Connect with us

පුවත්

තැපැල් ඡන්දෙ හෙට

Published

on

මෙවර ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු හෙට (04) ආරම්භ කිරීමට නියමිතව තිබේ.

හෙට දිනයේ දී දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කොමිෂන් සභාවේ කාර්යාල, ජ්‍යෙෂ්ඨ සහ නියෝජ්‍ය පොලිස්පති කාර්යාල, පොලිස් අධිකාරී සහ සහකාර පොලිස් අධිකාරී කාර්යාල, පොලිස් ස්ථාන, විශේෂ කාර්ය බළකා කඳවුරු, විශේෂ පොලිස් ඒකක සහ ප්‍රභූ ආරක්ෂක කොට්ඨාසය යන ස්ථානවල සේවය කරන කාර්ය මණ්ඩලවලට තැපැල් ඡන්ද සලකුණු කිරීමේ අවස්ථාව හිමිවෙන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කලේය.

හෙට දිනයට අමතරව අදාළ ස්ථානවල ලබන 6 වන දින ද තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා අවස්ථාව ලබාදී තිබේ.

ත්‍රිවිධ හමුදා කඳවුරුවල සහ සෙසු සියලුම රාජ්‍ය ආයතනවල සිටින කාර්ය මණ්ඩලය සඳහා තැපැල් ඡන්ද සලකුණු කිරීමේ අවස්ථාව හිමිවන්නේ සැප්තැම්බර් මස 05 සහ 06 යන දෙදින තුළය.

අදාළ දිනවල දී තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වන තැපැල් ඡන්ද හිමියන්ට සැප්තැම්බර් මස 11 සහ 12 යන දිනවලදී තමන්ගේ සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදී තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා අවස්ථාව සලසා දී තිබේ.

මෙවර ජනාධිපතිවරණය සඳහා තැපැල් ඡන්දදායකයින් 712, 319 දෙනෙකු සුදුසුකම් ලබා සිටින අතර වැඩිම තැපැල් ඡන්ද දායකයින් සංඛ්‍යාවක් වන 76,977 දෙනෙකු කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් සුදුසුකම් ලබා සිටී.

මේ අතර ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදාහැරීමේ කටයුතු අද (03) දිනයේ සිට ආරම්භ කරන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා ප්‍රකාශ කළේ, සැප්තැම්බර් මස 14 වන දින දක්වා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු සිදුකරන බවය.

මේ අතර ජනාධිපතිවරණයට අදාළ ස්ටිකර් සහ පෝස්ටර් වාහනවල ප්‍රදර්ශනය කිරීම නීතිවිරෝධී වන බැවින් ඒවා ගලවා ඉවත් කිරීමට පොලීසියට උපදෙස් ලැබී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා සඳහන් කලේය.

ඡායාරූප සටහන

චීන අලුත් අවුරුද්දට සංස්කෘතික සැමරුමක් (ඡායා / වීඩියෝ)

Published

on

By

මහජන චීන සමූහාණ්ඩුවේ අලුත් අවුරුද්ද සැමරීමට සමගාමීව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය හා චීන සංස්කෘතික හා සංචාරක අමාත්‍යංශයේ සත්කාරකත්වයෙන් චීන අලුත් අවුරුදු උත්සවය වෙනුවෙන් සංස්කෘතික සැමරුමක් කොළඹ සිනමන් ලයිෆ් හෝටලයේදී ඊයේ (19) පැවැත්විණි.

එම උත්සවය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීන අලුත් අවුරුදු උත්සවය වෙනුවෙන් නිකුත් කළ සුබ පැතුම් පණිවිඩය එහිදී අග්‍රාමාත්‍යවරිය විසින් සභාවට ඉදිරිපත් කළාය.

චීන සංස්කෘතිකාංග සමගින් වර්ණවත් වූ මෙම සැමරුම් උත්සවයට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා, මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා, ශ්‍රි ලංකාවේ චීන තානාපති චී ජන්හොන්ග් මහතා, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි යන මහත්වරු ඇතුළු ශ්‍රී ලාංකිකයන් සහ චීන ජාතිකයින් පිරිසක් එක්ව සිටියහ.

මේ වැඩසටහන හර්නෑන් පළාතේ ජ’ංජෝ (Zhengzhou) නගරයේ සංස්කෘතිය පිළිබඳ නගර කාර්යාංශය, සිචුවාන් සංචාරක සරසවිය, මෙරට චීන සංස්කෘතික මධ්‍යස්ථානය, පොර්ට් සිටි කලම්බෝ පුද්ගලක සමාගම හා සිනමන් හොටේල් ඇන්ඩ් රිසෝට් පුද්ගලික සමාගම විසින් සංවිධානය කර තිබිණි.
අලුත් අවුරුදු සැමරුමට සමගාමීව Henan Art Troupe සහ Sichuan Chef Team හි 34 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක්ද ලංකාවට පැමිණ සිටී.

ජනවාරි 20 සිට 23 දින දක්වා “චීන ආහාර සැණකෙළිය” හා “වරාය නගර චීන සංස්කෘතික රාත්‍රිය” පැවැත්වීමට ද කටයුතු සංවිධානය කර ඇත.

(ඡායා – ශානිකා ජයසේකර / වීඩියෝ – කැළුම් ශිවන්ත)

Continue Reading

පුවත්

මහනුවර – මහියංගනය මාර්ගය තාවකාලිකව වැසේ

Published

on

By

මහනුවර – මහියංගනය මාර්ගය කහටගොල්ල ප්‍රදේශයෙන් තාවකාලිකව වසා දැමීමට තීරණය කර ගෙන තිබේ.

අද (20) පස්වරු 6:00 සිට එම මාර්ගය තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇත.

කහටගොල්ල ප්‍රදේශයේ 44/1 කිලෝමීටර් කනුව අසල ගල් කඩාවැටීමේ අවධානමක් හේතුවෙන් එම තීරණය ගෙන ඇති බව වාර්තා වෙයි.

Continue Reading

පුවත්

වැව් රැසක් වාන් දමයි

Published

on

By

මේ වන විට ඇද හැළෙන අධික වැසි හමුවේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ප්‍රධාන සහ මධ්‍යම ප්‍රමාණයේ ජලාශ බොහොමයක් වාන් දමමින් පවතින බව වාර්මාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ දිවයින පුරා වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ප්‍රධාන වැව් 73න් 55ක් මේ වන විට වාන් දමමින් පවතින බවය.

මීට අමතරව මධ්‍යම ප්‍රමාණයේ වැව් 60කට අධික ප්‍රමාණයක්ද මේ වන විට වාන් දමමින් පවතියි.

ඒ අනුව අනුරාධපුර, පොළොන්නරුව, පුත්තලම යන දිස්ත්‍රික්කයන් හී පිහිටා ඇති සියලුම ජලාශ මේ වන විට වාන් දමමින් පවතින බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කලේය.

මීට අමතරව අම්පාර දිස්ත්‍රික්කයේ වැව් 9න් 8ක්, බදුල්ල දිස්ත්‍රික්කයේ වැව් 7න් 4ක්, මඩකළපුව දිස්ත්‍රික්කයේ වැව් 4න් 3ක්, හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැව් 10න් 4ක්, ගාල්ල දිස්ත්‍රික්කයේ වැව් 2න් 1ක්, මහනුවර දිස්ත්‍රික්කයේ වැව් 3න් 2ක්, කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැව් 10න් 9ක්, මොණරාගල දිස්ත්‍රික්කයේ වැව් 3න් 2ක්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ වැව් 5න් 4ක්, මන්නාරම දිස්ත්‍රික්කයේ වැව් 4-2ක් ද වාන් දමමින් පවතින බව එම දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර ගල් ඔයෙහි ඉවුරු නේනකාඩු ප්‍රදේශයෙන් බිඳවැටී තිබේ.

ඒ හේතුවෙන් ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් දීඝවාපිය ජනපදය සතු කුඹුරු අක්කර 600ක් පමණ ජලයෙන් යට වී ඇති බව වාර්තා වේ.

ගම්වාසීන් චෝදනා කරන්නේ, නේනකාඩු ප්‍රදේශයේ ගල්ඔ යයි ඉවුරු වනසා වගා කටයුතු සිදු කිරීම හේතුවෙන් තමන්ට මෙම ඛේදවාචකයට මුහුණ පෑමට සිදු වූ බවය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved