Connect with us

පුවත්

දුම්රිය ආසන වෙන්කිරීම සම්පුර්ණයෙන්ම ඔන්ලයින් ක්‍රමයට

Published

on

අද (14) රාත්‍රී 07 සිට දුම්රිය ආසන වෙන්කිරීම සම්පුර්ණයෙන්ම මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදුකළ හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 

ආසන වෙන් කිරීමේ දී මේ දක්වා 40%ක ප්‍රතිශතයක් පමණක් මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදුකිරීමට අවස්ථාව සලසා දී තිබු අතර අද සිට එය සම්පුර්ණයෙන්ම මාර්ගගත ක්‍රමය ඔස්සේ පමණක් සිදුවනු ඇත.

මෙම සේවාව මඟින්  සාමාන්‍ය පරිදි දුම්රිය ආසන වෙන් කර ගැනීම සඳහා මෙන්ම වොරන්ට් බලපත්‍ර මඟින්  ආසන වෙන් කර ගැනීම සඳහා ද අවස්ථාව සලසාදී තිබේ. 

ඒ අනුව www.seatreservation.railway.gov.lk වෙබ් අඩවිය හෝ මොබිටෙල්, හච් හා එයාර්ටෙල් යන  දුරකථන ජාල හරහා  365 ඇමතීමෙන් ද, ඩයලොග් දුරකථන  ජාලයෙන් 444 ඇමතීමෙන් ද, ටෙලිකොම් ස්ථාවර දුරකථන ජාලයෙන් 1265 ඇමතීමෙන් ද මෙම සේවාව ලබාගත හැකිය. 

එසේම ‘Sri Lanka Railways Reservation’ යන ජංගම දුරකථන යෙදවුම හරහා ද ආසන වෙන් කරවා ගැනීමේ පහසුකම සලසාදී ඇත.

පුවත්

බටලන්ද කොමිෂන් වාර්තාවෙන් මන්ත්‍රීලාටත් තොප්පියක්!

Published

on

By

මහජන නියෝජිතයන් තමන් සඳහාම ආචාර නීති පද්ධතියක් සකස් කරගෙන සම්මත කරගැනීම උචිත බවත්, යම් මහජන නියෝජිතයකු (පාර්ලිමේන්තු හෝ පළාත් සභා) පෙර සඳහන් කළ ආචාර නීති පද්ධතිය උල්ලංඝනය කිරීමේ වරදකට හසුවුවහොත් අදාළ මණ්ඩලයේ අනිකුත් සාමාජිකයන්ට වරදට හසුවූ සාමාජිකයාට විරුද්ධව දෝෂාභියෝගයක් ඉදිරිපත් කිරීමේ බලය ලබා දිය යුතු බවත් බටලන්ද කොමිෂන් සභාවේ අවසන් වාර්තාව මගින් නිර්දේශ කර ඇතැයි වාර්තා වේ.

එසේ දෝෂාභියෝගයට ලක්වන සාමාජිකයාගේ මහජන නියෝජිතභාවය ද අහෝසි කළ යුතු බව එම නිර්දේශයේ සඳහන්ය.

මූලාශ්‍රය – දේශය

Continue Reading

පුවත්

දෙවිනුවර ඝාතන සැකකරුවන් රඳවාගෙන ප්‍රශ්න කරන්න අවසර

Published

on

By

දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලය ඉදිරිපිට දී  තරුණයින් දෙදෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් එළැඹෙන 29 දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය පොලීසියට අද (23) අවසර දුන්නේය.

මෙම ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් සැකපිට කාන්තාවක ඇතුළු පුද්ගලයින් සිව් දෙනෙකු  අත්අඩංගුවට ගෙන සිටියි.

ඔවුන් මාතර වැඩබලන මහෙස්ත්‍රාවරයා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම අවසරය ලබා දී ඇත.

Continue Reading

පුවත්

දේශබන්දුට ගෙදරින් කන්න අවසර දෙයි!

Published

on

By

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට නිවසින් ආහාර ගෙනඒමට බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ අනුමැතිය හිමිව තිබේ.

ඒ, තමාට නිවසෙන් ආහාර ගෙන්වා ගැනීමට අවසර දෙන්නැයි ඔහු කළ ඉල්ලීමක් අනුවයි.

සිය ආරක්ෂාව තර කරන්නැයි කළ ඉල්ලීම සැළකිල්ලට ගනිමින් බන්ධනාගාරය තුළ ඊට සුදුසු ස්ථානයක දේශබන්දු තෙන්නකෝන් මහතා රඳවා ඇතැයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශ ගාමිණි බී දිසානායක මහතා පැවසුවේ ය.

මාතර මහේස්ත්‍රාත් අධිකරණය පසුගියදා නියෝග කළේ, ලබන 3 වැනිදා දක්වා ඔහු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.

ඒ අනුව ඔහු මේ වනවිට පල්ලේකැළේ දුම්බර බන්ධනාගාරයේ රඳවා සිටී.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved