Connect with us

පුවත්

දැඩිගමලා හැලුව කොමිස් RAMIS තවත් තුන් අවුරුද්දකට දික් කරලා

Published

on

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කටයුතු තොරතුරු තාක්ෂණය මත වේගවත් කිරීමට ස්ථාපිත රැමිස් (Revenue Administration Management Information System (RAMIS)  පරිගණක පද්ධතිය සකස් කළ සිංගප්පූරු සමාගම සමග වන ගිවිසුම තවත් වසර තුනකට දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙන බව ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම සඳහා වන ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති, රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ගාමිණී වලේබොඩ මහතා මාධ්‍යට පවසා තිබේ.

බදු එකතුකිරීමේ මෙම ක්‍රියාවලිය පසුගිය සමයේ දැඩි මතභේදයකට තුඩු දුන් ක්‍රියාවලියක් විය.

දෙදහස් දාහතර වසරේ සිට පවතින මෙම ගිවිසුම මෙම මස 31 වැනිදායින් අවසන් වීමට නියමිතව ඇති නමුත් ගිවිසුමේ පවතින කොන්දේසි අනුව එය දීර්ඝ කරමින් ඉදිරියට ගෙන යාම හැර වෙනත් විකල්පයක් නොවීම නිසා මෙය නැවත දික් කිරීමට තීන්දු කර ඇතැයි ද වලේබොඩ මහතා මාධ්‍යට පවසා ඇත.

පරිගණකගත ආදායම් කළමනාකරණ පරිපාලන තොරතුරු පද්ධතිය (RAMIS) සඳහා මේ දක්වා රුපියල් කෝටි එක්දහස් හයසියයක් පමණ ගෙවා තිබෙන නමුත් මේ දක්වා පද්ධතියේ සම්පූර්ණ පාලනය දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ලබා ගැනීමට ‍නොහැකි වී තිබේ.

ඒ මෙම ගිවිසුම තෙවැනි පාර්ශ්වයකට අනාවරණය නොකිරීමට අදාළව වගන්තියක් ඇතුළත් කර තිබීම නිසාය.

කෙසේවුවද, මේ ගිවිසුමට මග පෑදූ සැඟවුණ මැදිහත්කරුවන් අධික කොමිස් මුදලක් ඉපැයූ ව්‍යාපෘතියක් ලෙස ද පසුගිය කාලයේ මාධ්‍ය වාර්තා පල විය.

ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතියට අයත් රැමිස් (RAMIS) හා ලෙගසි (Legacy) පරිගණක පද්ධතීන්ට අදාළව සමස්ත හිඟ බදු, දඩ හා පොළී ආදායම රුපියල් කෝටි 20,140ක මුදලක් අදාළ ආයතනවලින් අය කර ගන්නට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අපොහොසත් වී ඇති බව පසුගිය වසර මුලදී මාධ්‍ය වාර්තා කර තිබිණි.

දේශීය ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතියට අදාළව අය කිරීම් තාවකාලිකව අත්හිටුවූ හිඟ බදු, දඩ හා පොළී ආදායම රුපියල් කෝටි 57,256ක් පවතින බව ත් මෙලෙස අත්හිටුවූ මුදල් පවතින ආයතන වෙන් වෙන් වශයෙන් පැහැදිලි කරන වාර්තාවක් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවට ද යොමුකර තිබිණි.

‘2016 අංක 12 දරන තොරතුරු දැන ගැනීමේ පනත යටතේ අයැදුම් කළ තොරතුරු මගින් මේ බව අනාවරණය වී තිබිණි.

ඍජුව ම හෝ වක්‍රාකාරව එකතු කළ අගය මත බදු ලෙස රුපියල් කෝටි 11,635ක මුදලක් කලානුරූපීව ප්‍රේෂණය කර ගැනීමට අවශ්‍ය පියවරයන් ඒ අනුව ගෙන නැතැයි ද වාර්තා විය.

මේ අතර, මහරගම දැඩිගම ගෲප් වැනි විශාල ආයතන දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් රැමිස් පද්ධතියට (RAMIS) හිතා මතාම ඇතුළත් කර නොතිබීම පසුගිය දිනවල විශාල ආන්දෝලනයක් මතු කර තිබිණි.

සබැඳි පුවත්

දැඩිගම ගෲප් RAMIS එකෙන් හැලුවේ කවුද?

පුවත්

රාවයේ සමාරම්භක කර්තෘ, ජවිපේ “පොඩි අතුල” මාධ්‍යවේදී වික්ටර් අයිවන් අභාවප්‍රාප්ත වෙයි

Published

on

By

ශ්‍රී ලංකාවේ විකල්ප ධාරාවේ පුවත්පතක් වු රාවය පුවත්පතේ සමාරම්භක කතෘ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් සිය දිවි ගමන නිම කර තිබේ.

කලක සිට අසනීප තත්ත්වයෙන් රෝහල ගත වී සිටි ඒ මහතා මිය යනවිට 76 වියේ පසුවිය.

වික්ටර් අයිවන් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ⁣ජනවාරි 20 වැනිදා සවස 5ට සිදු කිරීමට නියමිතය.

1949 වසරේ ජුනි 26 වනදා උපත ලැබූ අයිවන් මහතා කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වේ.

මෙරට ගවේශණාත්මක මාධ්‍ය කලාවේ පුරෝගමියෙක් ලෙස ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් හැඳින්වේ.

හෙතෙම දේශපාලන විචාරයකු, සමාජ විශ්ලේශයකු, ග්‍රන්ථ රචයෙකු වැනි කේෂත්‍ර කිහිපයකම කටයුතු කළේය.

ජවිපෙ පොඩි අතුල

කලක් ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයකු වු වික්ටර් අයිවන් “පොඩි අතුල” නමින් පක්ෂ විසින් හඳුන්වනු ලැබ තිබේ.

එසේම ජනතා විමුක්ති පෙරමුණ විසින් දියත් කළ ආයුධ සන්නද්ධ කැරැල්ලට සම්බන්ධව වූ වික්ටර් අයිවන්, ඒ කැරැල්ල පිළිබඳව වූ 71 මහ නඩුවේ 7 වැනි විත්තිකරු ය.

අඳ ගොවිතැනේ අභියෝග, 71 කැරැල්ල, දෙමළ අභියෝගය, පන්සලේ විප්ලවය, චෞර රැජිණ සහ දේශපාලනයේ පවුල සහ කුලය යන කෘති ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් විසින් රචිත කෘති අතරින් කිහිපයක් වේ.

ඔහු කතෘ සංසදයේ ආරම්භක සාමාජිකයෙක් ද වේ.

Continue Reading

පුවත්

ඔට්ටු පොළොවල්වලින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට දාර පොලු!

Published

on

By

සජීවි විකාශන පහසුකම් සහිත ඔට්ටු මධ්‍යස්ථානවලින් බදු හා දඩ මුදල් වශයෙන් ගෙවිය යුතු රුපියල් 2,621,108,150 ක මුදලක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට මෙතෙක් ගෙවා නොමැති බව ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි.

මෙම මධ්‍යස්ථානවල මාසික දළ එකතුව මත ගෙවිය යුතු බදු සහ ප්‍රමාදවී සිදුකළ එම බදු ගෙවීම්වලට අදාළ දඩ මුදල් වශයෙන් 2014 සිට මේ දක්වා මෙම හිගබදු මුදල් ප්‍රමාණය අයවිය යුතුව පවතින බව බව විගණන කාර්යාලය පෙන්වා දෙයි.

මෙම හිගබදු මුදල් සඳහා බදුකරුවන් අභියාචනාධිකරණය වෙත අභියාචනා ඉදිරිපත් කර ඇතැයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විගණනය වෙත පිළිතුරු ලබා දී ඇත.

කඩිනමින් මෙම හිග මුදල් අයකර ගැනීමට කටයුතු කරන ලෙස විගණන කාර්යාලය දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත නිර්දේශ ලබාදී තිබේ.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් විගණන කාර්යාලය 2023 වෙනුවෙන් නොබෝදා නිකුත් කළ විගණන වාර්තාව මගින් මෙම තොරතුරු අනාවරණය වේ.

(ලංකාදීප)

Continue Reading

පුවත්

තද වැසි ගැන කාලගුණයෙන් රතු නිවේදන; වාරිමාර්ගයෙන් අනතුරු ඇඟවීම්

Published

on

By

තද වැසි පිළිබඳව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව රතු අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ පවතින ඊසාන දිග මෝසම් තත්ත්වය තවදුරටත් පැවතීම හේතුවෙනි.

උතුරු මැද, ඌව සහ නැගෙනහිර පළාත්වලත් මන්නාරම, වවුනියාව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මිලිමීටර් 150 ට වැඩි වැසි ඇති වන බව කාර්යේ නියුතු කාළගුණ විද්‍යාඥ ශ්‍රීමාල් හේරත් මහතා කියා සිටී.

මේ අතර, මල්වතු ඔය ද්‍රෝණියේ ඉහළ හා පහළ ප්‍රදේශවලට ඇදහැලුණු සැලකිය යුතු වර්ෂා තත්ත්වය හේතුවෙන් පහල ධාරා ප්‍රදේශයේ තන්තිරිමලේ සිට පහළ ප්‍රදේශවල ඔයෙහි ජල මට්ටම ගංවතුර මට්ටමට ආසන්නව පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පැවසුවේ මෙම තත්ත්වය හේතුවෙන් ද්‍රෝණියේ පහළ ප්‍රදේශවල පිහිටි වෙන්ගලචෙඩ්ඩිකුලම්, මඩු, මුසාලෛ, නැනඩ්ඩාන් යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් ගංවතුර නිම්නයේ පහළ ප්‍රදේශවලට ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවය.

මේ හේතුවෙන් මෙම තත්ත්වය සම්බන්ධයෙන් දැඩි සැළකිල්ලකින් කටයුතු කරන ලෙස එම ප්‍රදේශවල පදිංචි මහජනතාවට සහ ප්‍රදේශ හරහා ගමන් ගන්නා වාහන පදවන්නන්ගෙන් ඉල්ලා සිටින බවද වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved