Connect with us

පුවත්

ඩබ්ලිව් පීසී ග‌ේ නිරුවත් උඩුකය නෙට් එකට දැමූ පීසී අයිස් කාරයෙක්!

Published

on

සිය පොලිස් පෙම්වතියගේ නිරුවත් ළැම ප්‍රද‌ේශය‌ේ වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කළ පොලිස් මූලස්ථානයට අනුයුක්තව සේවයේ නිරත පොලිස් කොස්තාපල්වරයකුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් පෙරේදා (15) අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු සිය පොලිස් පෙම්වතිය සමඟ වීඩියෝ දුරකතන සංවාදයක් යන අතරතුරදී ඇගේ ළැම බැලීමට ආශාවක් ඇතැයි සඳහන් කරමින් ඇයට පෙරැත්ත කර ළැම ප්‍රදේශය පෙන්වාගෙන එය පටිගත කර මෙලෙස ප්‍රචාරය කර ඇත.

මෙම අපරාධයට සම්බන්ධ පොලිස් කොස්තාපල්වරයා අයිස් මත්ද්‍රව්‍ය භාවිතයට තදින්ම ඇබ්බැහි වී සිටින්නකු බව ද ඔහුව අධිකරණ වෛද්‍ය නිලධාරියා හමුවට ඉදිරිපත් කිරීමේදී අනාවරණය වී ඇත.

ඇය විසින් සිය පොලිස් පෙම්වතාට ළැම ප්‍රදේශය පෙන්වා ඇත්තේ පොලිස් නිල ඇඳුමින් සැරසී සිටියදීය. 

ඊට අමතරව දෙදෙනා නතිවම හමුවූ අවස්ථාවලදී හෝටල්වලදී එකට සිටි අවස්ථා ද වීඩියෝගත කර ඒවා ද මෙම නිලධාරියා විසින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කර ඇති බව සඳහන්ය.

ඇය නිල ඇඳුමින් සිටියදී ළැම පෙන්වීම සිදු වන්නේ 2022 වසරේ අගෝස්තු 12 වැනිදා හෝ ඒ ආසන්න දිනයකදී බව සඳහන්ය. 

එකල ඇය සේවයේ නිරතව සිට ඇත්තේ මිල්ලනිය පොලිස් ස්ථානයට අනුයුක්තවය. 

ඇය පවසන්නේ මිල්ලනිය පොලිසියේ කාන්තා භට නිවාසයේදී එම සිදු වීම වූ බවය.

අනතුරුව දෙදෙනා විටින් විට හමුවී ඇති බවත් ඒ හැම දෙයක්ම මෙම නිලධාරියා විසින් රහසිගතව වීඩියෝගත කරගෙන සිට ඇති බවත් පොලිස් තොරතුරු අනාවරණය කළේය. 

මෙම නිලධාරියාගේ ඇතැම් හැසිරීම් ගැන කලකිරී නිලධාරිනිය විසින් ඔහුව අතහැර දැමීමෙන් පසු මෙම වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වීමට පටන්ගෙන තිබෙන බව කියැවේ. 

තමාගේ නිරුවත් ඡායාරූප හා දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන බව මෙම නිලධාරිනිය දැන ගෙන ඇත්ත‌ේ පසුගිය 06 වැනිදාය. 

පසුව ඇය ඉකුත් 07 වැනිදා මේ ගැන පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණිලි කර තිබේ.

ඒ අනුව කළ විමර්ශනයකින් අනතුරුව මෙම නිලධාරියාව අත්අඩංගුවට ගෙන ඇත. 

මේ වන විට මෙම නිලධාරිනිය දිවුලපිටිය පොලිස් ස්ථානයට අනුයුක්ත සේවයේ නිරතව සිට ඇත. 

එබැවින් මීගමුව සහකාර පොලිස් අධිකාරිවරයා විසින් ඇගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වීම ගැන විනය පරීක්ෂණයක් ද කර තිබේ. 

ඇය විසින් පොලිස් නිල ඇඳුමින් ළැම පෙන්වීම මුල්කරගෙන ඇගේ වැඩ තහනම් කිරීමට මෙහිදී මීගමුව සහකාර පොලිස් අධිකාරිවරයා විසින් පියවර ගෙන ඇත.

පුවත්

STF ලොක්කා ළඟ තිබුණේ ක්ලබ් වසන්ත ඝාතන අවිය?

Published

on

By

පොලිසිය විසින් පොලිස් විශේෂ කාර්ය බළකායේ පොලිස් පරීක්ෂකවරයකු සිය මෝටර් රථයේ පිටුපස අසුනේ සූක්ෂම ලෙස සඟවා තිබූ  ටි 56 ගිනි අවියක් සොයාගෙන තිබේ.

මේ ගිනිඅවිය අතුරුගිරිය ටැටු කලාගාරය තුළදී ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනකු ඝාතනය සඳහා යොදාගත් අනෙක් ගිනි අවිය බවට සැක කරන බව මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය කියයි.

ඒ සම්බන්ධයෙන් සැක හැර දැනගැනීම සඳහා ගිනි අවිය රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

ටැටු කලාගාරය තුළ අපරාධයත් සමග විසිරී තිබූ හිස් පතුරම් කොපු මෙම ගිනි අවියෙන් නිකුත් වූ ඒවා දැයි වැඩි දුරටත් සොයා බැලීමට නියමිතය.

මෙම ගිනි අවිය යොදාගෙන ගම්පහ ඔස්මන්ඩ් නැමැත්තාද ඝාතනය කිරීමේ සැලැසුමක් ද මේවන විට හෙළිව තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු සංවිධානාත්මක අපරාධ කරුවකු වන ගනේ මුල්ල සංජීව යන අයගේ ගෝලයකු වන ගම්පහ පැටි මංජු ගේ සහෝදරයකු වන දැනට විදේශගතව සිටින කදමුල්ල ආරච්චිගේ දිනේෂ් වසන්ත යන අයගේ සමීපතමයකු බව පොලිසිය කියයි.

ඉකුත් ජුලි මස 8 වැනිදා සිදු කළ එම වෙඩි තැබීමෙන් වසන්ත සුරේන්ද්‍ර පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත සහ තවත් පුද්ගලයෙකු, එම ස්ථානයේදීම මියගිය අතර ජනප්‍රිය ගායිකා කේ. සුජීවා, ක්ලබ් වසන්තගේ බිරිඳ ඇතුළු සිව් දෙනකු බරපතල තුවාල ලැබීය.

Continue Reading

පුවත්

ආගමික ස්ථානවලට ලබා දී ඇති ආරක්ෂාව ඉවත් කර නැහැ – ආරක්ෂක අමාත්‍යංශය

Published

on

By

ආගමික ස්ථානවලට ලබා දී තිබෙන ත්‍රිවිධ හමුදා ආරක්ෂාව සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සාමාජිකයින්ගේ ආරක්ෂාව ඉවත්කර ඇති බවට පළවන පුවත් ප්‍රතික්ෂේප කරන බව ආරක්ෂක අමාත්‍යංශය පවසයි. 

අද (03) පස්වරුවේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ආරක්ෂක අමාත්‍යාංශයේ අධ්‍යක්‍ෂ, මාධ්‍ය හා මාධ්‍ය ප්‍රකාශක කර්නල් එම්. බී. බී. නලින් හේරත් මහතා මේ බව පැවසීය.

ප්‍රධාන පෙළේ පුවත්පතක සහ සමාජ මාධ්‍යවල මෙම අසත්‍ය පුවත පළකර ඇති බවත්, එම තොරතුරු සියල්ල X පණිවුඩයක් මගින් මේ වනවිටත් ප්‍රතික්ෂේප කර ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

සබැඳි පුවත්

Continue Reading

ක්‍රීඩා

හොංකොං සික්සස් ශූරතාව ලංකාවට

Published

on

By

හොංකොං සික්සස් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ලහිරු මධුසංකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම අද (03) සමත් විය.

අවසන් මහා තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායමට පන්දුවාර 3.5කදී සියලුදෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 72ක් පමණි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රාහී ඉලක්කය කඩුලු 3ක් දැවී තිබියදී තරගයේ 5වැනි පන්දුවාරයේදී පසුකර යාමට සමත්විය.

මේ තරග ඉතිහාසයේ ශ්‍රී ලංකා කණ්ඩායමක් ශූරතාව දිනාගත් දෙවැනි අවස්ථාව මෙය වන අතර 2007 වසරේදී මීට පෙර ශූරතාව දිනා ගැනීමට සමත්විය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved