Connect with us

පුවත්

දෙරණ නාලිකාව වරප්‍රසාද කමිටුවට කැඳවන්න – සුසිල්

Published

on

අධ්‍යාපන ඇමතිවරයා ලෙසත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙසත් තමාගේ ක්‍රියාකලාපය පිළිබඳව අසත්‍ය කරුණු පදනම් කරගෙන අද පෙරවරුවේදී දෙරණ අරුණ වැඩසටහන මෙහෙයවූ චතුර අල්විස් මහතා විසින් ඔහුගේ මතයක් ඉදිරිපත් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, එම නිසා වරප්‍රසාද ස්ථාවර නියෝග 118 යටතේ ඔවුන් වරප්‍රසාද කමිටුව හමුවට කැඳවන ලෙසත්, අපේක්ෂකයෙක් පැමිණෙන ආයතනයක ප්‍රධානියෙක් ඔහුගේ ප්‍රචාරණ කටයුතුවලට තමාගේ නම ඈඳගෙන මඩගැසීමට නොහැකි බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“මම 1991 නගර සභාවට ගියා නමුත් පාර්ලිමේන්තුවට ආවේ 2000දීයි. ඒකත් පටලවගෙන තියෙන්නේ….දන්නැත්තන් එතුමා මේ ටික අහගන්න.ඊට පස්සේ මම පළාත් සභාවේ මහ ඇමතිවරයා හැටියට හිටියා අවුරුදු 5ක්. අපිට කිසිම චෝදනාවක් තිබ්බේ නෑ. ඉස්සෙල්ලාම අධ්‍යාපන ඇමති උනේ 2000, මාස 9කට. 2005 ඉදලා 2010 වෙනකන් අධ්‍යාපන ඇමතිවරයා. යුද්ධයක් තිබ්බා. යුද්දේ උච්චතම අවස්ථාව. විභාග එකක්වත් නැවැත්තුවේ නෑ. අභියෝග රාශියක් මැද්දේ අපි ඒක ගෙනිච්චා. එතුමාට මතක නැත්තම් සිහිකර ගන්න….

මම මේ පත්වීම අරගෙන අවුරුදු 2යි මාස 03ක්. කොවිඩ් නිසා, අරගල නිසා ආර්ථික් පසුබැසීම නිසා වැටිච්ච අධ්‍යාපනය මම ඔසවලා තියෙනවා. දැන් එතුමා මගෙන් අහනවා මම මොනාද කළේ කියලා. පුවත්පතක මුල් පිටුවේ හෝ ඇතුල් පිටුවේ කිසිම වාර්තාවක් සඳහන් වෙලා නෑ එතුමා සඳහ්න් කරපු කරුණට. මම හිතන්නේ එයාගේ බොස් ලියලා දෙන්න ඇති මොකද එයා ජනාධිපති අපේක්ෂකයෙක් වෙන්න නේ යන්නේ ව්‍යවසායකත්වය උග්න්න උගන්න රට පුරා…

ව්‍යාපාර කරන්න පුළුවන් රාජ්‍ය අනුග්‍රහය යටතේ. ඒක ව්‍යවසායකත්ව නෙවෙයිනේ. ඔය නාලිකාවට බලපත්‍රය ගත්ත හැටිත් අහගන්න එපා ඒගොල්ලෝ.

මෙයා කියනවා මම පොළේ ගියේ ඇමතිකම නැති උනාමලු. ඇමතිකම නැති උනේ පොළේ ගියපු නිසා. හැබැයි මම කඪේ ගියේ නෑ. මම කඩේ නොගිහින් පොළේ ගියපු නිසා මට ඇමතිකම හම්බුණා. එයාලා පොළේ නොගිහින් කඩේ ගියපු නිසා ව්‍යාපාර කරන්න වරප්‍රසාද ලැබුණා…..

අපේක්ෂකයෙක් එන ආයතනයක ප්‍රධානියෙක් එයාගේ ප්‍රොමෝශන් එකකට අපේ නම් ඈඳගෙන අපිට මඩගහන්න බෑ.”

පුවත්

ලක්මාලිට ලොකු තනතුරක්

Published

on

By

ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවිය පත්ව තිබේ.

කාරක සභාවේ මංගල රැස්වීම පාර්ලිමේන්තුවේදී අද (22) රැස් වූ අවස්ථාවේදී ඇය මේ සඳහා පත්ව තිබේ.

මන්ත්‍රී විජේසිරි බස්නායක මහතා විසින් ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවියගේ නම යොජනා කර ඇති අතර, මන්ත්‍රී කන්දසාමි ප්‍රභු මහතා විසින් එය ස්ථිරකරන ලදී.

කාරක සභාවේ සෙසු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුවන ලක්ෂ්මන් නිපුණ ආරච්චි, නීතිඥ සාගරිකා අතාවුද, නීතිඥ නිලන්ති කොට්ටහච්චි හා තිළිණ සමරකෝන් යන අයද මෙම රැස්වීමට සහභාගි වී තිබේ.

Continue Reading

පුවත්

එක්සත් ජාතික පක්ෂයෙන් දැඩි තීරණයක්

Published

on

By

පළාත් පාලන ආයතන සඳහා නියෝජිතයන් පත් කිරීමේදී ඔවුන් ලබාගත් ඡන්ද ප්‍රතිශතය පමණක් සැලකිල්ලට ගැනීමට එක්සත් ජාතික පක්ෂයේ තීරණය කර තිබේ.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පළාත් පාලන ආයතනවලට පත්වීමට සුදුසුකම් ලබන්නේ වැඩිම ඡන්ද ප්‍රතිශතය ගත් අපේක්ෂකයන්ට පමණි.

එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන ආයතන නියෝජිතයන් පත්කිරීම සඳහා පත්කරන ලද කමිටුව විසින් ගන්නා ලද මෙම තීරණය කිසිම හේතුවක් නිසා වෙනස් නොකරන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ.

Continue Reading

පුවත්

රාජ්‍ය ආයතනවලට ඉන්ධන සැපයීමට ඩිජිටල් කාඩ්පතක්

Published

on

By

රාජ්‍ය ආයතනවල වාහන සඳහා ඉන්ධන සැපයීමේදි මුදල් ගෙවීම් සඳහා නව ඩිජිටල් කාඩ්පතක් හඳුන්වාදීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් පියවර ගෙන තිබේ.

ඉන්ධන සැපයීමේදී සිදුවන අක්‍රමිකතා මගහැර, කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇත.

රජයේ ඩිජිටල්කරණ ප්‍රතිපත්තිය යටතේ මෙම නව කාඩ්පත හඳුන්වාදීම සිදුවන බව වැඩිදුරටත් සඳහන්ය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved