Connect with us

පුවත්

සිව්වන සභාපතිත් ඉල්ලා අස්වෙයි

Published

on

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති එම්.බී.එම් රණතුංග මහතා ඉල්ලා අස්වී තිබේ.

ඔහුගේ කාර්යාලය තහවුරු කරන්නේ, ඉල්ලා අස්වීමේ ලිපිය විෂය භාර අමාත්‍යවරයාට ලබාදුන් බවය.

මීට පෙර අමාත්‍යාංශ ලේකම්වරයකු වශයෙන් ද කටයුතු කර ඇති අයෙකු වන ඔහු ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ධුරයට පත්කෙරුණේ 2024 ඔක්තෝබර් 10 වෙනිදා ය.

කෙටි කාලයක් තුළ ඔහු මෙසේ ඉල්ලා අස්වීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැතත් ඔහු සිය කාර්ය මණ්ඩලයේ හිතවතුන් පිරිසකට අද (ජනවාරි 31) යොමුකර ඇති සටහනක් පහතින් දැක්වේ.

ගතවූ දින 40ක පමණ කාලයක් තුළ ඉල්ලා අස්වූ සිව්වන රාජ්‍ය ආයතන සභාපතිවරයා එන්.බී.එම්. රණතුංග මහතා ය.

එම්.බී.එම් රණතුංග මහතා නිකුත් කළ සටහන පහතින්,

ආදරනීය මිතුරනි මිතුරියනි

ඔබෙන් සමුගෙන නික්ම යාමට කාලය පැමිණ අරති බව මට පසක් වූ බැවින් සමුගනිමි

මාස තුනහමාරක් වැනි ජා. නි. ස.අ. තුල මා සේවය කරන ලද කාලය තුල මා සමග එකට සිටිමින් නිවාස අවශ්‍යතාවය ඇති පවුල්. හදුනාගනිමින් ඔවුන්ට අවශ්‍ය නිවාසකරණය සදහා දරන උග්සාහයට උපකාර කිරීමට ඉදිරිපත්වීම පිළිබදව මාගේ ගෞරවය පළමුව පුදකරමි.

නිවසක් යනු මිනිසාගේ මූලික අවශ්‍යතාවයක් බව අපි සියළුදෙනා දනිමු. එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ද තහවුරු කර ඇත. මිහිමත බිම් අගලක් හා හිසට සෙවනක් නැති පවුල් ද සිටින බව ද අපි දනිමු. මෙතෙක් ක්‍රියාත්මක වූ වැඩසටහන් තුල ඔවුන් නියෝජනය වූවා දැයි මා තුල පවතින්නේ සැකයකි. මාගේ පළමු අරමුණ වූයේ එය බව ඔබ ද දනී.

මා හෙට දින ඔබ සමග නැති උවද එම අරමුණෙන්. බැහැර නොයන්න. අපි සැළසුම් කළ පරිදි එම අරමුණ හඹා යන්න. ඒ සදහා හදුනා ගත් වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ඔබට ශක්තිය ලැබේවායි මම පතමි.

ඉහල හා මධ්‍යම පංතිය සදහා නිවාස සැපයීමට ඇතිතරම් රාජ්‍ය හා පුද්ගලික ආයතන තිබුනත් ඒ සදහා ඇති එකම රාජ්‍ය ආයතනය NHDA එක බව තරයේ හිතට ගන්න.

රාජ්‍ය සේවකයකු වීම ඔබ පෙර ආත්මයක සිදුකරන ලද මහා පුණ්‍යකර්මයක ධනාත්මක ප්‍රථිපලයක් බව සිතට ගන්න. නැති කම හා බැරි කම නිසා තැලෙන හා පීඩාවට පත්ව වරප්‍රසාද අහිමි වීගිය ජනතාව ගැන මතුපිටින් නොව ගැඹුරින් සිතන්න. ඹවුන්ට සේවය කිරීමට ඔබට ලැබුණු වරම භාවිත කරන්න. පින්කරනවා යනු එයයි. ඔබ සහ ඔබේ දරුපවුල ජීවත් කරවන්නේ මහජනතාව බව ලේ නහරවලට කාවද්දන්න. ඔවුන් බදු නොගෙවන්නේනම් ඔබට වැටුප් නොලැබෙනා බව සිතට ගන්න.

ඔබ මුණගැසී ඔබෙන් සේවාවක් ලබාගැවීමට යමෙකු එන්නේ නෑවිත් බැරිකම නිසාය. ඔහු හෝ ඇය එන්නේ බොහෝ දුරුකතර ගෙවාගෙනය. පසුගිය සතියේ මා හමු වීමට එක්තරා වයෝවෘද ආබාධ සහිත කාන්තාවක් ගිනිගත්හේනේ සිට පැමිණියේ ඇයට පසුගිය අවුරුද්දට ඇයට දානපතියකුගෙනි ලැබුණු ගවුමක් විකුණාගෙනය. ඇයට නිවසක් නෙමැති බවත් නිවසක් ලබාදෙන ලෙසත් ඉල්ලාගෙනය. ඇයට මාගේ කාර්යාලයේ කාර්මණ්ඩලය ප්‍රතිචාර දැක්වූ ආකාරය මම නිර්‍රීක්ෂණය කළෙමි. එය අතිශය ප්‍රසංශනීයය. ඇය මා සමග ඒබව කීවේ සතුටු කසුළු වගුරුවමිනි.

ඇය එසේ කියන්නට ඇත්තේ වෙවමෙවැනි යහපත් ප්‍රතිචාරයක් අනෙකුත් රාජ්‍ය ආයතනවලින් ඇයට ලැබුණු ප්‍රතිචාර සැසදීමෙන් විය හැකිය අපි ඇය හරවා යැවුවේ ආපසු යාමට මුදල් දී . අදාල ප්‍රා. ලේ සමග කථාකොට ඇයට ඉ්‍රඩම් කැබැල්ලක් ෙසායා දී අපට දන්වන ෙලස ඇගේ අරමුණේ සැළකියයුතු කොටසක් ඉටුකරමින් ඇය සතුටු කරමිනි. මෙය එක උදාහරනයක් පමනි.

මෙය සැම විටම ආයතනය තුල සිදුවනවා දැයි මම ඔබෙන් ප්‍රශ්න කරන්නේ ඹබ මුණගැසී නැවත මාවෙත පැමිණ බොහෝ පිරිසක් කළ කී කථාවන් පදනම්කරගෙනය. ඔබට පින් කරගැනීමට ලබා දුන් අගනා අවස්ථාව පැහැර නොහරින්න.

මා ආයතනය තුල සේවය කළ කෙටි කාලය තුල ලැබු අද්දැකීම් පදනම් කරගෙන NHDA එක ගැන මගේ ආඛ්‍යානය මෙසේ සටහන් කරමි.

මෙය තුල සත්පුරුෂ ගුණ දම් ඇති අතලොස්සක් සිටින බවත් නිවාස නැති අය සදහා නිවාස සැපයීම පරම යුතුකම බවත් ඔවුන් අවබෝධෙයන් කටයුතුකරන බව පළමුව පවසමි.

යුතුකම පසෙකලා අයිතිවාසිකම් හා වරප්‍රසාද පමණක් ගැනම වෙහෙසන්නන් අති බහුතරයක් සිටින බව පැවසීම නිසා හිත් තැවුල් ඇතිකර නොගන්න.

විවිධ හේකූන් පදනම් කරගනිමින් දේසපාලන මතවාද, තනතුරු, සේවා ඛාණ්ඩ වැනි හේතුන් පළමු තන්හි ලා සමාජ මෙහෙවර අමතක වූ උදවිය අතිබහුතරයක් සිටින තැනකි.

ඉතා අවංක නිලධාරීන් නිළධරිනයන් ද, ඔස්කාර් සම්මාන දිනාගත හැකි තරමේ කුශලතා පිරි නළුවන් හා නිළියන්ගෙන් ද අඩුවක් නොමැති බවද මාගේ කියවීමයි.

සාවුන් මුවපොව්වන් මෙන්ම විෂඝෝර සර්පයින් ද, සිංහයන් හා කොටින් වැනි සැරපරුෂ සතුන් ද කටුස්සන් බොහොමයක් ඇති අදුරු වනයකි ජ.නි.ස.අ. ය. මෙම අදුර පලවාහැරිය හැක්කේ ඔබට පමණක් පව සිතට ගන්න.

සමාජවාදය පිළිබද මේ මගේ කියවීමයි.

එය හුදෙක් ලේබලයක් නොවන අතර හදපතුලෙන් මතුවන මානව දයාව මුල්කරගත් උත්තරීතර මානව ගුනාංගයක් වන අතර එය ඔප්පු කළහැක්කේ භාවියෙනි.

එබැවින් සමාජවාදය යනු එක් පක්ෂයකට පමණක් උරුම වූ දෙයක් නොවන අතර විවිධ පක්ෂතුල සිටිමින් එය අර්ථගැන්විය හැකි වන අතර ඔබේ වගකීම නිසිපරිදි තේරුම්ගෙන එය නොපිරිහෙලා ඉටුකිරීම මා කියවූ සමාජවාදයයි. එය මගේ භාවිතාවයි.

එබැවින් ඔබට පැවරී ඇති සමාජ වගකීමෙන් දුරස් නොවන්න. එය මහත් වූ පාපයක් බව හිතට ගනින. වැරදි ක්‍රම තුලින් මුදල් උපයන වි ඔබට ඉමහත් සතුටක් තාවකෙලිකව දැලනෙනනු ඇත. එහෙත් ඔබ කියන කරන සියල්ලක්ම මේ විශ්වයේ යම් තැනක සටහන් වන බව අමතක තොකරන්න. කුසල හා අකුසල කර්ම ලෙස ඔබ පසුපස එන්නේ ඒ කළ කී දේ බව පසක්කර ගන්න. අතීතය අමතක කරන්න. රටේ ජනතාවට යහපත් අනාගතයක් උදා කර දීමට ඔබ් වපසරිය තුල කළ හැකි සියල්ලක් කරන්න. එවිට ඔබේ මතු දිවිය සාර්ථක වෙනවා නෙඅනුමානයි.

වසර සියයක පමන කලක් ජනතාව අපේක්ර්‍ෂාකල ජනතාවා දී ආණ්ඩුවක් අපට ලැබී ඇත. රජය යනු ඔබ අප සියළුදෙනා මිස වෙන කිසිවක් නොවේ. එබැවින් ජනතා අභිලාෂයන් හා රජයේ අභිලාෂයන් සමපාත කිරීමට ඔබට කල හැකි මෙහෙය අතිමහත් බව සිතා ක්‍රියාත්මක වන්න.

සේවක ගැටළු විසදීම සදහා අපි ආරම්භ කල වැඩපිළිවෙල ඉදිරියට ගෙනයන්න.

අපි විසින් සකසන ලද ව්‍යාපෘති යෝජනා, සංකල්ප පත්‍රිකා ප්‍රායෝගික තලයට රැගෙන යන්න කැපවෙන්න.

සියල්ලටම වඩා නිවසක් නැති පවුල් නිවැරදිව හදුනාගනිමු ප්‍රමුඛතා ලේකනයක් සකසා සීමිත සම්පත්. ඵලදායී ලෙස යොදවාගෙන ජනතා පැතුම් ක්‍රමිකව විසදීමට උත්සාහ ගන්න.

ජාතික ප්‍රතිපත්තියේ සදහන් සතුටු මිනිසා සිටිය යුත්තේ පළමුව ඔබතුලයි. ඔබට නිවැරදිව සතුටුවිය හැක්කේ පැවරී ඇති වගකෘම් හා යුතුකම් නොපිරිහෙලා ඉටුකීම තුල පමනක් වන අතර එම ක්‍රියාකාරිත්වය තුලින් ඔබගේ සේවාව ලබාගත් පුස්ගලයා සතුටට පත්වන අතර අප බලාපොරොතිතු වූ සතුටු මිනිසා සමාජයේ සැරිසරනවා ඔබට විද්‍යමාන වනු ඇත.

Clean Sri Lanka යනු රටේ අනාගතය තීරණය කරනු ලබන දැවැන්ත වැඩසටහනක් බව හිතට ගන්න. දේශපාලන මතිමතාන්තර මදකට ඉවත දමන්න. පළමුව ඔබේ සිත අභ්‍යන්තරය පිරිසිදු කරගන්න, ඉන් පසු නිවෙසේ සිටින අයගේ සිත් පිරිසිදු කරන්න, ඉන් පසු ආයතනයේ අයගේ සිත් පිරිසිදු කිරීමට කටයුතු කරන්න. පසුව සේවා ලාභීන්ගේ සිත් පිරිසිදු කිරීමට කැපවන්න. එසේකළ හැක්කේ නිසිපරිදි ඔබේ සේවාව ඉටුකිරීමෙන් පමනකි.

ආයතනික පරිසරය පිරිසුව තීබීම යනු ඔබ සියළුදෙනාගේ සිත් තුල ඇති පිරිසිදු බවේ කැඩපතයි එය ඉටුකරන්න. සේවාව කාර්යක්ෂ්ම කිරෘමට පද්ධති දියුණු කරන්න. ඒ සදහා මම දැනටමත් සංකල්ප පත්‍රිකාවක් සකසා අදාල නිළධාරෘන් වෙවත යොමු කර ඇත. පුද්ගල බද්ධ තින්දු වලට වඩා පද්ධති බද්ධ තීන්දු ගෙන ක්‍රියාක්මක වන්න. රෝමය යනු එක් රැයකින් නිර්මාණය නොවූවක් බව තරයේ සිතට ගන්න. යහපත් දේ කිරිමට හා එහි ප්‍රථිපල ලබාගැනීමට කිසියම් කාලයක් ගතවන බව පසක්කරගන්න.

අවසාන වශෙයන් මා සේවට කළ කෙටි කාලය තුල මාසමග සිටි සියළුදෙනාට මගේ උත්තමාචාරය පුදකරන අතර නව සභාපතිවරයා සමග ආයතනයේ හා රටේ අරමුණ් වෙවනුවෙන් කටයුතුකිරීමට ඔබට ශක්තිය හා ධෛර්ය ලැබේවායි ප්‍රාර්ථනා කරමින් මම සමු ගනිමි.”

පුවත්

කදුරුවෙල ත්‍රෛභාෂා පාසල අග්‍රාමාත්‍යවරියගේ නිරීක්ෂණයට

Published

on

By

ඉන්දීය රජයේ ආධාර යටතේ  පොළොන්නරුව, කදුරුවෙල ප්‍රදේශයේ ඉදිවෙමින් පවතින ත්‍රෛභාෂා ජාතික පාසලේ වර්තමාන තත්වය පිළිබඳ පිරික්සා බැලීමේ නිරීක්ෂණ චාරිකාවක් සහ එම පාසලේ ඉදිරි වැඩකටයුතු  පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පෙබරවාරි 14වන දින අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ මූලිකත්වයෙන් පැවැත්විණි.

කලාපයේ සියලු ජාතීන්, ආගම් නියෝජනය වන පරිදි සියලු දරුවන්ට අධ්‍යාපනය ලැබීමේ පහසුව අරමුණු කරගනිමින් ගොඩනැගෙමින් පැවති මෙම පාසලේ ඉදිකිරීම් කටයුතු  වසර කිහිපයක සිට මන්දගාමීව සිදුවීම සම්බන්ධව මෙහි දී අග්‍රාමාත්‍යවරියගේ අවධානයට යොමු විය.

ඉන්දියන් රජයේ අරමුදල් යටතේ ඉදිවෙන ඉදිරිපස ගොඩනැගිල්ල 75% වැඩ අවසන් අතර, එහි ඉතිරි වැඩ නිම කිරීමට රුපියල් මිලියන 150 ක් පමණ වැය වන බවත්, දෙවන ගොඩනැගිල්ල ශ්‍රී ලංකා රජයේ මුදලින් ඉදිකෙරෙන අතර එහි වැඩ 40% ක් අවසන් බවත්, ඉතිරි වැඩ නිම කිරීමට රුපියල් මිලියන 400 පමණ මුදලක් අවශ්‍ය බවත් ඉදිකිරීම් සමාගම විසින් පෙන්වා දෙන ලදි.

පාසල ආරම්භ වූ පසු එකවර සිසුන් 1600 ක් සඳහා අධ්‍යාපන කටයුතු වල නියැලීමේ පහසුකම් මෙහි ඇති අතර, විශේෂ අධ්‍යාපන ඒකක,  භාෂා පංති කාමර, e-learning පංති කාමර, නේවාසිකාගාර, පරිපාලන ගොඩනැගිල්ල, විද්‍යාගාර පහසුකම් සනීපාරක්ෂක පහසුකම් මෙන්ම ගුරු නිල නිවාස ඇතුළත්වන පරිදි පාසල නිර්මාණය කිරීමට සැළසුම් කර ඇති බව ඉදිකිරීම් සමාගමේ ඉන්ජිනේරුවන් විසින් අග්‍රාමාත්‍යවරිය දැනුවත් කළේය.

මෙම සම්පත් විනාශ වීමට ඉඩ නොහැර  දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ගොඩනැගීමට අවශ්‍ය  යෝජනා හා සැලසුම් කඩිනමින් ඉරිදිපත් කරන ලෙස අග්‍රාමාත්‍යවරිය විසින් බලධාරින් වෙත දැනුම් දෙන ලදී.

නිරීක්ෂණ කටයුතු සඳහා නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී.බී සරත්, පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පද්මසිරි බණ්ඩාර, පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රත්නසිරි, අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් නාලක කලුවැව, උතුරු මැද පළාත් ආණ්ඩුකාරවර වසන්ත ජිනදාස, පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් සුජන්ත ඒකනායක යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් සම්බන්ධ විය.

Continue Reading

පුවත්

රුවන්පුර අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් නතර කරන්න හේතුව

Published

on

By

රුවන්පුර අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු අත්හැර දමා ඇති බවට පළවන වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය බව නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ එම ඉදිකිරීම් කටයුතු තාවකාලිකව අත්හිටුවා ඇති බවය.

ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා වැඩිදුරටත් සඳහන් කළේ මෙම අධිවේගී මාර්ගයේ ඉදිරිකිරීම් කටයුතු මෙම වසරේදී ආරම්භ නොකිරීමට තීරණය කර ඇති අතර මෙවර අයවැයෙන් ද ඊට මුදල් ප්‍රතිපාදන වෙන්කිරීමක් සිදුකර නොමැති බවය.

රුවන්පුර අධිවේගී මාර්ගය කහතුඩුවේ සිට හොරණ, ඉංගිරිය හරහා රත්නපුර දක්වා ඉදිකිරීමට යෝජිතව තිබුණි.

කෙසේවෙතත්, වත්මන් ආණ්ඩුව විසින් ප්‍රමුඛතා ලැයිස්තුවකට අනුව සංවර්ධන කටයුතු සහ නව ඉදිකිරීම් කටයුතු සිදුකරන බැවින් මෙම ව්‍යාපෘතිය තාවකාලික අත්හිටවූ බව නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කළේය.

ඒ, අනුව මධ්‍යම අධිවේගී මාර්ගයේ කුරුණෑගල – ගලගෙදර අතර කොටස සඳහා ප්‍රමුඛතාව ලබාදෙමින් ඉදිකිරීම් ඇරඹීමට රජය මේ වනවිට සැලසුම් කර තිබේ.

පොතුහැර – රඹුක්කන කොටසත්, රඹුක්කන – ගලගෙදර කොටසත් ලෙස කොටස් දෙකකට මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සිදුකෙරෙනු ලබයි.

එහිදී පොතුහැර – රඹුක්කන කොටසේ ඉදිකිරීම් කටයුතු ලබන වසරේදී අවසන් කිරීමට බලාපොරොත්තුවන බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා රඹුක්කන – ගලගෙදර කොටස වසර 3ක් ඇතුළත අවසන් කිරීමට බලාපොරොත්තුවන බවද පැවසුවේය.

මේ අතර, දැනට දීර්ඝ කාලයක සිට ඉදිකිරීම් කටයුතු අතරමග නවතා ඇති කඩවත – මීරිගම කොටසේ වැඩ කටයුතු චීන ආධාර යටතේ සිදුකිරීමට සැලසුම් කර තිබේ.

මෙහි ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා චීන එක්සිම් බැංකුවේ නියෝජිතයින් පිරිසක් දිවයිනට පැමිණීමට නියමිතව ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කලේය.

මේ අතර, මේ වනවිට කඩවත – මීරිගම කොටසේ සංවර්ධන කටයුතු අතරතුර කඩාවැටුණු කොටසක් රුපියල් බිලියන 7ක මුදලකින් සිදුකරන බවද නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පැවසුවේය.

Continue Reading

පුවත්

කොළඹ මහ නගර සභාව ප්‍රතිව්‍යුහගතකරණයට

Published

on

By

කොළඹ මහ නගර සභාව ප්‍රතිව්‍යුහගත කිරීමට කටයුතු කරන බව කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් පාලිත නානායක්කාර මහතා පවසයි.

ඒ අනුව, ඉදිරි අය වැයෙන් පසු මෙම ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙල ආරම්භ කරන බව ද ඊට අවශ්‍ය ප්‍රතිපාදන ඉදිරි අය වැයෙන් ප්‍රතිපූරණය කර ඇති බව ද නාගරික කොමසාරිස්වරයා කියා සිටියේය.

මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ නගර සභාවට අයත් ක්‍රීඩා පිටි වෙන් කරවා ගැනීම, ප්‍රදේශයේ වෛද්‍යවරුන් පිළිබඳ තොරතුරු ලබා ගැනීම, ජීවත්වන පවුල් සංඛ්‍යාවට පිළිබඳ තොරතුරු ලබා ගැනීම වැනි ක්‍රමවේදයක් මෙම වැඩපිළිවෙල හරහා හඳුන්වා දීමට කටයුතු කරන බව ද පාලිත නානායක්කාර මහතා තවදුරටත් පැවසුවේය.

කොළඹ මහ නගර සභාවේ මානව සංවර්ධන සැලසුමක් සකස් කිරීමට ද, නාගරික ඉදි කිරීම් අධිකාරියක් පිහිටුවීමට ද, කොළඹ තරුණ තරුණියන්ට නගර සභා බල ප්‍රදේශයේ ස්වයං රැකියා සිදුකිරීමට අවශ්‍ය පහසුකම් සැලසීමට ද මේ යටතේ පියවර ගනු ලැබේ.

ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහනක් ආරම්භ කිරීමට ද කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ ඉදිකිරීම් පිළිබඳ ප්‍රමුඛතා හඳුනා ගැනීමට වත්කම් කළමනාකරණ ඒකකයක් පිහිටුවීමට ද කටයුතු කරන බව ඔහු තවදුරටත් පවසා සිටියේය.

පසුගිය දා කොළඹ නගර සභාවේ පැවැති මාධ්‍ය හමුවකදී නානායක්කාර මෙම අදහස් පළ කලේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved