Connect with us

පුවත්

“තෙල් මිලේ වෙනසකුත් නෑ ; තෙල් හිඟයකුත් නෑ”

Published

on

මාසිකව සිදුකරනු ලබන ඉන්ධන මිල සංශෝධනය 2025 මාර්තු මාසයේ සිදුනොවන බව ලංකා ඛණිජ තෙල් සංස්ථාව පවසයි.

ඒ අනුව මෙතෙක් පැවැති පෙට්‍රල් 92 රුපියල් 309, පෙට්‍රල් 95 රුපියල් 371, සුදු ඩීසල් රුපියල් 286, සූපර් ඩීසල් රුපියල් 331 සහ භූමිතෙල් රුපියල් 183 යන මිල ගණන් යටතේම අලෙවි කිරීමට පියවර ගන්නා බව එම සංස්ථාව පවසයි.

මේ අතර ලංකා ඉන්දියන් ඔයිල් සමාගමද සිය ඉන්ධන මිල ගණන් වෙනස් නොකරන බව නිවේදනය කර තිබේ.

“තෙල් හිඟයක් නෑ”

මේ අතර, මේ වන විට කිසිදු ඉන්ධන හිඟයක් ඇති නොවන බැවින් කලබල නොවන ලෙස ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති ආනන්ද රාජකරුණා මහතා පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටියි.

ඇණවුම් සාමාන්‍ය පරිදි ලැබී ඇති බවත් හෙට දිනයට අවශ්‍ය ඉන්ධන තොග මේ වන විටත් ඇනවුම්කරුවන් විසින් ඇනවුම් කර ඇති බවත් සභාපතිවරයා මාධ්‍ය වෙත පවසා ඇත.

මේ අතර ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය ප්‍රකාශ කර තිබුණේ ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් මෙතෙක් ලබා දුන් සියයට 3ක වට්ටම් මුදල ඉවත් කිරීමට ගත් තීරණය හේතුවෙන් අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන ඇනවුම් කිරීමෙන් වළකින බවයි.

මේ සමග ඇතැම් ප්‍රදේශ වල ඉන්ධන ලබාගැනීම සඳහා වාහන පෝලිම් දක්නට ලැබුණි.

සබැඳි පුවත් :

පුවත්

දෙමටගොඩ දුම්රිය හරස් මාර්ගය වසාතැබීම ගැන දැනුම්දීමක්

Published

on

By

දෙමටගොඩ දුම්රිය හරස් මාර්ගයේ හදිසි අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් මැයි 24වනදා එම මාර්ගය සම්පූර්ණයෙන්ම වාහන ගමනාගමනයට වසා තැබීමට සිදුවන බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව ඔරුගොඩවත්ත සිට බොරැල්ල දක්වා දිවෙන මහා මාර්ගයේ ඇති දෙමටගොඩ දුම්රිය හරස් මාර්ගයේ හදිසි අලුත්වැඩියා කටයුතක් මැයි 24වනදා සිදු කෙරේ.

මේ හේතුවෙන් මැයි 24වනදා පෙ.ව. 9 සිට පසුදින (මැයි 25)  පෙ.ව. 6.00 දක්වා මහා මාර්ගය සම්පූර්ණයෙන්ම වාහන ගමනාගමනයට වසා තැබෙන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙම කාලසීමාවන් තුළ ඇතිවිය හැකි රථවාහන තදබදය මඟහරවා ගැනීමට හා සිදුවන අපහසුතා අවම කරගැනීමට විකල්ප මාර්ග භාවිතා කරනමෙන් දුම්රිය දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයෙන් දන්වා සිටියි.

Continue Reading

පුවත්

යෝෂිත සහ ඩේසි ආච්චිට එරෙහි නඩුව කල් යයි

Published

on

By

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට අදාළ පැමිණිල්ල යළි ජුලි මස 11 වනදා කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

මෙම පැමිණිල්ල අද (16) කැඳවූ අවස්ථාවේදී සැකකාර යෝෂිත රාජපක්ෂ සහ ඩේසි ෆොර්ස්ට් යන අය අධිකරණයේ පෙනී සිටියේය.

එහිදී සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධියට අදාළව විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබෙන බව සඳහන් කළේය.

එම කරුණ කෙරෙහි අවධානය යොමු කළ මහේස්ත්‍රාත්වරයා මෙම පැමිණිල්ල යළි ජුලි මස 11 වනදා කැඳවන ලෙස නියම කර තිබුණි.

එදින මෙම ඉල්ලීම සම්බන්ධයෙන් කරුණ සලකා බලන බවත් අධිකරණය දැනුම්දුනි.

Continue Reading

පුවත්

සබරගමුවේ සරසවි සිසුන් 10දෙනා යළිත් රිමාන්ඩ්

Published

on

By

ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ දෙවැන වසරේ සිසුවෙකුට නවක වධය ලබාදීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන තිබූ සිසුන් 10 දෙනා එළඹෙන 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

සැකකාර සිසුන් අද (16) බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස රිමාන්ඩ් භාරයට පත්කර ඇත.

ඉකුත් අප්‍රේල් 29 වනදා සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ ඉංජිනේරු පීඨයේ දෙවැනි වසරේ ඉගෙනුම ලැබූ චරිත් දිල්ශාන් නමැති සිසුවා දිවි නසාගෙන තිබුණි.

විෂාදය හේතුවෙන් තමන් දිවි නසාගන්නා බවට ඔහු සිය අත්අකුරින් ලිපියක් ලියා තිබුණද ඔහුගේ ඥාතීන් හා මිතුරන් චෝදනා කළේ විශ්වවිද්‍යාලයේ ඇති නවකවධය දරාගත නොහැකිව ඔහු දිවි නසාගෙන ඇති බවය.

ඒ සම්බන්ධයෙන් සිදුකෙරුණු විමර්ශනවලට අදාළව මෙම සිසුන් අත්අඩංගුවට ගෙන තිබුණි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved