Connect with us

පුවත්

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වර්ජනය යළිත්?

Published

on

විසඳුම් නොලැබෙන්නේ නම් දීපවාලි උත්සවය හේතුවෙන් අත්හිට වූ දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වර්ජනය යළි හෙට (02) දිනය තුළ ක්‍රියාත්මක කරන බව දුම්රිය ස්ථානාධිපති සංගමය පවසයි.

එහි සභාපති සුමේධ සෝමරත්න මහතා සඳහන් කළේ අද (01) දිනයේ දී සිය වෘත්තීය ක්‍රියාමාර්ගය නොපැවැත්වෙන බවය.

බඳවා ගැනීම් හා උසස් වීම් ක්‍රියා පටිපාටිය විධිමත් කිරීම සහ වැටුප් විෂමතා නිවැරදි කිරීම ඇතුළු ඉල්ලීම් වලට විසදුම් ඉල්ලා පසුගියදා 30 වනදා  දියත් කළ වර්ජනය එදින මධ්‍යම රාත්‍රියෙන් අවසන් කෙරුණි.

කෙසේ වෙතත්, වර්ජනයත් සමග කන්කසන්තුරය දක්වා පෙර දැනුම් දීමකින් තොරව ගමන් කළ දුම්රියක් හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් ලක්ෂ 30 කට ආසන්න පාඩුවක් සිදු වී ඇති බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා තවදුරටත් පවසා තිබේ.

‍දුම්රිය ස්ථානාධිපති තනතුරට අදාළව මතුව ඇති ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් ක්ෂණික වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළැඹීමට ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය පසුගියදා (30) තීරණය කලේය.

එහිදී ඔවුන් ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම, ආසන වෙන් කිරීම හා පාර්සල් භාර ගැනීම ආදී කටයුතුවලින් ඉවත් වීමට පියවර ගත්හ.

කෙසේවෙතත්, ඔක්තොම්බර් 31 දිනය යෙදී තිබුණු දීපාවලී දිනය වෙනුවෙන් එම වර්ජනය තාවකාලිකව අත්හිටවන ලදී.

පුවත්

දුම්රිය ස්ථානාධිපත්වරු අද මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයේ

Published

on

By

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් විසින් අද (16) මධ්‍යම රාත්‍රියේ සිට එක්දින වැඩවර්ජනයකට අවතීර්ණ වීමට තීරණය කර තිබේ.

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් එම සංගමය මෙම වැඩවර්ජනය කිරීමට නියමිතව ඇත.

මෙම වැඩවර්ජන ක්‍රියාමාර්ගය හේතුවෙන් රාත්‍රී තැපැල් දුම්රිය රැසක් අවලංගු කිරීමටද දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇතැයිද වාර්තා වේ.

Continue Reading

පුවත්

කොටහේනේ යළි වෙඩි තැබීමක්

Published

on

By

කොටහේන ප්‍රදේශයේ තැබීමක් සිදුව තිබේ.

වෙඩි වැදීමෙන් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

Continue Reading

පුවත්

ලාභ ලැබූ විදුලිබල මණ්ඩලේ යළි පාඩු ලැබීම අරඹලා

Published

on

By

ලංකා විදුලිබල මණ්ඩලය 2025 මාර්තු 31න් අවසන් කාර්තුව වෙනුවෙන් රු. බිලියන 18.47 ක අලාභයක් වාර්තා කර ඇති බව මණ්ඩලයේ නවතම මූල්‍ය වාර්තා වල දැක්වෙන බව වාර්තා වේ.

විදුලිබල මණ්ඩලය 2024 මාර්තු කාර්තුවේ දී රු. බිලියන 84.67 ක ලාභයක් වාර්තා කර තිබූ අතර ඒ හා සැසඳීමේ දී මෙය 121.8% ක ලාභදායීත්වයේ පහළ යාමකි.

මණ්ඩලය මෙලෙස යම් කාර්තුවක අලාභයක් වාර්තා කර ඇත්තේ 2024 දෙසැම්බර් 31 දක්වා අඛණ්ඩව කාර්තු 5ක් පුරාවට ලාභ ලබා තිබෙන පසුබිමක වීම විශේෂත්වයකි.

මණ්ඩලයේ ආදායම ද පසුගිය කාර්තුව තුළ දී රු. බිලියන 167.78 සිට රු. බිලියන 93.92 ක් දක්වා 44%කින් පහළ ගොස් ඇත.

ලංකා විදුලිබල මණ්ඩලය මෙතෙක් ඉතිහාසයේ වර්ෂයක් තුළ වාර්තා කරන ලද ඉහළම ලාභ අගය පසුගිය 2024 වර්ෂයේ දී වාර්තා කිරීමට සමත්ව ඇති අතර එම අගය රු. බිලියන 144 කි. 2024 වසරේ කාර්තු හතරේ දීම මණ්ඩලය ලාභ අගයයන් වාර්තා කර තිබීම විශේෂත්වයකි.

මූලාශ්‍රය – අදදෙරණ

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved