දුම්වැටි සමාගමට ආණ්ඩුව නිවැරදි බදු ප්‍රතිපත්තියක් අනුගමනය නොකරන බවත්, ඒ හේතුවෙන් විශාල බදු මුදලක් රටට අහිමි වන බවත් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශානත්‍යයන් රාසමාණික්කම් මහතා කියයි.
පළමුවරට සමගි ජන බලවේගය සහ දෙමළ ජාතික සන්ධානය එක්ව කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කීය.
මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ සිගරැට් සමාගම 2021දී රුපියල් බිලියන 40ක ආදායමක් ලබා ඇති බවත්, 2022දී එය බිලියන 50ක් වී ඇති බවත්ය.
නමුත් ආණ්ඩුව මින් බදු ආදායමක් නොලබා දුප්පත් ජනතාව පරිභෝජනය කරන භාණ්ඩවලට බදු ගසන බවද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
දුම්කොළ සමාගමේ සාක්කුවට වැටුණ නිලධාරීන්
මේ අතර, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද පාර්ලිමේන්තුවේදී මේ සම්බන්ධයෙන් අනාවරණයක් සිදු කරමින් එදා මුදල් ඇමැතිවරයා වශයෙන් බැසිල් රාජපක්ෂ මහතා 50%කින් කැප්ස්ටන් සිගරැට්වල බදු කපා හැරිය බව හෙළි කළේය.
මේ ආකාරයට සිගරැට්වලින් වසරකට බිලියන 63ක මුදලක් රටට අහිමි වන බව ඒ මහතා පෙන්වා දුන්නේය.
ඇතැම් දේශපාලකයන් සහ නිලධාරීන් දුම්කොල සමාගම්වල සාක්කුවල සිටින බවට ද හෙළිරව්වක් කළේය.
සබැඳි පුවත්
සිගරට් මිල ඉහල නොදා බීඩි වැඩි කල අතයට ගේම!