Connect with us

පුවත්

දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණයට බ්‍රයන් තෝමස්ගේ DNA පරික්ෂාවක්!

Published

on

ජනශක්ති රක්ෂණ සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණයට අදාළව ප්‍රවීණ ඉංග්‍රීසි ක්‍රිකට් විචාරක බ්‍රයන් තෝමස් මහතාගේ ඩී එන් ඒ වාර්තා කැඳවීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය රජයේ රස පරීක්ෂකවරයාට ඊයේ (24) නියෝග කළාය.

මෙම සිද්ධියට අදාළව අධිකරණයෙන් පත් කළ කොළඹ විශ්ව විද්‍යාලයේ වෝහාරික වෛද්‍ය විද්‍යාව පිළිබද මහාචාර්ය අසේල මෙන්ඩිස් මහතාගේ සභාපතිත්වයෙන් යුතු මෙම පංච පුද්ගල විද්වත් මණ්ඩලයේ සාමාජිකයන්ගේ ඉල්ලීම මත අධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.

දිනේශ් ෂාෆ්ටර් මහතාගේ මරණය සම්බන්ධයෙන් කැඳවූ ඩීඑන්ඒ වාර්තාවන්ට අනුව තවත් ආගන්තුක ජෛව සාම්පල දෙකක් ඇති බවට අධිකරණයට කරුණු අනාවරණය වීමත් සමඟ මේ ඉල්ලීම සිදුකර තිබේ.

එම විද්වත් මණ්ඩලයේ සභාපති මහාචාර්ය අසේල මෙන්ඩිස් සහ රුහුණු විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ඩී. සී. ආර්. පෙරේරා මහත්වරුන් ඊයේ (24) අධිකරණය හමුවේ පෙනී සිටිමින් මෙම ඉල්ලීම සිදුකළහ.

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේශ් ෂාෆ්ටර් මහතා භාවිත කළ වතුර බෝතලය ගෙල සිර කර තිබූ කේබල් වයරය හා දෙඅත් බැඳ තිබූ සිප් ටයි පටියේ ආගන්තුක ජෛව සාම්පල දෙකක් ඇති බවට රජයේ රස පරීක්ෂකවරයා විසින් අධිකරණයට කරුණු වාර්තා කර තිබිණ.

පසුව මෙම ආගන්තුක ජෛව සාම්පලය සැසඳීම සඳහා බොරැල්ල කනත්තේ සේවකයන් ‍දෙදෙනා හා සොකෝ නිලධාරීන් ඇතුළුව පුද්ගලයන් හතරදෙනකු ඩීඑන්ඒ වාර්තා සඳහා රජයේ රස පරික්ෂකවරයා වෙත යොමු කර තිබුණ ද ඔහුන්ගේ ඩීඑන්ඒ මෙම ආගන්තුක ජෛව සාම්පල හා සැසඳෙන්නේ නැති බවට කරුණු වාර්තා කරමින් රජයේ රස පරීක්ෂක කාර්යාලය මරණකරු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ පුද්ගලයා හා විමර්ශන කණ්ඩායම ඩීඑන්ඒ පරික්ෂාව සඳහා රජයේ රස පරික්ෂක කාර්යාලය වෙත යොමු කරන ලෙසට අධිකරණයෙන් ඉල්ලා ඇත.

මීට අමතරව දිනේෂ් ෂාෆ්ටර් මහතා මරණයට පත් වන අවස්ථාවේ ඔහුගේ කමිසයේ තිබූ වමනය සම්බන්ධයෙන් කැඳවූ වාර්තා අනුව එම වමනයේ වස වර්ගයක් තිබූ බවට වාර්තා වන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ පැවැසීය.

මෙහිදී අදහස් දැක්වූ වෛද්‍ය මණ්ඩලය මෙම මරණය සම්බන්ධ තීන්දුව ප්‍රකාශ කිරීමට දිගු කාලයක් අවශ්‍ය බවත් වරින් වර විමර්ශන වාර්තා ලැබෙමින් පවතින හෙයින් මේවා නිසි ලෙස විමර්ශනය කොට නිගමනය ලබා දිය යුතු බවත් පැවැසීය.

මෙහිදී අගතියට පත් පාර්ශ්වය අදාළ සියලු සහයෝගය වෛද්‍ය කමිටුව වෙත ලබා දීමට එකඟ විය.

අදාළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය කමිටුව විසින් අධිකරණයෙන් ඉල්ලා ඇති නියෝග නිකුත් කරමින් කඩිනමින් මෙම මරණය සම්බන්ධ නිගමනය තමන් වෙත ලබා දීමට ක්‍රියා කරන ලෙසට වෛද්‍ය කමිටුවට පවසා සිටියාය.

පුවත්

ලක්මාලිට ලොකු තනතුරක්

Published

on

By

ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවිය පත්ව තිබේ.

කාරක සභාවේ මංගල රැස්වීම පාර්ලිමේන්තුවේදී අද (22) රැස් වූ අවස්ථාවේදී ඇය මේ සඳහා පත්ව තිබේ.

මන්ත්‍රී විජේසිරි බස්නායක මහතා විසින් ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවියගේ නම යොජනා කර ඇති අතර, මන්ත්‍රී කන්දසාමි ප්‍රභු මහතා විසින් එය ස්ථිරකරන ලදී.

කාරක සභාවේ සෙසු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුවන ලක්ෂ්මන් නිපුණ ආරච්චි, නීතිඥ සාගරිකා අතාවුද, නීතිඥ නිලන්ති කොට්ටහච්චි හා තිළිණ සමරකෝන් යන අයද මෙම රැස්වීමට සහභාගි වී තිබේ.

Continue Reading

පුවත්

එක්සත් ජාතික පක්ෂයෙන් දැඩි තීරණයක්

Published

on

By

පළාත් පාලන ආයතන සඳහා නියෝජිතයන් පත් කිරීමේදී ඔවුන් ලබාගත් ඡන්ද ප්‍රතිශතය පමණක් සැලකිල්ලට ගැනීමට එක්සත් ජාතික පක්ෂයේ තීරණය කර තිබේ.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පළාත් පාලන ආයතනවලට පත්වීමට සුදුසුකම් ලබන්නේ වැඩිම ඡන්ද ප්‍රතිශතය ගත් අපේක්ෂකයන්ට පමණි.

එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන ආයතන නියෝජිතයන් පත්කිරීම සඳහා පත්කරන ලද කමිටුව විසින් ගන්නා ලද මෙම තීරණය කිසිම හේතුවක් නිසා වෙනස් නොකරන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ.

Continue Reading

පුවත්

රාජ්‍ය ආයතනවලට ඉන්ධන සැපයීමට ඩිජිටල් කාඩ්පතක්

Published

on

By

රාජ්‍ය ආයතනවල වාහන සඳහා ඉන්ධන සැපයීමේදි මුදල් ගෙවීම් සඳහා නව ඩිජිටල් කාඩ්පතක් හඳුන්වාදීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් පියවර ගෙන තිබේ.

ඉන්ධන සැපයීමේදී සිදුවන අක්‍රමිකතා මගහැර, කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇත.

රජයේ ඩිජිටල්කරණ ප්‍රතිපත්තිය යටතේ මෙම නව කාඩ්පත හඳුන්වාදීම සිදුවන බව වැඩිදුරටත් සඳහන්ය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved