හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දගේ නායකත්වය දරණ ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය මහමැතිවරණයට තනිව තරඟ කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.
ඒ අනුව, වීණාව ලකුණ යටතේ දිස්ත්‍රික්ක කිහිපයකට පමණක් ඔවුන් ඉදිරිපත් වීමට කටයුතු කරන බව සඳහන්ය.
මේ අනුව, උතුරු නැගෙනහිර පළාතේ සියළු දිස්ත්‍රික්කවලට සහ කොළඹ දිස්ත්‍රික්කයට මෙවර නාමයෝජනා ලබා දීමට සැලසුම් කර ඇති බව එම පක්ෂයේ ත්‍රිකුණාමල දිස්ත්‍රික් සංවිධායක පුෂ්පරාසා ප්‍රකාශ කලේය.
කෙසේවෙතත්, පසුගිය සැප්තැම්බර් 21 වැනිදා පැවති ජනාධිපතිවරණයේදී ඩග්ලස් දේවානන්ද සහය දැක්වූයේ ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරඟ වැදුණු රනිල් වික්‍රමසිංහ මහතාටය.
මේ අතර, ඉදිරි මහ මැතිවරණයට තනිව තරග කරන බව, ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය පවසයි.
එහි මාධ්‍ය ප්‍රකාශක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් කොළඹ ඊයේ (02) කැදවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් කියා සිටියේ, ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් මහ මැතිවරණයෙන් පසු ගොඩනැගෙන්නේ නම් ඔවුන් සමග සාකච්ඡා කිරීමටද සූදානම් බවය.
කෙසේ වෙතත් පසුගිය ජනාධිපතිවරණයේදී ස්වාධින අපේක්ෂක පි.අරිනේත්‍රන්ට සහය පළ කළ දෙමළ ජාතික සන්ධානයේ හවුල්කාර පක්ෂයක් වන ටෙලෝ සංවිධානයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙක්කලනාදන් කියා සිටියේ විපක්ෂයේ සියලු පක්ෂ එක්ව මහ මැතිවරණයට තරග කළ යුතු බවය.