Connect with us

පුවත්

ණය පමා කිරීමට චීනය එකඟයි!

Published

on

ණය බරින් පීඩිත වී සිටින ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක ණය මුදල ලබා ගැනීම සඳහා චීනයද මූල්‍ය සහතික ලබා දෙන බව ප්‍රකාශයට පත් කර තිබේ.

ශ්‍රී ලංකාවේ ණය ආපසු ගෙවීම වසර දෙකක කාලයක් අත් හිටුවන බවත් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක විස්තීරණ ණය මුදල ලබා ගැනීමට අවශ්‍ය මූල්‍ය සහතික ලබා දෙන බවත් පවසමින් ලිපියක් චීනය ශ්‍රී ලංකාවට ලබා දී ඇති බව ආරංචි මාර්ග උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා කර ඇත.

ඉන්දියාව ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියට නිල වශයෙන් සහාය ලබා දෙන බව ඉකුත් 16 වැනිදා ලිඛිතව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට දැනුම් දී තිබිණි.

ශ්‍රී ලංකාව චීනයට ගෙවීමට ඇති ණය කෙටි කාලීනව අත් හිටුවීමට චීනය තීරණය කර ඇති බවත්, මධ්‍ය කාලීන සහ දිගු කාලීන සැලැස්මක් ක්‍රියාවට නැංවීම සඳහා ශ්‍රී ලංකා ණයහිමියන් එකතු වනු ඇතැයි චීනය අපේක්ෂා කරන බවත් ශ්‍රී ලංකා බලධාරීන් ප්‍රකාශ කළ බවස එම වාර්තා අතර තිබේ.

මූලාශ්‍රය – එන්.ඩී.ටීවී | ද සන්ඩේ ටයිම්ස්

පුවත්

යෝෂිත පොලීසියට එයි

Published

on

By

යෝෂිත රාජපක්ෂ මහතා සහ ඔහුගේ බිරිඳ අද (25) උදෑසන කොම්පඤ්ඤ වීදිය පොලීසියට පැමිණ තිබේ.

ඒ පසුගිය දා කොම්පඤ්ඤ වීදිය ප්‍රදේශයේ පිහිටි රාත්‍රි සමාජ ශාලාවක ඇති වූ ගැටුම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහාය.

එම ගැටුමට අදාළව යෝජිත රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන් තිදෙනෙක් පොලීසිය විසින් හඳුනාගෙන ඇති අතර, අදාළ මත ගැටුම හේතුවෙන් එහි සිටි ආරක්ෂක නිලධාරියෙකුට පහරදීමට ලක්ව තිබුණි.

තුවාල ලැබූ ආරක්ෂක නිලධාරියා මේ වනවිට කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටී.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට දෙහිවල, අත්තිඩිය, තිඹිරිගස්යාය ප්‍රදේශයන්හි පදිංචිකරුවන් පොලීසිය විසින් හඳුනාගෙන ඇත.

එමෙන්ම මෙම සැකකරුවන් මේ වන විට ප්‍රදේශයෙන් පලාගොස් ඇතැයිද පොලීසිය පවසයි.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

හදිසි ජල කප්පාදුවක්

Published

on

By

ප්‍රදේශ කිහිපයක හදිසි ජල කප්පාදුවක් සම්බන්ධව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කර තිබේ.

එම මණ්ඩලය පවසන්නේ, ඒ අනුව බියගම ජල පවිත්‍රාගාරයේ පවතින විදුලි බල මණ්ඩලය සතු පද්ධතියේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් එළැඹෙන 27 වැනි බ්‍රහස්පතිදා දිනයේදී පෙරවරු 08.30 සිට පස්වරු 05.00 දක්වා එම ජල පවිත්‍රාගාරයට ජලය සැපයීම අත්හිටුවනු ඇති බවය.

ඒ අනුව පැය 8 1/2ක් ජල සැපයුම අත්හිටුවනු ඇත.

පෑලියගොඩ, වත්තල, ජා ඇල, කටුනායක, සීදුව නගර සභා බල ප්‍රදේශ‍, කැලණිය, වත්තල, බියගම, මහර, දොම්පේ, කටාන, මිනුවන්ගොඩ සහ ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයන් සඳහා ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සිය නිවේදනයේ සඳහන් කර තිබේ.

Continue Reading

පුවත්

දේශබන්දුට තුන් වේලටම ගෙදරින් කෑම

Published

on

By

බන්ධනාගාර ගතව සිටින සේවය අත්හිටවනු ලැබූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට ආහාර නිවසෙන් ගෙනඒම සඳහා අවසර ලබාදී තිබේ.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණි බී. දිසානායක මහතා සඳහන් කළේ ඊයේ (24) දිනයේ සිට අදාළ අවසරය ලබා දී ඇති බවය.

වැලිගම ප්‍රදේශයේ හෝටලක් අසල සිදුවූ වෙඩිතැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නිකුත් කර සිටි දේශබන්දු තෙන්නකෝන් මහතා එම නියෝගයෙන් දින 20කට පසුව අධිකරණයට බාරවිය.

එහිදී මාතර මහෙස්ත්‍රාත්වරයා විසින් අප්‍රේල් 3 වනදා වන තෙක් ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කරන ලදී.

රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු දේශබන්දු තෙන්නකෝන් මහතා මහනුවර දුම්බර බන්ධනාගාරයට ඇතුළත් කළ අතර එහිදී තමාගේ ආහාරවේල නිවසෙන් ගෙන ඒමට අවසර ලබාදෙන ලෙස ඉල්ලීමක් කර තිබුණි.

අදාළ ඉල්ලීම සලකා බැලූ බන්ධනාගාර දෙපාර්තමේන්තුව ඔහුට නිවසෙන් ආහාර ගෙන ඒමට අවසර ලබාදී ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කලේය.

ඒ අනුව වේල් තුන සඳහාම දේශබන්දු තෙන්නකෝන් මහතාට නිවසෙන් ගෙන එන ආහාර ලබා ගැනීමට අවස්ථාව හිමිව තිබේ.

සබැඳි පුවත්

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved