දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
බස්නාහිර, දකුණු, වයඹ හා නැඟෙනහිර පළාත්වල උදෑසන කාලයේ වැසි ඇති විය හැකි අතර බොහෝ ප්‍රදේශවල අද (19) පස්වරු 02.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද එම නිවේදනයේ දැක්වේ.
බස්නාහිර, වයඹ, දකුණ, මධ්‍යම හා නැඟෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75ට වැඩි තරමක තද වැසි ද ඇති විය හැකි බව වාර්තා වේ.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් හා අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
තවද මවුන්ට් හෝටලය අසල පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් ඇල්ල වැල්ලවාය මාර්ගයේ තාවකාලිකව වසා දමා තිබේ.
මේ හේතුවෙන් විකල්ප මාර්ග ලෙස හපුතලේ බෙරගල මාර්ගය භාවිතා කරන ලෙස පොලිසිය සඳහන් කරයි.