Connect with us

පුවත්

ත්‍රිරෝද රියදුරුට වද දුන් කතුන් දෙදෙනෙක් ඇතුළු 11ක් මාට්ටු

Published

on

වවුනියාව ප්‍රදේශයේ ත්‍රිරෝද රථ රියදුරකු පැහැරගෙනගොස් යාපනය කෝපායි හි නිවසක රඳවා වද හිංසා කරමින් සිටි කාන්තාවන් දෙදෙනකු ඇතුළු 11 දෙනකු අත්අඩංගුවට ගත් බව යාපනය පොලිසිය කියයි.

නිවසක රඳවා සිටින පුද්ගලයකුට පහරදෙමින් වද හිංසා කරන බවට පොලිසියට ලැබුණ බුද්ධි තොරතුරක් මත යාපනය පොලිස් අපරාධ විමර්ශන ඒකකය හා පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකළ වැටලීමකදී  සැකකරුවන් පිරිස හා පැහැරගත් ත්‍රිරෝද රථ රියදුරු නිවසේ කාමරයක් තුල බැඳ දමා සිටියදී සොයාගත් බව පැවසීය.

පැහැරගැනීමෙන් අනතුරුව දැඩිලෙස පහරකා බරපතල තුවාල ලබා සිටි වවුනියාව, පූවරසකුලම්  පදිංචි නිල්ලනාදන් සුමන් නැමති 35 හැවිරිදි තිරෝද රථ රියදුරු ප්‍රතිකාර සඳහා යාපනය ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කොට ඇති බවත් පැවසේ.

පොලිසිය පැවසූයේ තිරෝදරථ රියදුරු විදේශ රටකට යවන බව පවසා පැහැරගැනීමට සම්බන්ධ එක් කාන්තාවකගෙන් රුපියල් මිලියනයක මුදලක් ලබාගෙන ඇති අතර එම මුදල් ඉල්ලා සිටි අවස්ථාවේ ගෙවීම පැහැරහැරීම හේතුවෙන් මෙම පැහැරගැනීම සිදුකර ඇති බවට මුලික විමර්ශනවලදී අනාවරණයවූ බවත් පොලිසිය පැවසීය.

අත්අඩංගුවටගත් කාන්තාවන්  දෙදෙනා උදෑසන කුලී ගමනක් යෑම සඳහා ත්‍රිරෝද රථ රියදුරුට වවුනියාව නගරයට පැමිණෙන ලෙස දන්වා සිට ඇති අතර එලෙස පැමිණෙමින් සිටියදී වෑන් රථයකින් පැමිණ ඇති සැකකරුවන් පිරිස සමඟ කාන්තාවන් දෙදෙනා මෙම පැහැරගැනීම සිදුකොට ඇති බවට පොලිසිය පැවසීය.

පැහැර ගැනීම සඳහා යොදාගත් වෑන් රථය හා තවත් යතුරු පැදි තුනක් අත්අඩංගුවටගත් අතර සැකකරුවන් ත්‍රිරෝද රථ රියදුරු වෙනත් ප්‍රදේශයකට රැගෙනයාමට සූදානම් කොට සිටි බවත් පොලිසිය පැවසීය.

ත්‍රිරෝද රථ රියදුරුට මුදල් ලබාදුන් බවට සැකකාර කාන්තාවන් දෙදෙනා හට කිසිදු සාක්ෂියක් නොමැතිවීම හේතුවෙන් මෙම පැහැරගැනීම සිදුකොට ඇති බවත් පහරදී වද හිංසා කර මුදල් ලබාදුන් බවට ලිපි සකස් කරගැනීම හා මුදල් ලබාගැනීමට සැකකරුවන් උත්සහකොට ඇති බවට  විමර්ශනවලදී අනාවරණයවූ බවත් කීය.අත්අඩංගුවටගත් සැකකරුවන් කෝපායි පදිංචි 20ත් 40 අතර වයසේ පසුවන්නෝ වෙති.

(ලංකාදීප)

පුවත්

ණය බර තවත් ඉහල ගිහින්

Published

on

By

ශ්‍රී ලංකාවේ විදේශීය ණය බර 2023 වසරට සාපේක්ෂව 2024 දී ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දී තිබේ.

 2023 වසරේදී මෙරට විදේශීය ණය බර ඇමෙරිකානු ඩොලර් බිලියන 63.4 කි.

එහෙත් 2024 දී ශ්‍රී ලංකාවේ විදේශීය ණය බර ඇමෙරිකානු ඩොලර් බිලියන 68 ක් දක්වා ඩොලර් බිලියන 5 කින් හෙවත් ඩොලර් කෝටි 500 කින් පමණ ඉහළ ගොස් තිබේ.

මෙලෙස විදේශ ණය බර ඉහළ ගොස් ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව සහ ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාවට සපයන ලද විදේශීය ණය සහ වගකීම් ඉහළ යාම නිසා බවද මහ බැංකුව වැඩිදුරටත් පවසයි.

මූලාශ්‍රය – දේශය

Continue Reading

පුවත්

වනජීවී අභ්‍යාසලාභීන්  3451කට ස්ථිර පත්වීම්

Published

on

By

වනජීවි දෙපාර්තමේන්තුවේ මේ වන විට සේවය කරන අභ්‍යාසලාභීන් 3451කට ස්ථීර පත්වීම් ලබාදී තිබේ . 

 ඔවුන්ව බහුකාර්ය සංවර්ධන පුහුණු අභ්‍යාසලාභීන් ලක්ෂයක් බඳවා ගැනීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ බඳවා ගෙන ඇත.

මීට අදාළව සංකේතාත්මකව ස්ථීර පත්වීම්ලාභීන් 50දෙනෙක්ට ඊයේ (13) පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැදි අතින් පත්වීම් ලබා දීම සිදුවිය.

එම අවස්ථාවේදී ඔහු කියා සිටියේ අලි මිනිස් ගැටුම අවම කර ගැනීම සදහා පත්වීම් ලබන්නන්ගෙන් ඉහළ දායකත්වයක් අපේක්ෂා කරන බවය. 

මේ වන විට දිවයින පුරා විදුලි වැට 437ක් ඉදිකර ඇති අතර එය කිලෝමීටර 5644ක් පුරා විහිදී පවති. 

එමෙන්ම විදුලිවැට බලගැන්වීමේ කුටි 647ක් ද ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

Continue Reading

පුවත්

පොලිස් ස්ථානවලට ප්‍රහාර එල්ලකරන බවට ඇමතුමක්

Published

on

By

උතුරේ පොලිස් ස්ථාන 10කට පමණ ප්‍රහාරයක් එල්ලකරන බවට කන්කසන්තුරේ පොලිස් ස්ථානයට නිර්ණාමික දුරකථන ඇමතුමක් ලැබී තිබේ.

අදාළ ඇමතුම පසුගිය ජූනි 11වනදා දහවල් 1.15ත් 1.20 අතර කාලය තුළ ලැබී ඇති බව සඳහන්ය.

 මේ වනවිට මේ සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ තිබේ.

කෙසේ වෙතත් උතුරේ පොලිස් ස්ථානවල ආරක්ෂාව සම්බන්ධයෙන් වැඩි සැලකිල්ලක් දක්වන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසා සිටියේය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved