Connect with us

පුවත්

ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධනයට නව වැඩපිළිවෙ‌ළක්

Published

on

ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධනය කිරීමේ විශේෂ වැඩපිළිවෙ‌ළක් හඳුන්වා දී ඇති බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය පවසයි.

නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සඳහන් කළේ, නෝට්ටු භාවිතයෙන් සිදු කරන ගනුදෙනු සඳහා වාර්ෂික දළ දේශීය නිෂ්පාදිතයෙන් 1ත් 1.5 % ක් පමණ වැය වන බවය.

එසේම නෝට්ටු මගීන් ගෙවීම් කිරීමේදී වංචා හා දූෂණ ඉහළ යාමට මෙන්ම ගෙවීම්වල කාර්යක්ෂමතාවයේද ගැටලු රැසක් ඇතිවන බව ඔහු පෙන්වා දෙයි.

නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ , ඒ අනුව රාජ්‍ය ආයතනවලට සිදු කරන සියලු ගෙවීම් ඩිජිටල්කරණයට සැලසුම් කර ඇති බවය.

GOVPAY(ගවුපේ) යෙදවුම හරහා ඒ සඳහා පහසුකම් සලසා ඇති අතර ඊට රාජ්‍ය ආයතන 16 ක් මේ වනවිට සම්බන්ධ වී ඇති බව ඔහු ප්‍රකාශ කලේය.

ජනවාරි මාසයේදී අනෙකුත් රාජ්‍ය ආයතනද එම යෙදවුම හා සම්බන්ධ කිරීමට නියමිතය.

ඒ අනුව රජයට කරන සියලු ගෙවීම් ඩිජිටල්කරණය කෙරෙනු ඇත.

නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ මේ තුළින් කාර්යක්ෂමතාව ඉහළ නැංවෙන බවය.

මීට අමතරව මිනිස් ශ්‍රමය අවම වීම, අක්‍රමිකතා හා දූෂණ ක්‍රියා තුරන්ව යාම මෙන්ම ජනතාවට වඩාත් පහසු සේවාවක් සලසා ගැනීමටද ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධනයෙන් හැකියාව ලැබෙන බව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා ප්‍රකාශ කලේය..

පුවත්

මීනගයා පීලි පනී

Published

on

By

කොළඹ කොටුව සිට මඩකලපුව දක්වා ධාවනය වූ අංක 6079 දරණ මීනගයා නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රිය පීලි පැනීමකට ලක්ව තිබේ.

හතරැස් කොටුව සහ හබරණ දුම්රිය ස්ථානයන් අතර දී මෙලෙස දුම්රිය පීලි පැනීමකට ලක්ව ඇත්තේ වනඅලියෙකු දුම්රියේ ගැටීම හේතුවෙන් බව ද වාර්තා වේ.

Continue Reading

පුවත්

අදත් තද වැසි

Published

on

By

නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යම සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, පුත්තලම, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 75 පමණ තරමක තද වැසි ඇතිවිය හැකිය.

උතුරු සහ උතුරු-මැද පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවන අතර නැගෙනහිර පළාතේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

වයඹ, උතුරු-මැද, උතුරු, මධ්‍යම සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.

Continue Reading

පුවත්

ජනපති හා කොළඹ මහනගර සභාවට තේරුණ ස්වාධීන කණ්ඩායම් අතර සාකච්ඡාවක් 

Published

on

By

මෙවර පළාත් පාලන ආයතන ඡන්දයෙන් කොළඹ මහ නගර සභාවට තරගකර තේරී පත්වූ ස්වාධීන කණ්ඩායම් මෙන්ම කුඩා කණ්ඩායම්වල සභිකයින් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර සාකච්ඡාවක් පවත්වා තිබේ.

ඒ ඊයේ (19) පස්වරුවේදීය.

ජාතික ජන බලවේගයේ පැලවත්ත පක්ෂ මූලස්ථානයේදී මෙම සාකච්ඡාව පවත්වා ඇතැයි පැවසේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved