Connect with us

පුවත්

දුම්රිය අවලංගුවීමෙන් සිදුවන දෛනික පාඩුව ගැන විගණනයක් කරන්න – COPA

Published

on

දුම්රිය අවලංගුවීම හේතුවෙන් සිදුවන දෛනික පාඩුව සම්බන්ධයෙන් විගණනයක් කරන ලෙස කෝපා කමිටුවෙන් නිර්දේශ කරන ලදි.

මෙසේ නිර්දේශ ඉදිරිපත් වූවේ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ 2023 වර්ෂයේ විගණකාධිපති වාර්තාව හා වර්තමාන කාර්යසාධනය සම්බන්ධයෙන්සාකච්ඡා කිරීමට රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (COPA) පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත් මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (05) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

පසුගිය මැයි මස 08 වැනිදා මෙම කාරක සභාව හමුවට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව කැඳවූ අවස්ථාවේදී 2023 වර්ෂයේ විගණකාධිපති වාර්තාව
සලකා බැලීම සිදු වූ අතර එහිදී අනාවරණය වූ කරුණු මත නැවත මෙම ආයතනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට තීරණය කෙරිණි. මේ සඳහා හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරීවරු සහ හිටපු අමාත්‍යාංශ ලේකම්වරුන්ද කැඳවීමට තීරණය කෙරුණු අතර ඒ අනුව එම නිලධාරීන්ද මෙම කාරක සභා රැස්වීම සඳහා සහභාගී විය.

පවත්වා ඇති විගණන හා කළමනාකරණ කමිටු රැස්වීම් ප්‍රමාණවත් නොවීම පිළිබඳව කමිටුවේ අවධානය යොමු වූ අතර 2021 වර්ෂයේ සිට 2024 වසර
දක්වා කළමනාකරණ කමිටු රැස්වීම් ප්‍රමාණවත් අයුරින් පවත්වා නොමැතිවීම පිළිබඳව කාරක සභාව හිටපු අමාත්‍යාංශ ලේකම්වරුන්ගෙන් සහ හිටපු දුම්රිය
සාමාන්‍යාධිකාරීවරුන්ගෙන් කරුණු විමසන ලදි. මේ අනුව එම හිටපු නිලධාරීන් පෙන්වා දුන්නේ කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සහිත කාලසීමාව
තුළ කළමනාකරණ කමිටු රැස්වීම් පැවැත්වීම් අඩපණ වූ බවයි. නමුත් 2024 වර්ෂයේ එය විධිමත් කිරීමට සැලසුම් කර තිබුණත් නිලධාරීන් ස්ථාන මාරුවීම
නිසා සැලසුම්කර තිබූ අවසන් රැස්වීම පැවැත්වීමට නොහැකි වූ බව ඔවුහු පෙන්වා දුන්හ. 

මෙහිදී කමිටුව පෙන්වා දුන්නේ මෙම තත්ත්වය නිසා ආයතනයේ කාර්යක්ෂමතාව අවම වී ඇති බවත්, මෙය 2022 වර්ෂයේ දුම්රිය වාර 64ක්, 2023 වර්ෂයේ දුම්රිය වාර 61ක් සහ 2024 වර්ෂයේ දුම්රිය වාර 46ක් ප්‍රමාද වී ධාවනය වීමට හේතුවක් වී ඇති බවත්ය. මේ නිසා දීර්ඝව මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සිදු වූ අතර අනතුරුව දෛනිකව සිදුවන දුම්රිය ප්‍රමාදවීම් සහ ඒවා වළක්වා ගැනීමට ගන්නා පියවර පිළිබඳ වාර්තාවක් අමාත්‍යාංශයට ඉදිරිපත් කරන ලෙස කාරක සභාව නිර්දේශ කළේය.

එසේම දුම්රිය අවලංගුවීම හේතුවෙන් සිදුවන දෛනික පාඩුව සම්බන්ධයෙන් විගණනයක් කරන ලෙසද කමිටුව නිර්දේශ කරන ලදි.

2020 අගෝස්තු 28 දිනැති රාජ්‍ය මුදල් චක්‍රලේඛය අනුව ප්‍රසම්පාදන සැලැස්ම සඳහා ප්‍රධාන ගණන්දීමේ නිලධාරියාගෙන් අනුමතිය ලබා ගත යුතු වුවත් 2024 වර්සයේ ප්‍රසම්පාදන සැලැස්ම සඳහා අදාළ අනුමතිය ලබාගෙන නොතිබීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු වූ අතර මේ සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස කාරක සභාව නිර්දේශ කළේය.

දුම්රියෙන් හුණුගල් ප්‍රවාහනය වෙනුවෙන් සියෑම් සිටි සිමෙන්ති (ලංකා) සමාගමෙන් 2024 දෙසැම්බර් 31 දිනය වන විට අයවිය යුතු හිඟ ආදායම වන රු. 2,187,326/= අයකර ගැනීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා වූ අතර එම ව්‍යාපෘතිය මේ වන විටද ක්‍රියාත්මක වන බවත් අවශ්‍ය මුදල් නියමිත පරිදි අයකර ගැනීමට කටයුතු කරන බවත් නිලධාරීන් පෙන්වා දුන්නේය.

පසුගිය මැයි මස 22 වැනිදා කෝපා කමිටුවේ සාමාජික මන්ත්‍රීවරුන් රත්මලාන දුම්රිය නඩත්තු අංගනයේ නිරීක්ෂණ චාරිකාවක නිරතවූ අතර මෙහිදී අනාවරණය වූ තොරතුරු සම්බන්ධයෙන්ද එම මන්ත්‍රීවරුන් කාරක සභාව දැනුවත් කළහ. මේ අනුව ගරු මන්ත්‍රීවරුන් පෙන්වා දුන්නේ ඉවත්කළ යුතු යන්ත්‍ර සහ උපකරණවලින් වැඩබිමේ විශාල භූමි ප්‍රමාණයක් ආවරණය වී ඇති බවත්, ඇතැම් යන්ත්‍රෝපකරණ අවශ්‍ය කරන පාරිසරික තත්ත්වයන් තුළ ස්ථාපිත නොවී ඇති බවක් නිරීක්ෂණය වන බවත්, ප්‍රමාණය ඉක්මවමින් ඇතැම් උපකරණ මිලදීගෙන ඇති බවත් ය.

මේ සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා වූ අතර එම් 11 දුම්රිය එන්ජිම් මිලදීගැනීම, වියදම සහ නඩත්තු කිරීමේ වියදම සම්බන්ධයෙන් වාර්තාවක් ලබා දෙන ලෙස නිර්දේශ
කළේය.

මීට අමතරව පසුගිය වසර 5 ඇතුළත ලබාගත් මූල්‍ය ප්‍රගතිය පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් කාරක සභාවට ලබාදෙන ලෙසද නිර්දේශ කළේය.

මෙම රැස්වීම සඳහා කාරක සභා සාමාජික නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර, කාරක සභා සාමාජික මන්ත්‍රීවරයන් වන ජේ.සී. අලවතුවල, එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා, චන්දන සූරියආරච්චි, ටී.කේ. ජයසුන්දර, රුවන්තිලක ජයකොඩි, නීතීඥ තුෂාරි ජයසිංහ,,(වෛද්‍ය) ජනක සේනාරත්න සහ මංජුල සුරවීරආරච්චි යන මහත්ම මහත්මීන්ඇතුළු රාජ්‍ය නිලධාරීහු පිරිසක් සහභාගී වී සිටියහ.

පුවත්

මන්ත්‍රී ජගත් විතානගේ ගේ පුත්‍රයා අත්අඩංගුවට

Published

on

By

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතාගේ පුත්‍රයාව පානදුර වලාන දූෂණ මර්ධන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ මතුගම ප්‍රදේශයේදීය.

නීති විරෝධීව එකලස් කරන ලද වාහනයක් ලඟ තබා ගැනීමේ සිද්ධියකට අදාළව ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

Continue Reading

පුවත්

නිලන්තව පොලීසියෙන් නෙරපයි

Published

on

By

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා පොලිස් සේවයෙන් පහ කිරීමට ජාතික පොලිස් කොමිෂන් සභාව තීන්දු කර ඇතිබව වාර්තා වේ. 

ජාතික පොලිස් කොමිෂන් සභාව මෙම තීන්දුව ගෙන ඇත්තේ පාස්කු ඉරිදා ප්‍රහාරයට පෙර ලැබුණු බුද්ධි තොරතුරු අනුව අවශ්‍ය ක්‍රියාමාර්ග නොගැනීම සම්බන්ධයෙන් කරන ලද විනය පරීක්ෂණයකින් නිලන්ත ජයවර්ධන මහතා වැරදිකරු බවට තීරණය වීමෙන් පසුවය.

ඊට අදාළ වාර්තාව ජාතික පොලිස් කොමිෂන් සභාවට ඉදිරිපත් වීමෙන් පසු එම කොමිසම ඊයේ (18) එහි සභාපති විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ලලිත් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන්  රැස්වූ අවස්ථාවේදී නිලන්ත ජයවර්ධන මහතා සේවයෙන් පහ කිරීමට තීන්දු කර තිබේ.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය එල්ල වන අවස්ථාවේදී රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළේ නිලන්ත ජයවර්ධන මහතාය. 

Continue Reading

පුවත්

“ගල් ඉබ්බා” මතුගමදී පොලීසියට කොටුවේ

Published

on

By

අයිස් මත්ද්‍රව්‍ය සමග සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ගයාන් ප්‍රභාත් නොහොත් ගල් ඉබ්බා මතුගම බෝපිටිය ප්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ , කළුතර අපරාධ කොට්ඨාශය නිලධාරින් විසිනි.

පොලීසිය සඳහන් කළේ , සැකකරු කලක් ඩුබායි රාජ්‍යයේ රැඳී සිට ඇති අතර විවිධ චෝදනා හේතුවෙන් එරටින් පිටුවහල් කර ඇති බවය.

මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා යොදාගත් ජංගම දුරකතනයක් ද සැකකරු සතුව තිබී පොලිස් භාරයට ගෙන තිබේ.

සැකකරු සතුව තිබී සොයා ගත් , අයිස් මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් ලක්ෂ 11කට ආසන්නය.

සැකකරු අද මතුගම මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved