Connect with us

පුවත්

ත්‍රස්තවාදී ක්‍රියාවලට චෝදනා ලැබු 02ක් අසාදු ලේඛනයෙන් ඉවතට

Published

on

ත්‍රස්තවාදය හා ඊට සම්බන්ධ ක්‍රියාකාරකම්වලට ආධාර අනුබල දීම හේතුවෙන් අසාදු ලේඛනගත කර සිටි පුද්ගලයින් 02ක් එම ලැයිස්තුවෙන් ඉවත් කිරීමට ආරක්ෂක අමාත්‍යංශය පියවර ගෙන තිබේ.

ඊයේ (23) දින සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ ඉවත් කිරීම සිදුකර ඇති බව වාර්තා වේ.

ඒ අනුව නික්ලාපිල්ලේ ඇන්තනී එමිල් ලක්ෂ්මි කාන්දන් හෙවත් රමේෂ් යන පුද්ගලයා හා මුරුගේසු ශ්‍රී සන්මුගරාජා යන පුද්ගලයන් අසාදු ලේඛනයෙන් ඉවත් කිරීමට පියවර ගෙන ඇත‍.

තවද නික්ලාපිල්ලේ ඇන්තනී එමිල් ලක්ෂ්මි කාන්දන් හෙවත් රමේෂ් යන පුද්ගලයාට එරෙහිව අන්තර්ජාතික පොලීසිය විසින් රතු නිවේදනයක් ද නිකුත් කර ඇත.

ත්‍රස්තවාදය හා ඒ හා සම්බන්ධ ක්‍රියාවලට ආධාර අනුබල ලබාදීමේ චෝදනාව මත 2014 වසරේ සිට මොවුන් දෙදෙනා අසාදු ලේඛන ලැයිස්තුවට ඇතුළත් කර තිබුණි.

පුවත්

සජබේ අවුලක්: තවත් තිදෙනෙක් ඉල්ලා අස්වෙයි

Published

on

By

ජාතික සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික්කයේ ආසන සංවිධායකවරුන් තිදෙනෙකු අද (24) සිට සිය ආසන සංවිධායක ධූරවලින් ඉවත් වීමට තීරණය කර තිබේ.

මෙසේ ආසන සංවිධායක ධූරවලින් ඉවත්ව ඇත්තේ, මාතලේ ප්‍රධාන සංවිධායක වසන්ත අලුවිහාරේ, දඹුල්ල ප්‍රධාන සංවිධායක චම්පික විජේරත්න සහ රත්තොට ආසන සංවිධායකවරයා වන රජිත් අලුවිහාරේ යන තිදෙනාය.

හිටපු රාජ්‍ය අමාත්‍යය රජිත් අළුවිහාරේ මහතා පවසන්නේ, ඔවුන් තිදෙනාම සමගි ජන බලවේගයේ ආසන සංවිධායක ධූරවලින් ඉල්ලා අස්වීමේ ලිපි භාරදීමට නියමිත බවය.

දිගින් දිගටම පක්ෂය මගින් සිදු කරන ලද විවිධ කෙනෙහිලි කම් නිසා මෙම තීරණය ගත් බවත් තවත් බොහෝ පිරිසක් මේ ආකාරයෙන් තම ආසන සංවිධායක ධූරවලින් විසිහතර දින ඉල්ලා අස්වීමේ ලිපි භාරදීමට නියමිතව තිබෙන බවත් රජිත් අලුවිහාරේ මහතා පවසා තිබේ.

Continue Reading

පුවත්

විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්

Published

on

By

අද (24) සහ හෙට (25) දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය හා 2024 සාමාන්‍ය පෙළ සෞන්දර්ය ප්‍රායෝගික පරීක්ෂණවලට පෙනී සිටින සිසුන්ට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් විශේෂ දැනුම් දීමක් කර තිබේ.

විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත්තේ යම් සිසුවෙකුට එම විභාග දෙකටම එකම දිනයකදී පෙනි සිටීමට සිදුව ඇත්නම්, ඔවුන්ට අ.පො.ස. සාමාන්‍යපෙළ ප්‍රායෝගික පරීක්ෂණ සඳහා වෙනත් දිනයක් ලබා ගත හැකි බවය.

ඒ සඳහා තමන් වෙත ලැබී ඇති ප්‍රවේශ පත්‍රය සහ දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය සඳහා නිකුත් කරන ලද ප්‍රවේශ පත්‍රය හෝ එහි සහතික කළ පිටපතක් ලබන අඟහරුවාදාට පෙර අදාළ අධ්‍යාපන කලාපයේ සෞන්දර්ය අධ්‍යාපන අධ්‍යක්ෂ වෙත ඉදිරිපත් කළ යුතු බව ද ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

Continue Reading

පුවත්

නිළි රැජිනගේ අවසන් කටයුතු අනිද්දා

Published

on

By

හෙළ සිනමාවේ නිළි රැජින අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පිනී මාලිනී ෆොන්සේකා මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව එළැඹෙන 26වනදා කොළඹ නිදහස් චතුරශ්‍රයේදී සිදුකිරීමට නියමිතව ඇත

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved