්‍යාපන ලේකම්වරිය නිකුත් කළ අදාළ චක්‍රලේඛනයේ දැක්වුණේ, පළාතේ ඇතැම් ගුරුවරුන් තම පාසලේ ඉගෙනුම ලබන සිසුන්ට වෙනත් ස්ථානවලදී මුදල් අයකර අමතර පංති පවත්වන බවට හා එම පංතිවලට සහභාගී නොවන සිසුන්ට විවිධ බලපෑම් සිදු කරන බවට තොරතුරු වාර්තා වන බවය.

කෙසේවෙතත්, එය අවලංගු කිරීමට කටයුතු කරන බව නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ පසුව සදහන් කලේය.

පුවත්

වැඩි මිලට බඩු අලෙවි කරන වෙළඳුන් සොයා නඩු පැවරීම දිගටම

Published

on

By

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් ආරම්භ කළ විශේෂ විමර්ශන වැඩසටහන අනිද්දා (15) දක්වා ක්‍රියාත්මක බව වාර්තා වේ.

සහල් තොග හා අලෙවිසැල් පාරිභෝගික නිලධාරීන් උපායදූතයන් ලවා පරීක්ෂා කරමින් වැඩි මිලට භාණ්ඩ අලෙවිකරන වෙළඳුන් සොයා නඩු පැවරීම මෙම වැඩසටහනේ දී සිදුකර ඇති බව සඳහන් වේ.

පාරිභෝගික අධිකාරියේ නිලධාරින් පවසන්නේ, අදාළ උත්සව කාලසීමාව තුළ සුපිරි වෙළඳසැල් ද ඇතුළුව සිල්ලර වෙළඳසැල්වල ව්‍යාපාරික කටයුතු සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කිරීමට කටයුතු කළ බවයි.

Continue Reading

පුවත්

“ගෝල්ෆේස් දාලා පෙන්නපු වාහන මාලිමා මන්ත්‍රීලා බෙදාගෙන කියලා ආරංචියි’

Published

on

By

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මේ වනවිට ජනතාව කියන දේ නොඅසන, තමන්ම කියූ දේවල් ද අමතක තත්වයකට පත්ව සිටින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පවසයි.

හර්ෂණ රාජකරුණා මහතා මේ බව පැවසුවේ ඊයේ (12) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

“දැන් මේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් උද්දච්ඡ තත්වයකට පත්වෙලා තියෙනවා. දැන් මේගොල්ලන් ජනතාව කියන දෙයක් අහන්නෑ. කිව්ව දේවල් අමතක වෙලා තියෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වැටුප් එපා කිව්වා, පෙන්ෂන් එපා කිව්වා, නිවාස එපා කිව්වා. හැබැයි අද ඒවා ගැන කතාවක්වත් කරනවාද ? ගෝල්ෆේස් එකේ දාලා වාහන පෙන්නුවේ, ඒ වාහන ටික කොහෙද දැන් ? අපට ආරංචියි ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ට ඒ වාහන දීලා දැන්. “

Continue Reading

පුවත්

ජලාශ 36ක් වාන් මට්ටම​ට

Published

on

By

පවතින වර්ෂාව හේතුවෙන් රාජාංගනට, යෝධ වැව, කවුඩුල්ල, නාච්චිදූව, වීරවිල, මහ කනදරාව ඇතුළු ප්‍රධාන ජලාශ 36ක් වාන් මට්ටමේ පවතින බව වාරිමාර්ග දෙපාර්තුමේන්තුව පවසයි.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ප්‍රධාන ජලාශ 73 ජල ධාරිතාව 80% මට්ටම ඉක්මවා ඇති බවත් වාරි මාර්ග අධ්‍යක්ෂ එල්. එස් සුරවීර මහත ප්‍රකාශ කරයි.

මෙම ප්‍රධාන ජලාශවලට අමතරව මධ්‍යම ප්‍රමාණයේ ජලාශවල ද ජල මට්ටම විශාල වශයෙන් ඉහල යමින් පවතින බව ද ඒ මහතා සඳහන් කලේය.

ජලාශ ආශ්‍රිත පහත් බිම් වල වෙසෙන ජනතාවට ආපදා කලමණාකරණ මධ්‍යස්ථාන විසින් නිකුත් කරනු ලබන නිවේදන පිළිබඳ නිරන්තර අවධානය යොමුකරන ලෙසත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරයි. 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved