Connect with us

පුවත්

තාරකී මරා දමා වසර 19 යි

Published

on

ඝාතනයට ලක්වූ දෙමළ මාධ්‍යවේදී ධර්මරත්නම් සිවරාම් මහතාගේ 19 වැනි ගුණ සමරුව මෙම සති අන්තයේ පැවැත්වීමට නියමිතය.

දිවයින පුරා සිටින මාධ්‍ය කණ්ඩායම් සහ සංවිධාන විසින් සංවිධානය කරන ලද සමරු උත්සවයක් අප්‍රේල් 28දා සවස 4.30 ට මඩකලපුව මහත්මා ගාන්ධි උද්‍යානයේ දී පැවැත්වේ.

2005 අප්‍රේල් 28 වැනි දින කොළඹ බම්බලපිටිය පොලිසිය ඉදිරිපිටදී පැහැරගත් තාරකී නමින් ප්‍රසිද්ධ වූ සිවරාම් මහතා, පැය කිහිපයකට පසු කොළඹ අධි ආරක්‍ෂිත කලාපයකදී මියගොස් සිටියදී සොයා ගන්නා ලදී. ඔහුගේ මිනීමරුවන් මේ දක්වා අල්ලාගෙන නැත.

පුවත්

මහ වැසි නිසා වත්තේගම – අකුරණ යටවේ

Published

on

By

මහනුවර සහ තදාසන්න ප්‍රදේශවලට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ අකුරණ සහ වත්තේගම යන නගර දෙක ජලයෙන් යටවීම හේතුවෙන් මහනුවර යාපනය ප්‍රධාන මාර්ගයේ (ඒ-09) අකුරණ නගරය සහ උකුවෙල මහනුවර මාර්ගය වත්තේගමින් ජලයෙන් යටවී ඇතැයි වාර්තා වේ.

මේ හේතුවෙන් වාහන ගමනාගමනයට බාධා ඇතිවී ඇති අතර, විකල්ප මාර්ග භාවිතා කරන ලෙස මහනුවර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මහජනයාගෙන් ඉල්ලා සිටියි.

Continue Reading

පුවත්

චීනයෙන් දුන් ආපදා සහන මුදල් මහා භාණ්ඩාගාරයට

Published

on

By

2024 වර්ෂයේ ජනවාරි මස 01 දින සිට ඔක්තෝම්බර් 30 දක්වා ස්වභාවික අපදා හේතුවෙන් හානි වූ නිවාස හා දේපළ සඳහා හානිපූර්ණය කිරීමට මහජන චීන සමූහාණ්ඩුවෙන් පිරිනමන ලද රුපියල් මිලියන 30ක පමණ මූල්‍යමය ප්‍රදානය භාණ්ඩාගාරය වෙත යොමු කර ඇත.

ස්වාභාවික ආපදා හේතුවෙන් හානියට පත් ජනතාවගේ නිවාස ප්‍රතිසංස්කරණය සඳහා ජාතික අයවැය දෙපාර්තමේන්තුවෙන් ආරක්ෂක අමාත්‍යාංශය වෙත අතිරේක මූල්‍ය ප්‍රතිපාදන වෙන් කර ඇති අතර, භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව එම මුදල් වහාම ක්‍රියාත්මක වන පරිදි ආරක්ෂක අමාත්‍යාංශය වෙත මුදා හැර තිබේ.

එම අතිරේක මූල්‍ය ප්‍රතිපාදන, ආපදාවලින් හානියට පත් වූවන් වෙනුවෙන් වෙන් කිරීමට සිදු වූයේ 2024 අයවැය ඇස්තමේන්තුව මඟින් ඒ සඳහා ප්‍රමාණවත් පරිදි ප්‍රතිපාදන වෙන් කර නොතිබූ බැවිනි.

තවද මහජන චීන සමූහාණ්ඩුවෙන් හදිසි මානුෂීය ආධාර වැඩසටහන යටතේ තවදුරටත් ලැබීමට ඇති යුවාන් මිලියන 10ක ද්‍රව්‍යමය ආධාර සහ භාණ්ඩ, ලද වහාම විධිමත් පරිදි ගිණුම්ගත කිරීමෙන් අනතුරුව බෙදා හැරීමට නියමිතය.

එසේම හානි වූ නිවාස හා දේපළ සඳහා වන්දි ගෙවීමද නිවාස ඉදිකිරීමේ හා ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩ කටයුතුද ආපදා සහන සහ අධීක්ෂණ ව්‍යාපෘතිය මඟින් කඩිනමින් ඉටු කිරීමට අවශ්‍ය කටයුතු යොදා තිබේ.

(ජනාධිපති මාධ්‍ය අංශය)

Continue Reading

පුවත්

සමාජ මාධ්‍යවල අධ්‍යාපනයට අමාත්‍යංශයෙන් සීමා

Published

on

By

කොවිඩ් වසංගත තත්වය පැවැති සමයේ පාසල් දරුවන්ට නිදහ​සේ පාවිච්චි කිරීමට අවස්ථා ලැබුණු සමාජ මාධ්‍යවල අහිතකර බලපෑම් දැන් දැන් වාර්තා වන බවත් ඒ පිළිබඳව අවදානය යොමු කරමින් සන්නිවේදන යෙදවුම් භාවිතයේදී සියලුම ගුරුවරුන් ඇතුළු පාර්ශවයන් වෙත සීමා පනවමින් අධ්‍යාපන, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශ විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

අමාත්‍යංශ ලේකම් ජේ. එම්. ටී ජයසුන්දර මහත්මිය ගේ අත්සනින් යුත්  එම චක්‍රලේඛය සියලූම විදුහල්පතිවරුන් ඇතුළු අධ්‍යාපන බලධාරීන් වෙත යොමු කර තිබේ.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved