Connect with us

පුවත්

දැඩිගම ගෲප් RAMIS එකෙන් හැලුවේ කවුද?

Published

on

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කටයුතු තොරතුරු තාක්ෂණය මත වේගවත් කිරීමට ස්ථාපිත රැමිස් පද්ධතියට (Revenue Administration Management Information System (RAMIS) මහරගම දැඩිගම ගෲප් ඇතුළත්ව නොතිබීම සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්ව තුළ විශාල ආන්දෝලනයක් ඇතිව ඇතැයි වාර්තා වේ.

මේ තත්ත්වය උදාවී ඇත්ත‌ේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට නව කොමසාරිස්වරයකු පත්කර ගැනීමට අයැදුම්පත් කැඳවා තිබියදීවීම විශේෂ සිද්ධියකි.

මේ සඳහා අයැදුම්පත් ඉදිරිපත් කර ඇති ‌දෙදෙනාටම අදාල තනතුර ලැබුණහොත් එම ධූරය දැරිය හැක්කේ වසරකටත් අඩු කාලයක් සඳහා පමණක් බවද පැවසේ.

කෙසේවුවද, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ද මේ සම්බන්ධයෙන් අවධානය යොමුකර ඇති බවත්, ඔවුන්ගේ ඉදිරි සැලැසුම් කටයුතු වසර පහක පමණ කාලයක් ඉදිරියට ඇති බැවින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ධූරය දැරිය හැකි කාලය අඩු අයකු පත් කිරීමට සැලැසුම් කිරීම ගැන කනගාටුවෙන් පසුවන බවද පැවසේ.

වත්මන් ‌කොමසාරිස් ජනරාල්වන රංජිත් හපුආරච්චි මහතා ලබන අගෝස්තු 25 වැනිදා අදාළ ධූරයෙන් සමු ගැනීමට නියමිතය.

මේ අතර, එම ධූරය සඳහා ඉල්ලුම් කර ඇති ‌දෙදෙනාගෙන් ‌කෙනෙකුට මහරගම දැඩිගම ගෲප් රැමිස් පද්ධතියට ඇතුළත් නොකිරීම සම්බන්ධයෙන්ද චෝදනාවක් එල්ලව ඇතැයි පැවසේ.

මීළඟ කොමසාරිස් ජනරාල්වරයාවීම සඳහා ඉල්ලුම් කර ඇත්ත‌ේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ දැනට ජ්‍යෙෂ්ඨතම නිලධාරීන් දෙදෙන‌ා වන එම්.එස්.එම්. සියාන් හා ඩී.යූ.එ. ජයවර්ධන යන මහත්වරුන් ‌වේ.  

පුවත්

ණය බර තවත් ඉහල ගිහින්

Published

on

By

ශ්‍රී ලංකාවේ විදේශීය ණය බර 2023 වසරට සාපේක්ෂව 2024 දී ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දී තිබේ.

 2023 වසරේදී මෙරට විදේශීය ණය බර ඇමෙරිකානු ඩොලර් බිලියන 63.4 කි.

එහෙත් 2024 දී ශ්‍රී ලංකාවේ විදේශීය ණය බර ඇමෙරිකානු ඩොලර් බිලියන 68 ක් දක්වා ඩොලර් බිලියන 5 කින් හෙවත් ඩොලර් කෝටි 500 කින් පමණ ඉහළ ගොස් තිබේ.

මෙලෙස විදේශ ණය බර ඉහළ ගොස් ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව සහ ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාවට සපයන ලද විදේශීය ණය සහ වගකීම් ඉහළ යාම නිසා බවද මහ බැංකුව වැඩිදුරටත් පවසයි.

මූලාශ්‍රය – දේශය

Continue Reading

පුවත්

වනජීවී අභ්‍යාසලාභීන්  3451කට ස්ථිර පත්වීම්

Published

on

By

වනජීවි දෙපාර්තමේන්තුවේ මේ වන විට සේවය කරන අභ්‍යාසලාභීන් 3451කට ස්ථීර පත්වීම් ලබාදී තිබේ . 

 ඔවුන්ව බහුකාර්ය සංවර්ධන පුහුණු අභ්‍යාසලාභීන් ලක්ෂයක් බඳවා ගැනීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ බඳවා ගෙන ඇත.

මීට අදාළව සංකේතාත්මකව ස්ථීර පත්වීම්ලාභීන් 50දෙනෙක්ට ඊයේ (13) පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැදි අතින් පත්වීම් ලබා දීම සිදුවිය.

එම අවස්ථාවේදී ඔහු කියා සිටියේ අලි මිනිස් ගැටුම අවම කර ගැනීම සදහා පත්වීම් ලබන්නන්ගෙන් ඉහළ දායකත්වයක් අපේක්ෂා කරන බවය. 

මේ වන විට දිවයින පුරා විදුලි වැට 437ක් ඉදිකර ඇති අතර එය කිලෝමීටර 5644ක් පුරා විහිදී පවති. 

එමෙන්ම විදුලිවැට බලගැන්වීමේ කුටි 647ක් ද ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

Continue Reading

පුවත්

පොලිස් ස්ථානවලට ප්‍රහාර එල්ලකරන බවට ඇමතුමක්

Published

on

By

උතුරේ පොලිස් ස්ථාන 10කට පමණ ප්‍රහාරයක් එල්ලකරන බවට කන්කසන්තුරේ පොලිස් ස්ථානයට නිර්ණාමික දුරකථන ඇමතුමක් ලැබී තිබේ.

අදාළ ඇමතුම පසුගිය ජූනි 11වනදා දහවල් 1.15ත් 1.20 අතර කාලය තුළ ලැබී ඇති බව සඳහන්ය.

 මේ වනවිට මේ සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ තිබේ.

කෙසේ වෙතත් උතුරේ පොලිස් ස්ථානවල ආරක්ෂාව සම්බන්ධයෙන් වැඩි සැලකිල්ලක් දක්වන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසා සිටියේය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved