Connect with us

පුවත්

දූෂණ විරෝධී පනත වෙනස් කරන්න අනුමැතිය

Published

on

දූෂණ විරෝධි පනත සංශෝධනය කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවක් සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

එම පනතට අනුව විමර්ශන, නඩු පැවරීම, පරිපාලනමය සහ අධිකරණමය කටයුතු සිදු කිරීමට යාමේදී අල්ලස් කොමිසමට සැලකිය යුතු නෛතික අර්ථ නිරූපණ හා තාක්ෂණික ගැටලුවලට මුහුණ දීමට සිදුව තිබේ.

ඒ අනුව දූෂණ විරෝධි පනතේ ඇතැම් වගන්ති සංශෝධනය කිරීමට සහ අලුතින් වගන්ති කිහිපයක් ඇතුළත් කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් යෝජනා කර ඇත.

ඒ අනුව අත්‍යවශ්‍ය ලෙස සංශෝධනය කළ යුතු වගන්ති හා ඇතුළත් කළ යුතු නව වගන්ති පිළබඳව නිර්දේශ සහිත සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කිරීම පිණිස කමිටුවක් පත් කිරීමට නියමිතය.

මේ සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ කොමසාරිස්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය, නීතිපති දෙපාර්තමේන්තුව හා නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව යන ආයතවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට  ජනාධිපතිවරා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

පුවත්

කුරුණෑගල ඉඩම් වංචාව පිටුපස හිටපු ජනාධිපතිවරු දෙදෙනෙක්

Published

on

By

නියෝජ්‍ය අමාත්‍ය සුනිල් රත්නසිරි මහතා අද (19) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ කුරුණෑගල අක්කර 1,000ක ඉඩම් ගනුදෙනුවකට හිටපු ජනාධිපතිවරුන් දෙදෙනෙකු, හිටපු නියෝජ්‍ය අමාත්‍ය සාලින්ද දිසානායක මහතා සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි මංජුලා දිසානායක මහත්මිය සම්බන්ධ වී ඇති බවයි.

මෙම ඉඩම හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් බදු පදනම මත ලබාගෙන ඇති අතර, එය ඇපකරයක් ලෙස යොදාගෙන ලංකාපුත්‍ර බැංකුවෙන් ණයක් ලබාගෙන ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

ඔහු සඳහන් කළේ කෙසේ වෙතත්, එම ණය මුදල පැහැර හැර ඇති බවය.

නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සහ ඇයට පෙර සිටි තවත් හිටපු ජනාධිපතිවරයෙකු මාසික බදු මුදල අඩු කිරීමට සහ පසුව එය සම්පූර්ණයෙන්ම අවලංගු කිරීමට සම්බන්ධ වී ඇති බවය.  

Continue Reading

පුවත්

අභියාචනාධිකරණ‍යට  නව  සභාපතිවරයෙක් සහ විනිසුරුවරු දෙදෙනෙක්

Published

on

By

නව අභියාචනාධිකරණ සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ නලින් රොහාන්ත අබේසුරිය මහතා අද (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ.

මේ අතර මහාධිකරණ විනිසුරු, දොන් ෆ්‍රැන්සිස් හතුරුසිංහ ගුණවර්ධන සහ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය කාන්ත මද්දුම පටබැඳිගේ යන මහත්වරු  නව අභියාචනාධිකරණ විනිසුරුවරුන් ලෙස අද (19) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්හ.

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

Continue Reading

පුවත්

දුමින්ද දිසානායක යළි රිමාන්ඩ් (UPDATE)

Published

on

By

හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා එළඹෙන 26 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ, ඔහුව අද (19) ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව.

හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ තිබී රන් ආලේපිත ගිනිඅවියක් සොයාගැනීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් දුමින්ද දිසානායක මහතා මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණි.


(පෙර පුවත 2025 ජූනි 19 පෙ.ව.10.41 )

දුමින්ද අධිකරණයට

රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා අද (19) ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන විත් තිබේ.

හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ තිබී රන් ආලේපිත ගිනිඅවියක් සොයාගැනීමේ සිද්ධියට අත්අඩංගුවට ගෙන මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි.

සබැඳි පුවත්

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved