Connect with us

පුවත්

දීප්තිගේ පක්ෂයෙන් නාමයෝජනා දුන් අපේක්ෂිකාවක් CIDයට කැඳවයි!

Published

on

වන්නි දිස්ත්‍රික්කය නියෝජනය කරමින් 2024 මහා මැතිවරණයට ඉදිරිපත් වූ ‘සමබිම’ පක්ෂයේ අපේක්ෂිකාවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙස එම දෙපාර්තමේන්තුවේ නිලධාරියකු විසින් දන්වා ඇතැයි වාර්තා වේ.

එසේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇත්තේ, සමබිම පක්ෂයෙන් ඉදිරිපත්වූ ශීවන් ඉශ්වරි ජීවන් වෙතයි.

ඒ සඳහා හේතුව ලෙස සඳහන් කර ඇත්තේ සමබිම පක්ෂය නියෝජනය කරමින් මෙවර මැතිවරණයට ඉදිපත් වීම යන කරුණයි.

2024 මහා මැතිවරණය සඳහා ‘සමබිම පක්ෂය’ දිස්ත්‍රික්ක 05කට තරගවැදීම වෙනුවෙන් ලබා දුන් නාමයෝජනා මැතිවරණ කොමිසම විසින් අනුමත කර ඇත.

ඒ අනුව, ‘සමබිම පක්ෂය’ වන්නි දිස්ත්‍රික්කය සඳහා අපේක්ෂකයන් නවදෙනකු (9) යටතේ පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරග වදිති.

සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න මහතා මහ මැතිවරණය සඳහා නාමයෝජනා බාරදෙමින් කියා සිටියේ තම පක්ෂය තරග වඳින්නේ විපක්ෂ බලයක් ගැනීම සඳහා නොවන බවත්,  ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව ආණ්ඩුබලය ලබා ගැනීමට මතවාදී ශක්තියක් ලබාදීමට බවද කියා සිටියේය.

මේ අතර, උතුරේ ගැටලුව සම්බන්ධයෙන් දැරුවේ ජනතා විමුක්ති පෙරමුණ මෙන් ජාතිවාදී මතයක් නොවන බවත්, සමබිම පක්ෂය එම මතය අඛණ්ඩව අද දක්වා ම එලෙසම දරමින් සිටින බවත්, එවන් වටපිටාවක් සහිත ජාතිවාදී නොවන වමේ පක්ෂයක් වන සමබිම පක්ෂයේ අපේක්ෂිකාවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙස දැන්වීම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවක් බවද ‘සමබිම පක්ෂය’ නිවේදනයක් නිකුත්කරමින් කියා සිටියි.

සමබිම පක්ෂයේ අපේක්ෂිකාවක මේ ආකාරයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවීම, පුරවැසියා සතු ඕනෑ ම දේශපාලන මතයක් දැරීම සහ පිළිගත් දේශපාලන පක්ෂයක් සමග කටයුතු කිරීම යන මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය අමු අමුවේ තර්ජනයට ලක් කිරීමක් යයි ද එම නිවේදනයේ සඳහන් වේ.

ශීවන් ඉශ්වරි ජීවන් ගේ ප්‍රකාශය

” 12 වෙනිදා සවස 4.30ට පමණ බයිසිකලයකින් දෙදෙනෙකු පැමිණියා ඒ පුනරුත්තාපනයෙන් පැමිණියාට පසු අපි ගැන නිතරම හොයන බුද්ධි අංශ නිලධාරින් දෙදෙනෙක් බවට හදුනා ගත්තා. එම නිලධාරින් දෙදෙනා ඇවිත් ඔයා මේපාර පාර්ලිමේන්තු මැතිවරණයට නම් ලැයිස්තු කරලා තියෙනවා. ඔයා ඒ ගැන දැනුවත්ද කියලා ඇහුවා. ඔයාව බලහත්කාරයෙන්ද මේ නාමයෝජනාවලට ඇතුළත් කරේ කියා ඇහුවා. ඒහෙම දෙයක් නැ. අපිව හොඳින් හඳුනන කෙනෙක් හරහා තමයි මේකට ඇතුල් වුණේ කියලා කිව්වා.

සමබිම පක්ෂයෙන් ඔයා පාර්ලිමේන්තු මැතිවරණයකට තරග කරන එකේ ලොකු ප්‍රහේලිකාවක් තියෙනවා. ඔයාගේ නිවසේ තියන විදිය ඔයාගේ තත්ත්වය කිසිම පසුබිමක් නැතුව ඔයා කොහොමද මැතිවරණයකට ඉල්ලන්නේ ඔයාව බලෙන් නේද මේකට ඇතුලත් කරේ කියලා ඇහුවා.

මේ ගැන හොයලා බලන්න ඕනේ මේ ගැන අපි කොළඹ උසස් නිලධාරින්ව දැනුවත් කරනවා. ඔයාට විමර්ෂණයක් පවත්වන්න සිද්ධවෙනවා” යැයි ඒ පැමිණි නිලධාරීන් ඇයට වැඩිදුරටත් පැවසු බව ඉශ්වරි පවසයි.

පාර්ලිමේන්තු මැතිවරණයකට ඉදිරිපත් වීම ගැන මෙසේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයකින් පැමිණ ප්‍රශ්න කරන්නේ ඇයිද යන්න ගැටළුකාරී තත්ත්වයක් බව ඇය වැඩිදුරටත් සඳහන් කරන්නීය.

මේ සම්බන්ධයෙන් සමබිම පක්ෂය මේ වන විටත් මැතිවරණ නිරීක්ෂණ සංවිධානයක් වන පැෆ්රල් සංවිධානයට පැමිණිලි කර ඇත.

පුවත්

වෙසක් බලන්න ගිය ලොරි රථයක් අනතුරට ලක්වේ

Published

on

By

කොළඹ සිට ආණමඩුව වෙත ගමන් කරමින් තිබු ලොරි රථයක් මූදුකටුව ප්‍රදේශයෙදී මාර්ගයෙන් ඉවතට පැන අනතුරක් සිදුව තිබේ.

අනතුරින් තුවාල ලැබු 10 දෙනකු මාරවිල මූලික රෝහලට ඇතුළත් කර ඇති බව මාරවිල මූලස්ථාන පොලිසිය පවසයි.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ ආණමඩුවේ සිට වෙසක් සිරි නැරඹිමට කුඩා ලොරි රථයකින් කොළඹ ගොස් ආපසු නැවත ආණමඩුවට පැමිනෙමින් සිටි පිරිසකි.

අනතුරින් තුවාල ලබා ඇති පිරිස අතර  කුඩා ළමුන් තිදෙනෙකුද සිටින බව සඳහන්ය.

Continue Reading

පුවත්

දන්සල් 8 ක් අත්හිටුවයි

Published

on

By

නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකළ දන්සල් 8ක් අත්හිටුවීමට පියවර ගත් බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

එහි ලේකම් චමිල් මුතුකුඩ මහතා සඳහන් කළේ තවත් දන්සල් 17ක් නිසි උපදෙස්වලින් අනතුරුව පවත්වාගෙන යාමට අවසර ලබාදුන් බවය.

වෙසක් පොහොය නිමිත්තෙන් ඊයේ දිනයේ දිවයින පුරා දන්සල් රැසක් සංවිධානය කර තිබු අතර සියලු දන්සල් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණයට ලක්වුණි.

අද දිනයේත් පවත්වනු ලබන දන්සල් පරීක්ෂා කිරීමේ කටයුතුවල නිරත වන බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා සඳහන් කළේය.

Continue Reading

පුවත්

මහමඟ සියල්ලෝ භීතියට පත්කර වෙසක් බලන්න ගිය යතුරුපැදිකරුවන් 16ක් අත්අඩංගුවට

Published

on

By

නීති විරෝධී අයුරින් කොටස් ආනයනය කර එකලස් කළ බව කියන අධිබලැති යතුරුපැදි හතරක් ඇතුළුව යතුරුපැදි 16ක් බණ්ඩාරගම පොලිස් භාරයට ගෙන තිබේ.

අදාළ යතුරුපැදි 16 සමග තරුණයින් 16 දෙනෙකුද පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

වෙසක් සිරි නැරඹීමට යමින් සිටි ජනතාවට පීඩාවක් යන අයුරින් මෙන්ම මාර්ගයේ ගමන් ගන්නා අනෙකුත් වාහනවලටද මහජන පීඩාවක් ඇතිවන අයුරින් අධික ශබ්ද නගමින් මෙම යතුරුපැදි අදාළ යතුරුපැදිකරුවන් විසින් ධාවනය කර තිබේ.

පොලිස් භාරයට ගත් අධිබලැති යතුරුපැදි හතරෙහි ලියාපදිංචි අංක තහඩු පරීක්ෂා කිරීමේදි ඒවා සැකකටයුතු බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

අනෙකුත් සියලුම යතුරුපැදි නියමිත සයිලන්සර් කොටස් ඉවත් කර මාර්ගයේ ධාවනය වීමේදි ගමන් ගන්නා පදිකයින් බිය උපද්දවන සුළු හඬ පැතිරෙන අයුරින් වෙනත් කොටන් බද්ධ කර තිබූ බවටද පොලීසිය සිදුකල පරීක්ෂාවේදී දැකගත හැකි වූ බව පොලීසිය පැවසීය.

පොලීසිය සඳහන් කලේ අත්අඩංගුවට ගත් සැකකාර තරුණයින් බොරලැස්ගමුව, කැස්බෑව, බණ්ඩාරගම, දොඩංගොඩ, කළුතර, හෝමාගම සහ ඉංගිරිය ආදී විවිධ ප්‍රදේශවල පදිංචිකරුවන් බවය.

එම තරුණයින් ඇප මත මුදා හැරීමට පියවර ගෙන ඇති අතර ඉදිරි දිනකදී අධිකරණය වෙත ඉදිරිපත් කිරීමටත් නියමිත බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved