Connect with us

පුවත්

දුම්රියේ යන්නෝ 25%ක් යන්නේ හොරෙන්!

Published

on

දුම්රිය මඟීන්ගෙන් 25%ක්ම ප්‍රවේශ පත්‍ර රහිතව ගමන් ගන්නා බව අනාවරණය වී ඇතැයි දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (මෙහෙයුම්) ඒ.ඩී.ජී. සෙනෙවිරත්න මහතා කියයි.

එමෙන්ම දුර බැහැර සිට පැමිණෙන ඇතැම් මගීන් කොළඹට ආසන්න දුම්රිය ස්ථානවලින් වාර ප්‍රවේශ පත්‍ර ලබා ගන්නා බව හෙළිව ඇතැයිද ඔහු පෙන්වා දුන්නේය. 

මේ තත්ත්වය දුම්රියට මෙන්ම රජයටද විශාල ගැටලුවක් බවත් පෙන්වා දුන් ඒ මහතා මෙවන් තත්ත්වයක් තුළ සේවාව පවත්වාගෙන යාම විශාල ගැටලුවක් වී ඇතැයි ද ඔහු කියා සිටී.

බොහෝ ගමනාන්තයන්ට බස් රථයේ මුදලෙන් අඩක් පමණ අය කළත් මඟීන් මෙසේ ප්‍රවේශ පත්‍ර රහිතව ගමන් කිරීම තුළින් දෙපාර්තමේන්තුවට පමණක් නොව එය මඟීන්ටද දීර්ඝකාලීනව විශාල හානියක් බව ඔහු සඳහන් කරයි.

මේ අතර, ප්‍රවේශ පත්‍ර රහිතව ගමන් කරනු ලබන මඟීන් හා 3 වෙනි පංතියේ ප්‍රවේශ පත්‍ර මිලදී ගෙන 2 පංතියේ ගමන් කරනු ලබන මඟීන් නීතියේ රැහැනට හසු කර ගැනීමට විධිමත් වැඩ පිළිවෙළක් මේ වන වට සකස් කර ඇතැයි ද ඔහු හෙළි කර සිටී.

පුවත්

මෙරට ප්‍රංශ තානාපති අභාවප්‍රාප්ත වෙයි

Published

on

By

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපතිවරයා රාජගිරිය ප්‍රදේශයේ පිහිටි සිය නිල නිවස තුළදී මියගොස් ඇති බව පොලීසිය පවසයි.

Jean Francois Pactet මහතා මියයන විට 53 හැවිරිදි වියේ පසුවිය.

දේහය සම්බන්ධයෙන් ස්ථානීය මහෙස්ත්‍රාත් පරීක්ෂණය සිදුකිරීමට නියමිතව ඇත.

Continue Reading

කලා

ආනන්ද පෙරේරා දිවිගමනට සමුදෙයි!

Published

on

By

මෙරට ප්‍රවීණ සංගීතඥයෙකු හා ගායකයකු වූ ආනන්ද පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඒ මහතා 67 හැවිරිදි වියේ පසුවිය.

මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇත.

මෙරට අතිශය ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වූ සිහශක්ති සංගීත කණ්ඩායම මෙහෙයවනු ලැබුවේ ඔහු විසිනි.

Continue Reading

පුවත්

“රාජපක්ෂලා එක්ක ඩීල් නොදැම්මේ සජබ විතරයි”

Published

on

By

රට විනාශ කළ රාජපක්ෂවරුන් සමග ඩිල් නොදැමූ එකම පක්ෂය සමගි ජන බලවේගය පමණක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

ඔහු මෙම අදහස් පල කළේ, සජිත් ජනපති කරන, ජන බලය ගොඩ නගන ජන පවුර යන මැයෙන් සමගි ජන බලවේගය සංවිධාන කළ ජන රැළියට පොළොන්නරුව – කදුරුවෙළ නගරයේදී ඊයේ (25) එක්වෙමිනි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වූ නන්දසේන හේරත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිලක් මහලේකම් සහ ජනතා විමුක්ති පෙරමුණේ පොළොන්නරුව මහ නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රී සමන්ත බණ්ඩාර විපක්ෂ නායක සජිත්ප්‍රේමදාසට සහය පළ කරමින් මෙහිදී සමගි ජන බලවේගය සමග එක්විය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුලු සමගි ජන බල වේගය නියෝජනය කරන විශාල පිරිසක් මෙම රැලිය සඳහා එක්ව සිටියහ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved