Connect with us

පුවත්

ඩයනා ට විදෙස් ගමන් තහනමක්

Published

on

ආගමන විගමන නීති උල්ලංගණය කරමින් විදේශ ගමන් බලපත්‍රයක් සකස් කළේ යැයි කියන රාජ්‍ය අමාත්‍යවරියක වූ ඩයනා ගමගේ මහත්මියගේ විදෙස් ගමන් තහනම් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා අද (11) නියෝගක් නිකුත් කළේය.

මෙම තහනම මේ මස 17 වනදා තෙක් සිට බලපැවැත්වෙන පරිදි නිකුත් කර ඇත.

මෙම නියෝගය ආගමන විගමන පාලකවරයා වෙත ෆැක්ස් මගින් දැනුම් දීමට ද මහේස්ත්‍රාත්වරයා අධිකරණ රෙජිස්ටාර්වරයාට නියම කළේය.

(ලංකාදීප)

Continue Reading

පුවත්

කොළඹ පුරපති තෝරන ඡන්දය ලබන 02 වැනිදා

Published

on

By

කොළඹ මහ නගර සභාවේ පුරපති සහ නියෝජ්‍ය පුරපති තේරීම සඳහා ඡන්ද විමසීම එළැඹෙන ජූනි මාසයේ 2 වැනිදා පැවැත්වීමට නියමිතය.

මෙම ඡන්ද විමසීම පළාත් පාලන කොමසාරිස්වරයා විසින් පවත්වනු ලබයි.

මෙවර කොළබ නගර සභාවට පුරපති ධූරය සහ නියෝජ්‍ය පුරපති ධූරයට සුදුස්සන්  මෙලෙස මෙසේ ඡන්දයකින්  තෝරා ගැනීමට සිදුව ඇත්තේ කිසිම තනි  පක්‍ෂයක් 50%කට වඩා ඡන්ද ප්‍රතිශතයක් ලබාගැනීමට අපොහොසත් වීම හේතුවෙනි.

පළාත් පාලන කොමසාරිස්වරයා පවත්වන  ඡන්ද විමසීමේදී    50% කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබාගන්නා ආණ්ඩුවේ හෝ විපක්ෂයේ අපේක්ෂකයාට  නගරාධිපතිවරයා වීමේ හැකියාව පවතී.

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී කොළඹ මහනගර සභාවට ජාතික ජන බලවේගයෙන්  තේරී පත් වූ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 48කි.

සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයෙන් එම සභාවට සභිකයෝ 69 දෙනෙක් තේරී පත් වූහ.

මේ අනුව කොළඹ නගර සභාවට වැඩි සභිකයන්  සංඛ්‍යාවක් මෙවර පත්ව ඇත්තේ විපක්ෂයෙනි.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

සුපිරි හෝටල්වලත් බාර් වැසීමෙන් විදෙස් සංචාරකයෝ අමාරුවේ

Published

on

By

වෙසක් උත්සවය නිමිත්තෙන් දින 03ක් (මැයි 12,13 හා 14) සියලුම සුරාසැල් වසා තැබීමට ගත් තීරණය හේතුවෙන් පිරිසක් අපහසුතාවයට ලක්වීමක් සේම රටට සුවිශාල ආදායම් අහිමි වීමක් ගැන දිවයින පුවත්පත වාර්තා කර තිබේ.

මෙම සුරාසැල් වසා තැබීමට ගත් තීරණය හේතුවෙන් විදේශිකයන්ට ද ඔවුන් නවාතැන් ගෙන සිටින සුපිරි හෝටල්වලින් මත්පැන් නිකුත් කර නොමැතිවීමෙන් ඔවුන් අපහසුතාවට පත්වී ඇති බවට වාර්තා වේ.

මෙලෙස සුරාසල් දිනක් වසා තැබීමෙන් රුපියල් මිලියන 800ත් 1000ත් අතර ආදායමක් රජයට අහිමි වන බව ද පැවසේ.

තරු පන්තියේ හෝටල්වල නේවාසිකව සිටින විදෙස් සංචාරකයන්ට ද මත්පැන් නිකුත් කළ නොහැකි ආකාරයෙන් මෙවර එම තීරණය ගැනීම සම්බන්ධයෙන් සංචාරක මණ්ඩලයේ ඉහළ නිලධාරියකු සුරාබදු දෙපාර්තමේන්තුවට අප්‍රසාදය පළකර තිබේ.

තම දෙපාර්තමේන්තුවේ උපදෙස් මත එවැනි තීරණයක් නොගත් බවත්, එවැනි තීරණයක් ගැනීමට පෙර සුරාබදු දෙපාර්තමේන්තුවෙන් විමසීමක් නොකළ බවත් සංචාරක මණ්ඩලයේ ඉහළ නිලධාරියාට සුරාබදු දෙපාර්තමේන්තුව විසින් දැනුම් දී ඇත.

මීට පෙර වර්ෂවල තරු පන්තියේ හෝටල්වල නේවාසිකව සිටින විදෙස් සංචාරකයන්ට පමණක් මත්පැන් ලබාදීම සිදුවිය.

මෙවර කැබිනට් තීරණයක් මත සුරාසල් වසා දැමීම හේතුවෙන් සුරාබදු දෙපාර්තමේන්තුවට කිසිවක් කළ නොහැකි වී තිබේ.

සුරාසල් අද (14) එනම් එක් දිනක් වසා තැබීම නිසා රජයට රුපියල් මිලියන 800ත් 1000ත් අතර ආදායමක් අහිමි වන බවත් අද සුරාසල් වැසීමේ තීරණය පිළිබඳව අපහැදිලිතාවක් පවතින බවත් සුරාබදු දෙපාර්තමේන්තු අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.

මූලාශ්‍රය –  දිවයින

Continue Reading

පුවත්

සහාය දීම ගැන තාම තීරණයක් නැහැ

Published

on

By

විපක්ෂ කණ්ඩායම්වලට වැඩි බලයක් හිමි පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සඳහා සහාය දීම සම්බන්ධයෙන් මෙතක් තීන්දුවක් ගෙන නැතිබව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පවසයි.

ඔහු සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් ජනතාවගේ මතය පිළිබඳව තව කරුණු සොයා වැඩිදුර සාකච්ඡා කළ යුතුව ඇති බවය.

මේ ගැන තීන්දුවක් ගැනීමට දේශපාලන මණ්ඩලය ලබන සතියේදී නැවත වරක් රැස්වීමට නියමිත බව ද හෙතෙම සඳහන් කළේ ය.

ලබන සතියේදී පමණ රැස්වන දේශපාලන මණ්ඩලය ඒ සම්බන්ධයෙන් තීන්දුවක් ගන්නා බවද මහ ලේකම්වරයා පැවසීය.

පසුගිය සතියේදී ද පක්ෂයේ දේශපාලන මණ්ඩලය පක්ෂයේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජාපක්ෂගේ ප්‍රධානත්වයෙන් රැස්වූ නමුත් එදින මේ සම්බන්ධයෙන් තීරණයක් ගෙන නොතිබුණි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved