Connect with us

පුවත්

දන්න දේ දැන ගන්න මෛත්‍රි උසාවි කැඳවයි

Published

on

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය අද (28) නියම කළාය.

මෙම සිද්ධියට පාස්කු ප්‍රහාරය එල්ල කළ පුද්ගලයින් තමන් දන්නා බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඔහු අධිකරණයට කැඳවා ප්‍රකාශයක් ගන්නැයි රහස් පොලිසිය අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුව මහෙස්ත්‍රාත්වරිය එලෙස නියම කළාය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඔහු රහස් පොලිසිය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් දුන් අතර ඒ පිළිබඳ නීතීපතිවරයාට දැනුම් දෙමින් තමන් ගතයුතු ඉදිරි පියවර කුමක්දැයි රහස් පොලිස් නිලධාරීහු උපදෙස් ඉල්ලා තිබිණි.

(ලංකාදීප)

පුවත්

ශිෂ්‍යත්ව විභාගයට අයැදුම්පත් කැඳවීම අද සිට

Published

on

By

2024 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා අයැදුම්පත් කැඳවීම අද (27) සිට ආරම්භ වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසුවේ, ලබන මස 14 වැනිදා දක්වා මාර්ගගතව අයැදුම්පත් කැඳවන බවය.

ජුනි 14 වැනිදා මධ්‍යම රාත්‍රි 12 ට මාර්ගගත ප්‍රවේශය වසා තබන බවත් , කිසිදු හේතුවක් මත අයැදුම්පත් භාරගැනීමේ අවසන් දිනය දීර්ඝ නොකරන බවත් විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ ය.

ඔහු පැවසුවේ රජයේ පාසලක හෝ රජය විසින් අනුමත කරනු ලැබු පාසලක 5 ශ්‍රේණියේ ඉගැනුම ලබන සිසුන්ට පමණක් 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට ඉදිරිපත්විය හැකි බවයි.

මේ අතර, 2025 ජනවාරි 31 වැනි දිනට වයස අවුරුදු 11ට අඩු, අඩු ආදායම් සහිත සිසුන් ශිෂ්‍යාධාර ලැබීමට සුදුසුකම් ලබන බවද ඔහු සඳහන් කළේ ය.

විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ, අයැදුම් කිරීමට අදාළ උපදෙස් www.onlineexams.gov.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකි බවයි.

විශේෂ අවශ්‍යතා සහිත සිසුන්, ඉල්ලුම් කළ යුතු ආකාරය පිළිබඳ උපදෙස් විස්තරාත්මකව උපදෙස් පත්‍රිකාවේ සඳහන් කර ඇතැයිද විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කළේ ය.

2024, 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ලබන සැප්තැම්බර් 15 වැනි ඉරුදින පැවැත්වීමට නියමිතයි. 

Continue Reading

පුවත්

වැසි හා සුළං තත්ත්වය තවදුරටත්

Published

on

By

නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් පවතින සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹසහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල මි.මී. 75 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැක.

ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු මැද, බස්නාහිර, දකුණු සහ වයඹ පළාත්වලත් ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. (50-60) ක පමණ තද සුළං ඇතිවිය හැක. දිවයිනේ සෙසු ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක

Continue Reading

පුවත්

නීතිපති තවත් මාස 6ක් තියාගන්න ජනපතිට හිත ගිහින්?

Published

on

By

නීතිපති, ජනාධිපති නීතිඥ සංජේ රාජරත්නම් මහතාගේ ධුර කාලය මාස හයකින් දීර්ඝ කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිර්දේශ කර ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ගවලින් වාර්තා වන බව “දිනපතා අරුණ” පුවත්පත වාර්තා කර තිබේ.

මෙම නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ඉදිරිපත් කර ඇති බවත්, ලබන මස මුල් සතියේ පාර්ලිමේන්තුව රැස්වන විට එම ඉල්ලීම සලකා බැලීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අපේක්ෂා කරන බවත් එහි වැඩිදුරටත් දැක්වේ.

නීතිපතිවරයා ලබන ජුනි 27 වැනිදා විශ්‍රාමයාමට නියමිතය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved