Connect with us

පුවත්

තිලිණිගේ රන් පොලු හිමි අත්අඩංගුවට!

Published

on

තිලිණි ප්‍රියමාලිගේ මහා පරිමාණ මූල්‍ය වංචාව සම්බන්ධයෙන් කරන විමර්ශනයට අදාළව කඩවත විහාරස්ථානයක වෙසෙන බොරැල්ලේ සිරි සුමන හිමියන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ (01) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගත් හිමිනම දැනට රිමාන්ඩ් භාරයේ සිටින තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිය වන තිලිණි ප්‍රියමාලි සමග සමීප හිතවත්කමක් පවත්වා ඇතැයි ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනවල දී අනාවරණය කරගෙන තිබේ.

මෙම සැකකාර හිමිනම විවිධ තාක්ෂණික ක්‍රමවේද රැසක් භාවිතා කර තිබෙන බවත්, විශේෂයෙන්ම දුරකතන යෙදවුමක් ද භාවිතා කර ඇතැයි ද විමර්ශනයේ දී අනාවරණය වී තිබේ.

සැකකාර හිමිනම භාවිතා කරන ලද එම ජංගම දුරකතන යෙදවුම් (APP) මගින් එම හිමිනමගේ ජංගම දුරකතනයට ලද ඇමතුම් පැය 24ක් ඇතුළත මැකී යන බවද විමර්ශනවල දී අනාවරණය වී තිබේ.

තිලිණි ප්‍රියමාලිට රුපියල් කෝටි ගණනින් මුදල් ලබා දුන් ව්‍යාපාරිකයන් ඇතුළු පිරිස මෙම හිමිනම සමග සමීප ඇසුරක් පවත්වා තිබෙන බවද විමර්ශනයේ දී අනාවරණය වී තිබේ.

තිලිණි ප්‍රියමාලිගේ ත්‍රිකෝ සමූහ ව්‍යාපාරයේ බිලියන ගණනින් මුදල් තැන්පත් කළ ප්‍රකෝටිපතියන් යළි මුදල් ඉල්ලා සිටින අවස්ථාවන්හිදී ‘‘ඔය මුදල් ඉක්මනින් ලැබෙනවා. කලබල වෙන්න එපා’’ යනුවෙන් පවසමින් ව්‍යාපාරිකයන් ඇතුළු පිරිස සනසා ඇත්තේද බොරැල්ලේ සිරිසුමන හිමියන් විසින් බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයේ දී අනාවරණය කරගෙන තිබේ.

මෙම සැකකාර හිමිනම කඩවත ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමක් බවත් එම විහාරස්ථානයේ කිලෝ ග්‍රෑම් 2500ක් බර විශාල රන් පොල්ලක් තිබෙන බව පවසමින් විශාල පිරිසක් මුලාකර තිබෙන බවද විමර්ශනවල දී අනාවරණය වී තිබේ.

එම රන් ‌පොල්ලේ ඡායාරූප ද මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලැබී තිබෙන බවත් ඒ පිළිබඳව විමර්ශනයක් පවත්වන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු සඳහන් කළේය.

‘‘තිලිණි ප්‍රියමාලි සිදු කළ බව කියන මූල්‍ය වංචා සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණවලදී හෙළි වූ කරුණු මත බොරැල්ලේ සිරි සුමන හිමි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත්තා’’ යැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දුව පැවැසීය.

රහත් යැයි කියාගන්නා සැකකාර හිමිනම කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඊයේ (02) ඉදිරිපත් කිරීමට නියමිතය.

දැනට රිමාන්ඩ් භාරයේ සිටින තිලිණි ප්‍රියමාලි, ඇයගේ පෙම්වතා බව කියන ඉසුරු බණ්ඩාර සහ තිකෝ කන්ස්ට්‍රක්ෂන් ආයතනයේ අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කළ විජේසූරිය ආරච්චිගේ කසුන් පෙරේරාද බන්ධනාගාර නිලධාරීන් විසින් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත අද (02) ඉදිරිපත් කිරීමට නියමිතය.

පුවත්

ලක්මාලිට ලොකු තනතුරක්

Published

on

By

ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවිය පත්ව තිබේ.

කාරක සභාවේ මංගල රැස්වීම පාර්ලිමේන්තුවේදී අද (22) රැස් වූ අවස්ථාවේදී ඇය මේ සඳහා පත්ව තිබේ.

මන්ත්‍රී විජේසිරි බස්නායක මහතා විසින් ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවියගේ නම යොජනා කර ඇති අතර, මන්ත්‍රී කන්දසාමි ප්‍රභු මහතා විසින් එය ස්ථිරකරන ලදී.

කාරක සභාවේ සෙසු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුවන ලක්ෂ්මන් නිපුණ ආරච්චි, නීතිඥ සාගරිකා අතාවුද, නීතිඥ නිලන්ති කොට්ටහච්චි හා තිළිණ සමරකෝන් යන අයද මෙම රැස්වීමට සහභාගි වී තිබේ.

Continue Reading

පුවත්

එක්සත් ජාතික පක්ෂයෙන් දැඩි තීරණයක්

Published

on

By

පළාත් පාලන ආයතන සඳහා නියෝජිතයන් පත් කිරීමේදී ඔවුන් ලබාගත් ඡන්ද ප්‍රතිශතය පමණක් සැලකිල්ලට ගැනීමට එක්සත් ජාතික පක්ෂයේ තීරණය කර තිබේ.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පළාත් පාලන ආයතනවලට පත්වීමට සුදුසුකම් ලබන්නේ වැඩිම ඡන්ද ප්‍රතිශතය ගත් අපේක්ෂකයන්ට පමණි.

එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන ආයතන නියෝජිතයන් පත්කිරීම සඳහා පත්කරන ලද කමිටුව විසින් ගන්නා ලද මෙම තීරණය කිසිම හේතුවක් නිසා වෙනස් නොකරන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ.

Continue Reading

පුවත්

රාජ්‍ය ආයතනවලට ඉන්ධන සැපයීමට ඩිජිටල් කාඩ්පතක්

Published

on

By

රාජ්‍ය ආයතනවල වාහන සඳහා ඉන්ධන සැපයීමේදි මුදල් ගෙවීම් සඳහා නව ඩිජිටල් කාඩ්පතක් හඳුන්වාදීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් පියවර ගෙන තිබේ.

ඉන්ධන සැපයීමේදී සිදුවන අක්‍රමිකතා මගහැර, කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇත.

රජයේ ඩිජිටල්කරණ ප්‍රතිපත්තිය යටතේ මෙම නව කාඩ්පත හඳුන්වාදීම සිදුවන බව වැඩිදුරටත් සඳහන්ය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved