Connect with us

පුවත්

දරුවන් 15,000කට වැඩි ගණනකට උග්‍ර තීව්‍ර මන්දපෝෂණය!

Published

on

මේ වසරේ දී දිවයින පුරා උග්‍ර තීව්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් 15763 දෙනකු හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවුල් සෞඛ්‍ය කාර්යාංශය සඳහන් කරයි.

ජාතික පෝෂණ මාසය නිමිත්තෙන් එම කාර්‍යංශය කළ සමීක්ෂණයකදී මෙම කරුණු අනාවරණය වී තිබේ.

සෞඛ්‍ය අමාත්‍යංශයේ ඇගැයුම් හා නියාමන අංශයේ විශේෂඥ වෛද්‍ය කෞෂල්‍යා කස්තුරිආරච්චි මහත්මිය පැවසූයේ මෙම සමීක්ෂණය අනුව මන්දපෝෂණයෙන් පෙළෙන වැඩිම දරුවන් සංඛ්‍යාවක් හඳුනාගෙන ඇත්තේ කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයෙන් බවයි.

මේ වසරේ දී  අඩු බර සහිත දරුවන්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන බව ද පවුල් සෞඛ්‍ය කාර්යාංශය පවසයි.පසුගිය වසරේ සියයට 15.3 ක් ලෙස පැවති අඩු බර සහිත දරුවන්ගේ ප්‍රතිශතය මේ වසරේ සියයට 17 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ද සෞඛ්‍ය අමාත්‍යංශය කියයි.

එමෙන්ම පසුගිය වසරට සාපේක්ෂව බර අඩු මව්වරුන්ගේ සහ රක්තහීනතාවයෙන් පෙළෙන මව්වරුන්ගේ  වැඩි වීමක් දක්නට ලැබෙන බවද සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.

පසුගිය වසරේ සියයට 14.5 ක මට්ටමක පැවැති අඩුබර දරු උපත් සංඛ්‍යාව මේ වසරේ සියයට 15ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ද සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

(ලංකාදීප)

පුවත්

කෙහෙළිය අල්ලස් කොමිසමට පැමිණේ

Published

on

By

ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (18) උදෑසන අල්ලස් හා දුෂණ විමර්ශන කොමිසම වෙත පැමිණ තිබේ.

Continue Reading

පුවත්

බූලී සහ බැරල්වලට ඉන්ධන නිකුත් කිරීම අත්හිටුවයි

Published

on

By

බූලී සහ බැරල්වලට ඉන්ධන නිකුත් කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටවූ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

පාරිභෝගිකයින් විසින් අන්තනෝමතික ලෙස බූලි සහ බැරල්වලට ඉන්ධන ලබාගැනීම සඳහා පිරවුම්හල් වෙත ඒකරාශි වෙමින් අනවශ්‍ය තදබදයක් හා පෝලීම් ඇති කරමින් කටයුතු කරන බවට වාර්තාවී ඇති හෙයින් මෙම පියවර ගත් බවද තෙල් සංස්ථාව පෙන්වා දෙයි.

ඒ අනුව, ඉහත තීරණය ඉන්ධන පිරවුම්හල් හිමියන් වෙත දැනුම්දී ඇත.

ඊට පටහැනිව කටයුතු කළහොත් බෙදුම්කාරත්ව ධූරය සම්බන්ධව දැඩි විනයානුකූල පියවර ගන්නා බවත් සංස්ථාව දන්වා තිබේ.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තවදුරටත් පෙන්වා දෙන්නේ සංස්ථාව සතුව ප්‍රමාණවත් ඉන්ධන සංචිත තිබියදී පාරිභෝගිකයින් විසින් අනියත බියක් ඇති කරගෙන මෙලෙස කටයුතු කරන බවට පෙනී යන බැවින්, වහාම ක්‍රියාත්මක වන පරිදි බූලි හා බැරල් වලට ඉන්ධන නිකුත් කිරීම තහනම් කර ඇති බවය.

Continue Reading

පුවත්

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹේ (සජීවි විකාශය)

Published

on

By

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වී තිබේ.

එහි සජීවි විකාශය පහතින් දැක්වේ

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved