Connect with us

පුවත්

දුමින්ද – ලසන්ත – මහින්ද නෙරපීමට එරෙහිව අතුරු තහනමක්

Published

on

දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න සහ මහින්ද අමරවීර යන මහත්වරුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ධූරවලින් ඉවත් කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

පසුගිය සෙනසුරාදා (30) පැවති ශ්‍රීලනිප විධායක සභා රැස්වීමේදී ඔවුන්ව එම ධූර වලින් ඉවත්කර වෙනත් සමාජිකයන් පත් කර තිබුණි.

සබැඳි පුවත් :

තනතුරු වලින් ඉවත් කළාට දුමින්ද – ලසන්ත – මහින්ද නීති මගට – Sri Lanka Mirror – Right to Know. Power to Change

පුවත්

නාමයෝජනා භාරගැනීම අවසන්(UPDATE)

Published

on

By

පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා භාරගැනීම අද (20) දහවල් 12ට අවසන් වුණි.

ඒ අනුව විරෝධතා ගොනුකිරීම සඳහා අද දහවල් 1.30 දක්වා කාලය ලබාදී ඇති බව මැතිවරණ කොමිසම පැවසුවේය.

පළාත් පාලන ආයතන 336ක් සඳහා නාමයෝජනා භාරගැනීමේ කටයුතු පසුගිය 17 වැනිදා සිට ආරම්භ කෙරුණි.

නාමයෝජනා භාරගැනීමෙන් පසු මැතිවරණය පැවැත්වීමේ දිනය ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

පළාත් පාලන මැතිවරණයට අදාළ ඇප මුදල් තැන්පත් කිරීමේ කටයුතු ද ඊයේ (19) දිනයෙන් අවසන් කෙරුණි. 

(පෙර පුවත 2025 මාර්තු 20 පෙ.ව.7.03)


පුංචි ඡන්දයට දිනේ අද තීන්දු කෙරේ

පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වෙන දිනය අද (20) ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ඡන්ද විමසීම සඳහා නාමයෝජනා භාරදීමේ කාලය අද දහවල් 12.00ට අවසන් වේ.

ඉන් අනතුරුව නාමයෝජනාවලට අදාළ විරෝධතා විමසා බැලීමට නියමිතය.

පක්ෂ හෝ අපේක්ෂකයින් වෙනුවෙන් පෙළපාළි සහ රැස්වීම් සංවිධානය කිරීම තහනම් බව ද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කළේ ය.

Continue Reading

පුවත්

කෙහෙළියගේ ඉල්ලීම මහාධිකරණය ඉවත දමයි

Published

on

By

අල්ලස් කොමිසම විසින් සිදුකරනු ලබන විමර්ශනයකට අදාළව හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පාර්ලිමේන්තු ශාඛාවේ බැංකු ගිණුමක් අත්හිටුවමින් දී තිබෙන  නියෝගය ඉවත් කරන ලෙස ඒ මහතාගේ නීතිඥවරු කළ ඉල්ලීමක් කොළඹ මහාධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.

කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විසින් මෙම තීන්දුව ලබා දුන්නේය.

අල්ලස්  කොමිසම විසින් සිදුකරනු ලබන විමර්ශනයකට අදාළව කොළඹ මහාධිකරණය විසින්  හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලගේ සහ ඔහුගේ පවුලේ අයට අයත්  බැංකු ගිණුම් සහ රක්ෂණ ගිවිසුම් කිහිපයක් අත්හිටුවමින් ඉකුත්දා කොළඹ මහාධිකරණය විසින් තහනම් නියෝගයක් නිකුත් කර තිබුණි.

එහෙත්  කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ විශ්‍රාම වැටුප මෙන්ම ඔහුගේ නිවස ගිනිගැනීමෙන් ඇතිව හානිය වෙනුවෙන් ලැබුණු රුපියල් ලක්ෂ 959කට අධික වන්දි මුදල තැන්පත් කර තිබෙන පාර්ලිමේන්තු ශාඛාවේ බැංකු ගිණුමද මේ යටතේ තහනමට ගෙන තිබෙන බවත් එම ගිණුමට පණවා තිබෙන තහනම ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉකුත්දා ඔහුගේ නීතිඥවරු විසින් ඉල්ලීමක් කර තිබුණි.

එම ඉල්ලීම සම්බන්ධයෙන් තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කළේ අදාළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවය.  

Continue Reading

පුවත්

සිගරට් බදු ගහන විදිය වැරදියි

Published

on

By

සිගරට් බද්ද අයකර ගන්නා ආකාරය වැරදි සහගත බව අද (20) පාර්ලිමේන්තුවේ දී කරුණු දක්වමින් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.

ඔහු වැඩිදුරටත් පවසා සිටියේ, ලෝක සෞඛ්‍ය සංවිධානයේ පවා පිළිගත් මතය වන්නේ එක් සිගරට්ටුවක් විකිණීමේ දී එයට 75%ක බද්දක් අයවිය යුතු බවය.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියේ ඉතා කඩිනමින් සිගරට් බද්ද සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී තීරණයක් ගත යුතු බවය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

“මෙම බද්ද වසර කිහිපයක් තුළ පහළට එමින් තියෙනවා. මොනයම් හෝ හේතුවක් නිසා ආණ්ඩුවට එන ආදායමට වඩා… 

මොනයම් හෝ හේතුව අපි දන්නවා. චෝදනාවක් එල්ල කරනවා නෙමෙයි නමුත් මේක හරියට විශ්ලේෂණය නොකර ගත් නිසා ආයතනයට ලැබෙන ලාභය අති විශාලයි ආණ්ඩුවට ලැබෙන ලාභයට වඩා. 

ඉතින් ඒ නිසා මම යෝජනා කරනවා සම්පූර්ණයෙන්ම අලුතින් හිතන්න සිගරට්වලට ගහන බද්ද සම්බන්ධයෙන්. ඒකට අපි මෙතෙන සාකච්ඡා කළා. ආණ්ඩුව පෙන්වා දුන්නා උද්ධමනයට තවත් 4%ක් එකතු කරලා තමයි කියලා මේ බද්ද ගහන්නේ. හැබැයි ඒ පැත්තෙන් බැලුවහම අපි පෙන්වා දුන්නා ගිය වසරේ බැලුවහම උද්ධමනය 1.9 නෙමෙයි 1.2යි. එහෙම නම් ඔය බද්ද වැදෙන්න ඕනේ 5.2කට. 

නමුත් ඔක්කෝටම එක බද්ද ගහනකොට නිරායාසයෙන්ම මෙතෙන විෂමතාවයක් නිර්මාණය වෙනවා. මේ තුළ අලුත් සිගරට් ඉදිරිපත් කරලා ඒවට කට්ටිය අල්ල ගන්නවා. 

තර්කය තමා එහෙම නැති වුණොත් බීඩි බොන්න ඒ අය උනන්දු වෙනවා කියලා. 

ඒ නිසා මම යෝජනා කරනවා මුදල් කමිටුව විදියට මම මේක සම්මත කළේ, අයවැය පාස් කරගන්න තියෙන අවශ්‍යතාවය නිසා. නැතුව වෙන දෙයක් නිසා නෙමෙයි. ඒ නිසා අපිත් සහභාගි වෙන්නම් අලුතින්ම සිගරට් බද්ද පැනවීම ගැන අපි තීරණයක් ගත යුතුයි.”

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved