Connect with us

පුවත්

ඩ්‍රයිවින් ලයිසන් මුද්‍රණයට මෙෂින් 3ක් ගෙනත්

Published

on

මුද්‍රණ යන්ත්‍ර නොමැති වීමෙන් නිකුත් කිරීමට නොහැකිව ගොඩගැසී ඇති රියදුරු බලපත්‍ර සියල්ල ඉදිරි මාස 06 තුළදී නිකුත් කිරීමට හැකිවන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා කියයි.

මේ වනවිට ලක්ෂ 9කට ආසන්න රියදුරු බලපත්‍ර ප්‍රමාණයක් මුද්‍රණය කර ගත නොහැකිව ගොඩගැසී ඇති බව ඒ මහතා මාධ්‍යට පවසා ඇත.

පසුගිය සඳුදා දිනයේ දී රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමට අවශ්‍ය මුද්‍රණ යන්ත්‍ර තුනක් තමා වෙත ලැබුණු බවත් ඒ අනුව මේ සතියේ සිට මුද්‍රණ කටයුතු ආරම්භ කරන බවත් ඒ මහතා කියා සිටී.

වැඩිදුර අදහස් දක්වමින් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා මෙසේ කියා සිටී.

“රියදුරු බලපත්‍රවල ප්‍රශ්නේ තිබුණේ කාඩ් නොමැති වීම නෙමෙයි. පසුගිය කාලයේ ආර්ථික අර්බුදය සමග රටේ ඇති වූ තත්ත්වය හේතුවෙන් එල්සී විවෘත කරගන්න බැරිවෙලා කාඩ් ගෙන්න ගන්න බැරිවුණා. ඊට පස්සේ අපි කාඩ් ගෙනල්ලා තියෙනවා. නමුත් අපිට කාඩ් ප්‍රින්ට් කරන මැෂින්වල ප්‍රශ්නයක් තිබුණා. මේ සඳුදා තමා මට අලුත් මැෂින් තුන ආවේ. ඒකේ ප්‍රින්ටින් මේ සතියේ පටන් ගන්නවා. මම බලාපොරොත්තු වෙනවා මාස 6ක් තුළ මේ ගොඩගැහිලා තියෙන ටික ප්‍රින්ට් කරලා අවසන් කරන්න.”

ජාවාරම්කරුවන් විසින් රු 5,000ක මුදලක් ලබාදී රියදුරු බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් මේ වනවිට පැමිණිල්ලක් ලැබී ඇතැයි පැවසු නිශාන්ත අනුරුද්ධ මහතා, ඒ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස විමර්ශන ඒකකයට දැනුම්දුන් බවත් පවසයි.

පුවත්

මෙරට ප්‍රංශ තානාපති අභාවප්‍රාප්ත වෙයි

Published

on

By

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපතිවරයා රාජගිරිය ප්‍රදේශයේ පිහිටි සිය නිල නිවස තුළදී මියගොස් ඇති බව පොලීසිය පවසයි.

Jean Francois Pactet මහතා මියයන විට 53 හැවිරිදි වියේ පසුවිය.

දේහය සම්බන්ධයෙන් ස්ථානීය මහෙස්ත්‍රාත් පරීක්ෂණය සිදුකිරීමට නියමිතව ඇත.

Continue Reading

කලා

ආනන්ද පෙරේරා දිවිගමනට සමුදෙයි!

Published

on

By

මෙරට ප්‍රවීණ සංගීතඥයෙකු හා ගායකයකු වූ ආනන්ද පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඒ මහතා 67 හැවිරිදි වියේ පසුවිය.

මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇත.

මෙරට අතිශය ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වූ සිහශක්ති සංගීත කණ්ඩායම මෙහෙයවනු ලැබුවේ ඔහු විසිනි.

Continue Reading

පුවත්

“රාජපක්ෂලා එක්ක ඩීල් නොදැම්මේ සජබ විතරයි”

Published

on

By

රට විනාශ කළ රාජපක්ෂවරුන් සමග ඩිල් නොදැමූ එකම පක්ෂය සමගි ජන බලවේගය පමණක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

ඔහු මෙම අදහස් පල කළේ, සජිත් ජනපති කරන, ජන බලය ගොඩ නගන ජන පවුර යන මැයෙන් සමගි ජන බලවේගය සංවිධාන කළ ජන රැළියට පොළොන්නරුව – කදුරුවෙළ නගරයේදී ඊයේ (25) එක්වෙමිනි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වූ නන්දසේන හේරත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිලක් මහලේකම් සහ ජනතා විමුක්ති පෙරමුණේ පොළොන්නරුව මහ නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රී සමන්ත බණ්ඩාර විපක්ෂ නායක සජිත්ප්‍රේමදාසට සහය පළ කරමින් මෙහිදී සමගි ජන බලවේගය සමග එක්විය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුලු සමගි ජන බල වේගය නියෝජනය කරන විශාල පිරිසක් මෙම රැලිය සඳහා එක්ව සිටියහ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved