Connect with us

පුවත්

දෙවැනි ණය වාරිකය අනුමත බව IMF නිල වශයෙන් නිවේදනය කරයි

Published

on

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දීමට නියමිත අමෙරිකානු ඩොලර් මිලියන 337ක දෙවන ණය වාරිකය සඳහා අනුමැතිය හිමිව තිබේ.

එම අරමුදල ශ්‍රී ලංකාව සමඟ එළඹ ඇති මාස 48ක විස්තීර්ණ අරමුදල් පහසුකමේ පළමු සමාලෝචනය ඊයේ (12) රැස්වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් සිදුකර ඇති අතර එහිදී මෙම තීරණය ගෙන ඇති බව සඳහන්ය.

ශ්‍රී ලංකාව පෙන්නුම් කර ඇති ප්‍රගතිය පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සෑහීමට පත්වන බව එහිදී එම අරමුදලේ විධායක මණ්ඩලය පෙන්වා දී ඇත.

පසුගිය ජුලි මාසය වන විට ශ්‍රී ලංකාව විසින් එක් නිර්නායකයක් හැර සෙසු සියලු ඉලක්ක සපුරා ඇති අතර ඔක්තෝම්බර් මාසය අවසානය වන විට එම ඉක්කයන් ද සපුරාලීමට හෝ ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබූ බව මුල්‍ය අරමුදල පෙන්වා දෙයි.

මේ ආකාරයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිසි මාර්ගෝපදේශ මත ක්‍රියාත්මක වන ආසියාවේ පළමු රට ලෙස ශ්‍රී ලංකාව සැලකිය හැකි බව එම අරමුදල පවසයි.

එමෙන්ම ශ්‍රී ලංකාවේ ණය තිරසරභාවය ඇති කිරීම, ආදායම ඉහළ නැංවීම, විදෙස් සංචිත ප්‍රතිස්ථාපනය කිරීම, උද්ධමනය අඩු කිරීම යන කාර්යයන් සඳහා ශ්‍රී ලංකා බලධාරීන් ප්‍රසංසනීය දායකත්වයක් ලබා දී ඇති බව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය තවදුරටත් පෙන්වා දෙයි.

ඩොලර් බිලියන 03ක විස්තීර්ණ අරමුදල් පහසුකමේ පළමු ණය වාරිකය වන ඩොලර් මිලියන 333 අරමුදල පසුගිය මාර්තු මාසයේදී නිකුත් කෙරුණි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ සම්බන්ධයෙන් නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින්.

පුවත්

කොටස් වෙළෙඳපොළෙන් නව වාර්තාවක්

Published

on

By

කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ සියලු කොටස් මිල දර්ශකය මෙතෙක් ඉතිහාසයේ වාර්තා කරන ලද ඉහළම අගය ඊයේ (09) දිනයේ දී සනිටුහන් වූ අතර එහිදී දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 18,161.49 ක් දක්වා ඉහළ ගොස් තිබුණි.

මෙය පූර්ව ගනුදෙනු දිනයට සාපේකේෂව ඒකක 129.37ක ඉහළ යාමකි.

එහි දී සමාගම් 125ක කොටස් මිල ගණන් ඉහළ ගිය අතර එය සියලු කොටස් මිල දර්ශකයේ හැසිරීමට ඉහළ ධනාත්මක දායකත්වයක් ලබා දී තිබුණි.

අද (10) ගනුදෙනු පිරිවැටුම දැක්වුනේ රුපියල් බිලියන 5.98 ක් ලෙසය.

Continue Reading

පුවත්

ජුලි මාසයේ පළමු දින 6 දී සංචාරකයන් 36000ක් දිවයිනට

Published

on

By

2025 ජුලි මාසයේ පළමු දින 06 තුළ පමණක් 36,000 ඉක්මවු සංචාරකයන් පිරිසක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

ඒ අනුව මෙම වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ථ සංචාරකයින් සංඛ්‍යාව 1,204,046ක් කි.

ගෙවුනු 2024 වසරේ සංචාරකයන් ලක්ෂ 12 ඉක්මවා ඇත්තේ අගෝස්තු මාසයේදිය.

ජූලි මාසයේ පළමු දින 6 තුළ වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එම සංඛ්‍යාව  8,053කි.

දෙවනුවට එක්සත් රාජධානියෙන් සංචාරකයින් 3,562ක්, ඕස්ට්‍රේලියාවෙන් 2,674ක් සහ චීනයෙන් 2,362ක්  සංචාරකයින් ලෙස මෙරටට පැමිණ තිබේ.

Continue Reading

පුවත්

ඇමරිකානු තීරුබදු ප්‍රතිපත්තිය පිළිබඳ සාකච්ඡාවක්

Published

on

By

ඇමරිකා එක්සත් ජනපදය විසින් පනවනු ලැබ ඇති නව තීරුබදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ නියෝජිත කණ්ඩායම අතර විශේෂ සාකච්ඡාවක් අද (10) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

මෙම සාකච්ඡාවට, කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් කේ. ඒ. විමලේන්තිරාජා සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව යන මහත්වරු එක්ව සිටියහ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved