Connect with us

පුවත්

දන්සැල් පරික්ෂා කරන්න PHI ලා 3,000ක්

Published

on

වෙසක් උත්සවයට සමගාමීව දිවයින පුරා පැවැත්වෙන දන්සැල් පරීක්ෂා කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 3,000ක් යොදවා ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

එහි සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කර සිටියේ, දන්සැල් පැවැත්වීමට පෙර එය ලියාපදිංචි කිරීම අනිවාර්යය බවයි.

“එළැඹෙන වෙසක් උත්සවය වෙනුවෙන් දන්සල් ලියාපදිංචි කිරීම සඳහා අවශ්‍ය කටයුතු අපි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල සියල්ල සුදානම් කරලා තියෙනවා. ඔබ දන්සැලක් දෙන්න අපේක්ෂා කරනවා නම් ඔබ දන්සැල ලබාදෙන පරිශ්‍රය පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට ගිහින් ලිඛිතව දැනුම් දුන්නහම දන්සල ලබාදෙන දිනය, ස්ථානය හා වර්ගය පිළිබඳව අවශ්‍ය උපදෙස් අපි ලබාදෙනවා. ඒ වගේම ස්ථාන පරීක්ෂා කරලා අවශ්‍ය නිර්දේශ අපි ලබාදෙනවා. ඒ වගේම දිවයින පුරා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු 3,000කට ආසන්න පිරිසක් තමන්ගේ කොට්ඨාසවලට අයත් දන්සල් වෙසක් පොහොයට පෙර දින, පොහොය දිනයේ හා පසු දින සම්පූර්ණයෙන්ම පරීක්ෂාවට ලක්කරන්න කටයුතු කරනවා,” යැයි ඔහු පැවසීය.

පුවත්

කටුනායක නව මගී පර්යන්තය ඉදිකිරීමට ටෙන්ඩර් කැඳවීමේ කාලය දීර්ඝ කෙරේ

Published

on

By

ජයිකා ආධාර මත කටුනායක ගුවන්තොටුපොළේ නව මගී පර්යන්තය ඉදිකිරීම සඳහා ටෙන්ඩර් කැඳවීමේ කාලය මාර්තු මාසය දක්වා දීර්ඝ කර තිබේ.

වරාය හා ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය රුවන් කොඩිතුවක්කු මහතා සඳහන් කළේ, ඒ අනුව ලබන ජූනි මාසයේදී එහි ඉදිකිරීම් ආරම්භ කිරීමට හැකි වන බවයි.

නව මගී පර්යන්තය ඉදිකිරීමත් සමග 2028 වසර වනවිට කටුනායක ගුවන්තොටුපොළේ වාර්ෂික මගී මෙහෙයුම් ධාරිතාව මිලියන 15ක් දක්වා ඉහළ නැංවීමට හැකියාව ලැබෙන බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

Continue Reading

පුවත්

කින්නියා කුරින්චර්කනි පාලමේ ඉදිකිරීම් යලි ඇරඹේ

Published

on

By

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ කින්නියා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පුද්ගලයන් ලක්ෂයකට පමණ සිය ගමනා ගමන සහ ව්‍යාපාර කටයුතු පහසු කරවන කුරින්වර්කනි පාලමේ ඉදිකිරීම් කටයුතු නැවත ආරම්භ කිරීම සඳහා ඇ.ඩො මිලියන 10.5ක මුදලක් වෙන් කෙරේ.

ඒ අනුව, පේරාදෙණිය බදුල්ල සෙංකලඩි මාර්ග සංවර්ධන ව්‍යාපෘතියේ ඉතිරි මුදල් මේ සඳහා යෙදෙවීමට අදාළ සංශෝධිත ගිවිසුමට අත්සන් තැබීමට මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා සහ සෞදි සංවර්ධන අරමුදලේ අධ්‍යක්ෂ (නීති) අබ්දුල් මොසෙන් ඒ අල්මුල්ලා මහතා විසින් සිදු කරන ලදී.

එම සංශෝධිත ගිවිසුම් මගින් පේරාදෙණිය බදුල්ල සෙංකලඩ් මාර්ග සංවර්ධන ව්‍යාපෘතියේ අපේක්ෂිත ඉතිරි මුදල් මාර්ග ජාල සංවර්ධන ව්‍යාපෘතිය වෙත මාරුකිරීමට අපේක්ෂිත අතර, එය කුරිචර්කනි පාලම ඉදිකිරීමේ කටයුතු සඳහා වෙන් කරනු ඇත.

Continue Reading

පුවත්

අගමැතිනිය හා ලෝක බැංකු නියෝජිතයින් අතර සාකච්ඡා

Published

on

By

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපයේ උප සභාපති Martin Raiser මහතා අතර හමුවක් ඊයේ (21) පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි.

අධ්‍යාපනය, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ රටේ ප්‍රධාන සංවර්ධන ප්‍රමුඛතා පිළිබඳව මෙන්ම ජාතික අභියෝගවලට මුහුණ දීමේ සහ රටතුළ තිරසාර ප්‍රගතියක් අත්කර ගැනීම පිළිබඳව මෙහිදී අවධානය යොමු විය.

මෙරට තාක්ෂණික, වෘත්තීය අධ්‍යාපන සහ වෘත්තීය පුහුණුව (TVET) තුළ ගුණාත්මකභාවය ඉහළ නැංවීම පිළිබඳව මෙම සාකච්ඡාවේදී අවධානය යොමු විය. සිසුන් සඳහා විවිධ වෘත්තීය මාර්ග නිර්මාණය කිරීම සඳහා පාසැල් අධ්‍යාපනය සමඟ වෘත්තීය අධ්‍යාපනය ඉගැන්වීමේ වැදගත්කම දෙපාර්ශවයම මෙහිදී අවධාරණය කළහ.

ශ්‍රම බලකායේ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ ආර්ථික ක්‍රියාකාරකම් සඳහා කාන්තාවන් සහභාගී කර ගැනීම වැඩි දියුණු කිරීම සඳහා ප්‍රතිපත්තිමය මැදිහත්වීම් වල අවශ්‍යතාවය පිළිබඳව ද අවධානය යොමු කෙරිණ. අධ්‍යාපනය, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ කලාපීය සංවර්ධනය ඉහළ නංවන තිරසාර විසඳුම් සඳහා සහයෝගයෙන් කටයුතු කිරීමට ශ්‍රී ලංකාව සහ ලෝක බැංකුවේ අන්‍යෝන්‍ය කැපවීම මෙම සාකච්ඡාවේදී තහවුරු විය.

නේපාලය, මාලදිවයින සහ ශ්‍රී ලංකාව සඳහා කලාපීය අධ්‍යක්ෂ David Sislen මහතා ඇතුළු ලෝක බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත , විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සමන්ත බණ්ඩාර , විදේශ කටයුතු අමාත්‍යාංශයේ ආර්ථික කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ ජනරාල් (ද්විපාර්ශ්වික) දර්ශන එම් පෙරේරා , සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ අග්නිදිග ආසියා සහ මධ්‍යම ආසියානු අංශයේ අධ්‍යක්ෂිකා ලෂිංකා දම්මුල්ලගේ යන මහත්ම මහත්මීන්ද මෙම හමුවට එක්විය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved