Connect with us

පුවත්

තෙල් සැපයුම්කරුවන් 4ක් රජයේ ඩොලර් බලෙන් ​අරන්, අධ්‍යක්ෂකෙනෙක් කරණමකට සූදානමක්

Published

on

මෙරටට ඉන්ධන සපයන සමාගම් හතරක් බලෙන් රඳවාගෙන සිටි ශ්‍රී ලංකා රජය සතු ඇමරිකානු ඩොලර් මිලියන ගණනාවක සංචිත එම සමාගම් වෙතම අයිති කරදීමට තෙල් සංස්ථාවේ නව අධ්‍යක්ෂ මණ්ඩලයට පත්වූ නිලධාරියකු ගන්නා උත්සාහයක් ගැන සංස්ථා සේවකයන් ජනපතිවරයා, නීතිපතිවරයා ඇතුළු වගකිවයුතු අංශ ලිඛිතව දැනුවත් කර ඇතැයි වාර්තා වේ.

මෙරටට තෙල් සපයන සිංගප්පූරු සැපයුම්කාර සමාගමක් පමණක් ඇමරිකානු ඩොලර් මිලියන 6.9ක් රඳවාගෙන සිටින බව හෙළිවී තිබේ. 

2021 වසරෙන් පසු මෙරටට තෙල් ගෙන්වීමේදී තෙල් සංස්ථාවේ දූෂිත නිලධාරියකුගේ මැදිහත් වීමෙන් නැව්භාර පතේ වටිනාකමට වඩා සියයට 10ත් 20ත් අතර ප්‍රමාණයක් අදාළ සමාගම් වෙත ගෙවා ඇත. 

ඛනිජ තෙල් සංස්ථාවට ඇමරිකානු ඩොලර් නොමැතිව රටේ ආර්ථික අස්ථාවරත්වයක් ඇතිවූ මොහොතකදීත් සැපයුම්කරුවන්ට වැඩිපුර ඩොලර් ගෙවා ඒවා ඔවුන් සතු කර දී ඇත්තේ එවකට වාණිජ අංශයේ ඉහළම තනතුරක් දැරූ නිලධාරියකුගේද සහායෙන් බව සේවකයෝ පෙන්වා දෙති. 

එම සිද්ධීන්වලට මුල් වූ නිලධාරියකු යළි අධ්‍යක්ෂ මණ්ඩලයට පත්වී පැමිණ තම වරද නිවැරදි කරගැනීම සඳහා අදාළ සමාගම්වලින් අයවිය යුතු මුදල් වෙනුවට ඔවුනට නැව් ප්‍රමාද ගාස්තු ලෙස කපා හැරීමට සූදානම් වන බව සේවකයෝ පෙන්වා දෙති.

අදාළ සමාගම් ඉන්ධන ගෙන්වීමේදී මණ්ඩලයට නැව් ප්‍රමාද ගාස්තු ඇතුළු සියලු වියදම් ඇතුළත් කර දී තිබියදීත්, ඊට අමතරව නැව් ප්‍රමාද ගාස්තු ලෙස මුදල් ගෙවා කොමිස් ලබාගැනීමේ සූදානමක් පවතින බව සේවකයෝ පෙන්වා දෙති. 

එක්තරා සැපයුම්කාර සමාගමක් ඉන්දියාවේ නැව් නැංගුරම්ලා තිබියදීත් ප්‍රමාද ගාස්තු ලෙස මුදල් අයකර ගැනීමට ගණන් සාදා ඇති බව හෙළිවී ඇත. 

තෙල් සැපයුම්කාර සමාගම් ශ්‍රී ලංකා රජයට ගෙවිය යුතු ඩොලර් සංචිත වෙනුවට ප්‍රමාද ගාස්තු ගෙවීමට නොහැකි නීතිමය ගැටලු පැන නැගී ඇති ගනුදෙනුවලට අදාළ මුදල් කපා ගැනීමට සැලසුම් කර ඇතැයි හෙළිවී ඇත. මෙම සැලසුම ක්‍රියාත්මක කිරීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකා සකස් කර ඇති බවද හෙළිවී තිබේ.

මූලාශ්‍රය – සතිඅග අරුණ

පුවත්

පැතුම් පළමු ටෙස්ට් තරගයෙන් ඉවතට!

Published

on

By

ආබාධයන්ට ලක් වූ ශ්‍රී ලංකා පිතිකරුවන් වන පැතුම් නිස්සංක සහ කමිඳු මෙන්ඩිස්ගේ ටෙස්ට් තරගාවලියට පෙර පැවැත්වෙන අවසන් වෛද්‍ය පරීක්ෂාවන් ඊයේ (20) සිදු කෙරුණු අතර ඒ අනුව කමිඳු මෙන්ඩිස් හට ටෙස්ට් තරගාවලියේ පළමු තරගය ක්‍රීඩා කිරීමට හැකි බව තහවුරු වී ඇත. 

කෙසේ වෙතත් තවමත් පූර්ණ සුවය ලබා නොමැති පැතුම් නිස්සංක හට පළමු ටෙස්ට් තරගය ක්‍රීඩා කිරීමට අවස්ථාවක් හිමි නොවේ.

සී.සී.සී. සහ එස්.එස්.සී. කණ්ඩායම අතර පසුගිය සිකුරාදා (17 ) පැවැති මේජර් ක්ලබ් තුන්දින තරගාවලියේ තරගය අතරතුර උඩ පන්දුවක් රැක ගැනීමට උත්සාහ කිරීමේදී කමිඳු දකුණු අතෙහි ආබාධයකට ලක් විය. 

එහිදී ඔහුගේ ඇඟිලි අතර පටලය හානි වූ අතර එම ආබාධයේ තත්ත්වය බරපතළ නොවන බැවින් කමිඳුට පළමු ටෙස්ට් තරගයේ සිට තරගාවලියට සහභාගීවීමට අවස්ථාව හිමි වේ. 

මේ අතර නවසීලන්තයේ පැවැති අවසන් එක්දින තරගයේදී පාදයේ ආබාධයකට මුහුණ දුන් පැතුම්ගේ මේ වන විට තත්ත්වය අනුව පළමු ටෙස්ට් තරගයෙන් විවේක ගැන්වීම වෛද්‍ය නිර්දේශය වී ඇති අතර ඒ අනුව ඔහු දෙවැනි ටෙස්ට් තරගය සඳහා පමණක් සහභාගී කරවීමට මේ වන විට සැලසුම් කර ඇත.

මේ අතර බිග් බෑෂ් තරගාවලියේදී වැලමිටෙහි ආබාධයකට මුහුණදුන් ඔස්ට්‍රේලියා කණ්ඩායමේ තාවකාලික නායක ස්ටීවන් ස්මිත් හට ශ්‍රී ලංකා තරගාවලිය සඳහා ක්‍රීඩා කිරීමට හැකි බව ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය විසින් ඊයේ (20) තහවුරු කර ඇත. 

මින් පෙර ඔහුගේ ශ්‍රී ලංකා තරගාවලි සහභාගීත්වය අවිනිශ්චිත මට්ටමක පැවතුණි. 

මේ අනුව ස්මිත් මේ වන විට ඩුබායි හි පුහුණු කඳවුරකට සහභාගී වී සිටින ඔස්ට්‍රේලියා කණ්ඩායම සමගින් සම්බන්ධවීමට නියමිත අතර ඔහු මෙම සතිය අවසන් වන විට පිතිකරණ පුහුණුවීම් අරඹනු ඇතැයි වර්තා වේ.

Continue Reading

ඡායාරූප සටහන

චීන අලුත් අවුරුද්දට සංස්කෘතික සැමරුමක් (ඡායා / වීඩියෝ)

Published

on

By

මහජන චීන සමූහාණ්ඩුවේ අලුත් අවුරුද්ද සැමරීමට සමගාමීව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය හා චීන සංස්කෘතික හා සංචාරක අමාත්‍යංශයේ සත්කාරකත්වයෙන් චීන අලුත් අවුරුදු උත්සවය වෙනුවෙන් සංස්කෘතික සැමරුමක් කොළඹ සිනමන් ලයිෆ් හෝටලයේදී ඊයේ (19) පැවැත්විණි.

එම උත්සවය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීන අලුත් අවුරුදු උත්සවය වෙනුවෙන් නිකුත් කළ සුබ පැතුම් පණිවිඩය එහිදී අග්‍රාමාත්‍යවරිය විසින් සභාවට ඉදිරිපත් කළාය.

චීන සංස්කෘතිකාංග සමගින් වර්ණවත් වූ මෙම සැමරුම් උත්සවයට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා, මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා, ශ්‍රි ලංකාවේ චීන තානාපති චී ජන්හොන්ග් මහතා, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි යන මහත්වරු ඇතුළු ශ්‍රී ලාංකිකයන් සහ චීන ජාතිකයින් පිරිසක් එක්ව සිටියහ.

මේ වැඩසටහන හර්නෑන් පළාතේ ජ’ංජෝ (Zhengzhou) නගරයේ සංස්කෘතිය පිළිබඳ නගර කාර්යාංශය, සිචුවාන් සංචාරක සරසවිය, මෙරට චීන සංස්කෘතික මධ්‍යස්ථානය, පොර්ට් සිටි කලම්බෝ පුද්ගලක සමාගම හා සිනමන් හොටේල් ඇන්ඩ් රිසෝට් පුද්ගලික සමාගම විසින් සංවිධානය කර තිබිණි.
අලුත් අවුරුදු සැමරුමට සමගාමීව Henan Art Troupe සහ Sichuan Chef Team හි 34 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක්ද ලංකාවට පැමිණ සිටී.

ජනවාරි 20 සිට 23 දින දක්වා “චීන ආහාර සැණකෙළිය” හා “වරාය නගර චීන සංස්කෘතික රාත්‍රිය” පැවැත්වීමට ද කටයුතු සංවිධානය කර ඇත.

(ඡායා – ශානිකා ජයසේකර / වීඩියෝ – කැළුම් ශිවන්ත)

Continue Reading

පුවත්

මහනුවර – මහියංගනය මාර්ගය තාවකාලිකව වැසේ

Published

on

By

මහනුවර – මහියංගනය මාර්ගය කහටගොල්ල ප්‍රදේශයෙන් තාවකාලිකව වසා දැමීමට තීරණය කර ගෙන තිබේ.

අද (20) පස්වරු 6:00 සිට එම මාර්ගය තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇත.

කහටගොල්ල ප්‍රදේශයේ 44/1 කිලෝමීටර් කනුව අසල ගල් කඩාවැටීමේ අවධානමක් හේතුවෙන් එම තීරණය ගෙන ඇති බව වාර්තා වෙයි.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved