Connect with us

පුවත්

දුම්රිය බිංගෙවල්  තත්ත්ව පරික්ෂාවක්

Published

on

දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් දිවයින පුරා පිහිටි දුම්රිය බිංගෙවල් 48 අතුරින් උඩරට දුම්රිය මාර්ගයේ නාවලපිටිය සිට බදුල්ල දක්වා ඇති දුම්රිය බිංගෙවල් 32ක යෝග්‍යතාව පරික්ෂා කිරීමේ වාර්ෂික බිංගෙවල් පරීක්ෂණය සිදු කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව අද (27) පැවසීය.

දුම්රිය බිංගෙවල් වල ඇති විය හැකි ජල කාන්දු වීම, ඉරිතැලීම්, බිංගෙයි බිත්ති දුර්වල වීම, බොල් වීම වැනි දෝශ මෙන්ම බිංගෙය තුල දුම්රිය මාර්ගයේ පිහිටීම වෙනස් වීම තාක්ෂණික දෝශ ඇති වීම පිළිබඳව සොයා බලා ඊට අවශ්‍ය තාක්ෂණික ක්‍රියා මාර්ග, පිළියම් යෙදීම මෙම බිංගෙවල් පරීක්ෂණයේ අරමුණ බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබේ

දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය මාර්ග අධීක්ෂණ කළමනාකරුවන් විසින් මෙම පරීක්ෂණ සිදු කරනු ලබයි.

දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කළේ, මෝටර් ට්‍රොලි, ඩක්කු සහ පිරික්සුම් අට්ටාල සවිකරන ලද විශේෂ දුම්රියක සිට මෙම කටයුතු සිදු කරනු ලබන අතර, දුම්රිය දෙපාර්තමේන්තුවේ මහනුවර බිංගෙවල් නඩත්තු අංශය, හැටන්, නානුඔය, පට්ටිපොළ, ඔහිය සහ බණ්ඩාරවෙල යන දුම්රිය මාර්ග අංශවල සහය මත මෙම කටයුතු සිදු කල බවයි.

පුවත්

නීතිවිරෝධීව ගෙන්වන ලද මෝටර් රථයක් රේගු භාරයට

Published

on

By

තීරු බදු නොගෙවා නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද මෝටර් රථයක් රේගු ආදායම් අධීක්ෂණ ඒකකය විසින් සිය භාරයට ගෙන තිබේ.

එම ඒකකය පැවසුවේ රුපියල් මිලියන 24ක පමණ වටිනාකමින් යුත් ටොයෝටා ප්‍රියස් වර්ගයේ නවීන මෝටර් රථයක් මෙලෙස ගෙන්වා ඇති බවය.

ජපානයේ සිට ගෙන්වන ලද බහාලුමක් තුළ තිබියදි මෙම මෝටර් රථය සොයාගෙන තිබේ.

එමෙන්ම පසුගිය මාස දෙක තුළ නීති විරෝධීව ගෙන්වන ලද වාහන අමතර කොටස් 200ක්ද රේගුව අද (06) මාධ්‍ය වෙත ප්‍රදර්ශනය කරන ලදී.

Continue Reading

පුවත්

විදුලි ගාස්තු සංශෝධනය ගැන විශේෂ දැනුම්දීමක්

Published

on

By

ලංකා විදුලිබල මණ්ඩලය විදුලි ගාස්තු සංශෝධනයට අදාළ යෝජනා මහජන උපයෝගීතා කොමිෂන් සභාව වෙත යොමුකර තිබේ.

ඒ අනුව විදුලිබල මණ්ඩලය එම යෝජනා ඉදිරිපත් කරමින් සඳහන් කර ඇත්තේ පවතින විදුලි ගාස්තු සංශෝධනයකින් තොරව ඉදිරි මාස 6 පවත්වාගෙන යා යුතු බවය.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

ලොහාන් යළිත් අත්අඩංගුවට

Published

on

By

ඇප මත මුදා හැර සිටි හිටපු නියෝජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා යළි අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ බීමතින් රිය පැදවීම හේතුවෙන් සිදු වූ රිය අනතුරක් සම්බන්ධයෙනි.

කොල්ලුපිටිය ප්‍රදේශයේදී ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

ඔහු ඊයේ (05) දින ඇප මත මුදා හැරීමටද අධිකරණය නියෝග කර තිබුණි.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved