Connect with us

පුවත්

ඩයනාට එරෙහි නඩු හතක සාක්ෂිකරුවන්ට නොතීසි

Published

on

හිටපු අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් පවරන ලද නඩු හතක සාක්ෂි විභාගය ලබන 24 වැනි දින පවත්වන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (15) නියෝග කලේය.

ආගමික හා විගාමික පනත උල්ලංඝනය කරමින් ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීම හා වලංගු වීසා බලපත්‍ර නොමැතිව ශ්‍රී ලංකාව තුළ රැඳී සිටීම යන චෝදනා යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව අදාළ නඩු පවරා තිබේ.

සාක්ෂි විභාගය ලබන 24 වැනි දින පවත්වන ලෙසත් සාක්ෂිකරුවන්ට එදින පෙනී සිටින ලෙසත් මහේස්ත්‍රාත්වරයා එහිදී නියෝග කලේය.

ආගමන විගමන පාලක ජනරාල්වරයාට හා කොළඹ මහාධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ භාරකාරවරයාට මෙසේ නොතීසි නිකුත් කරනු ලැබුවේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මෝසමක් ඉදිරිපත් කරමින් සාක්ෂිකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙස කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව  මහේස්ත්‍රාත්වරයා මෙම නියෝග නිකුත් කලේය.

හෝකන්දර පදිංචි ඩයනා ගමගේ හෙවත් නයනා සමන්මලී හෙවත් ඩයනා නතාෂා කැකුණදුර යන අය විත්තිකාරිය කරමින් මෙම නඩු හත පවරා තිබේ.

ඊයේ දිනයේ මෙම නඩු කැඳවූ අවස්ථාවේදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා ආගමන විගමන පාලක ජනරාල්වරයාට හෝ ඔහුගේ නියෝජිතයෙකුට, මහාධිකරණ නඩු භාණ්ඩ කාමරයේ භාරකාරවරයාට, නඩුවේ පළමු සාක්ෂිකරු ලෙස නම් කර ඇති පැමිණිලිකරුට ඔක්තෝබර් 24 වන දින උසාවියේ පෙනී සිටින ලෙසට නොතීසි නිකුත් කලේය.

ඒ අනුව,  මෙම නඩු විභාගය ලබන 24 දින සිදු කිරීමට නියමිතය.

පුවත්

වනාතවිල්ලුව ප්‍රා.ස රැස්වීම පැවැත්වීම අධිකරණයෙන් වළක්වයි

Published

on

By

වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාව සඳහා හෙට දින පැවත්වීමට නියමිත සභා රැස්වීම පැවැත්වීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

ඉකුත් පළාත් පාලන ඡන්ද විමසීමේදී අදාළ ප්‍රාදේශීය සභාව සඳහා තරග වැදුණු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කණ්ඩායම් නායක සමන්ත මුණසිංහ මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා විසින් මෙම නියෝගය නිකුත් කළේය.

ඉන් අනතුරුව වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙස නියෝග කළ විනිසුරුවරයා පෙත්සම යළි ජූලි මස 16 වනදා කැඳවන ලෙසත් නියම කර ඇත.

පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනීසිටි නීතිඥ සමන් ගලප්පත්ති මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් අදාළ ප්‍රාදේශීය සභාවේ එක් එක් පක්ෂ ලැබූ ඡන්ද සංඛ්‍යාව අනුව කාන්තා නියෝජනයට අදාළ මන්ත්‍රී ධූර වෙන් කිරීමේදී තම පක්ෂයට දැඩි අසාධාරණයක් සිදුව ඇති බවය.

එහිදී  අදාළ මන්ත්‍රී ධුර වෙන් කිරීමේදී තේරීම් භාර නිලධාරියා ගනු ලැබූ තීරණය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත් ඒ පිළිබඳව මැතිවරණ කොමිසමට ලිඛිතව පැමිණිලි කර සිටියද ඔවුන්ගෙන් මේ දක්වා කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැති බවත් නීතිඥවරයා පෙන්වා දුනි.

ඒ අනුව, වගඋත්තරකාර තේරීම් භාර නිලධාරියාගේ නීතිවිරෝධී තීරණය මත මෙම ප්‍රාදේශීය සභාවේ සභා රැස්වීම පවත්වනු ලැබුවොත් ඉන් දැඩි අගතියක් සිදුවන බවත් ඒ අනුව මෙම පෙත්සම විභාගයට ගැනීමට අවසර දී ඉල්ලා තිබෙන අතුරුතහනම් නියෝග නිකුත් කරන ලෙසත් නීතිඥවරයා වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මෙහිදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනීසිටි රජයේ නීතිඥවරයා සඳහන් කර සිටියේ අදාළ ප්‍රාදේශීය සභාවේ මංගල රැස්වීම පැවැත්වීම වළක්වාලමින් අතුරුතහනම් නියෝගයක් නිකුත් කරනු ලැබූව ඒ තුළින් එම ආයතනය හරහා සිදුවීමට නියමිත මහජන සේවාවලට දැඩි අගතියක් සිදුවන බවය.

ඒ අනුව පෙත්සමෙන් ඉල්ලා තිබෙන අතුරු තහනම් නියෝගය නිකුත් නොකරන ලෙසත් රජයේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකාබැලූ විනිසුරුවරයා අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබූ  වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාව භාර තේරීම් භාර නිලධාරියා සහ වයඹ පළාතේ පළාත් පාලන කොමසාරිස් යන අය වෙත මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කරනු ලැබීය.

Continue Reading

පුවත්

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

Published

on

By

ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතා අද (23) පෙරවරුවේ අල්ලස් කොමිසම හමුවට පැමිණ තිබේ.

ඒ අල්ලස් කොමිසම විසින් සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහාය.

ඒ අනුව අද පෙරවරු 10.00ට පමණ පැමිණි ඔහු මේ වන විටත් ප්‍රකාශ ලබා දෙමින් සිටින බවද වාර්තා වේ. 

Continue Reading

පුවත්

සියලු බන්ධනාගාර ප්‍රධානීන්ව කොළඹට කැඳවයි

Published

on

By

දිවයිනේ සියලු බන්ධනාගාර ප්‍රධානීන් කොළඹට කැඳවා විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.

අද(23) උදෑසන 8.30ට අධිකරණ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයේදී මෙම සාකච්ඡාව පැවැත්විණි.

පැය දෙකකට අධික කාලයක් එම සාකච්ඡාව පවත්වා තිබේ.

දිවයිනේ සියලු බන්ධනාගාර අධිකාරිවරුන්, කොමසාරිවරුන් මෙන්ම සහකාර කොමසාරිස්වරුන් මෙම සාකච්ඡාව සඳහා එක්ව සිටියහ.

වර්තමානයේ බන්ධනාගාර තුළ මතුව ඇති අර්බුදකාරී තත්ත්වයන් සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා වී ඇත.

බන්ධනාගාර ආශ්‍රිත ඉදිරි කටයුතු පිළිබඳව ද අමාත්‍යවරයා මෙහිදී පැමිණි නිලධාරීන් දැනුවත් කර තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved