Connect with us

පුවත්

දේශපාලකයෝ සෙට් එකක් ජනාධිපති අරමුදලටත් පොලු තියලා!

Published

on

ජනාධිපති අරමුදලින් නැවත ගෙවීමේ පදනම යටතේ විශාල මූල්‍යාධාර ප්‍රමාණයක් ලබාගෙන එම ණය පියවා නැති ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන් පිරිසකට පොදු දේපල පනත යටතේ නඩු පැවරීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වේ. 

මෙලෙස නැවත පියවීමේ පදනම යටතේ ජනාධිපති අරමුදලින් අරමුදල් ලබාගෙන ඒවා නොපියවූ අය අතර හිටපු අගමැතිවරයෙක් සහ හිටපු ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරු ගණනාවක් සිටින බව පැවසේ.

හිටපු අගමැතිවරයා වෙනුවෙන් පමණක් එලෙස ජනාධිපති අරමුදලින් ලබා දී ඇති අරමුදල් ප්‍රමාණය රුපියල් ලක්ෂ 290 කි. 

තවත් ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 130 ක් මෙලෙස පියවීමේ පදනම යටතේ අරමුදල් සම්පාදනය කර දී ඇත.

මෙලෙස නැවත පියවීමේ පදනම යටතේ ජනාධිපති අරමුදලින් මුදල් ලබාගෙන එම අරමුදල් මෙතෙක් නිසි ලෙස පියවා ඇත්තේ හිටපු අමාත්‍යවරයකු වන ලක්ෂ්මන් ජයකොඩි මහතා පමණක් බවද වාර්තා වේ. 

ඔහුට ජනාධිපති අරමුදලින් නැවත පියවීමේ පදනම යටතේ ලබාදුන් මුදල වන රුපියල් ලක්ෂ 6 ක මුදල නිසි ලෙස පියවා ඇතැයි පැවසේ.

මූලාශ්‍රය – දේශය 

පුවත්

පාදෙණිය විහාරාධිපති හිමිගේ ධූරය අත්හිටුවයි

Published

on

By

මල්වතු පාර්ශ්වයේ මහා නායක අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල නාහිමියන් විසින් පාදෙණිය රාජමහා විහාරාධිපති කටුමුළුවේ සුමනරත්න හිමියන්ගේ දේවමැදි හත්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝ නායක පදවිය අත්හිටුවා තිබේ.

පසුගිය මැයි 18 දා නිකුත් කළ ලිපියකින් මල්වතු පාර්ශ්වය දන්වා ඇත්තේ,මහාසංඝ සභාවේ නියමය නොතකමින් ඉකුත් 17 වනදා ‘සිහිනය’ නම් වැඩසටහන එම විහාරස්ථානයේ දී පැවැත්වීම හේතුවෙන් මෙම පියවර ගත් බවය.

ඒ අනුව කටුමුළුවේ සුමනරත්න හිමියන් දැරූ හත්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝ නායක පදවිය අත්හිටුවන බව නිල වශයෙන් දන්වා තිබේ.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

ලුණු ආනයනයට ගැසට් පත්‍රයක්

Published

on

By

ලුණු ආනයනය කිරිම සදහා ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ආනයන පාලක ජනරාල් උපුල්මලී ප්‍රේමතිලක මහත්මිය සඳහන් කළේ, ලබන මස 10 වැනිදා දක්වා ලුණු ආනයනය කිරිමට හැකි වන ලෙස ගැසට් පත්‍රය නිකුත් කර ඇති බවය.

ඒ අනුව ලුණු ආනයනය කිරිම සදහා බලපත්‍රයක් අවශ්‍ය වන්නේ නැත.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශ ඇති ඕනෑම අනයනකරුවෙකුට ලුණු ගෙන්විය හැකි බව ඇය සඳහන් කළාය.

ඒ යටතේ අයඩිනීකරණය කර නොමැති සහ කෑමට ගන්නා ලුණු ආනයනය කිරිමට හැකියාව ඇතැයි ආනයන පාලක ජනරාල් උපුල්මලී ප්‍රේමතිලක මහත්මිය සදහන් කළා ය.

මේ අතර වෙළද වාණිජ හා ආහාර සුරක්ෂිතා අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සඳහන්  කළේ අද(20) දිනයේ පරිභෝජනයට ගන්නා ලුණු මෙට්ට්‍රික් ටොන් 250ක්  මෙරටට ආනයනය කෙරෙන බවයි.

බදාදා,බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනයන්හිදි ආනයනය කෙරෙන ලුණු මෙරටට ලැබෙනු ඇතැයි ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

ඉන්දියාවෙන් එම ලුණු ආනයනය කිරිමට නියමිතයි.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

කෙහෙළිය අධිකරණයට රැගෙන එයි

Published

on

By

අල්ලස් කොමිසම විසින් “දූෂණය” නැමැති වරද සිදුකළේ යැයි සැකපිට පැමිණිලි තුනකට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා බන්ධනාගාර නිලධාරින් විසින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට රැගෙනවිත් තිබේ.

එම නඩුව අද (20) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය ඉදිරියේ කැඳවීමට නියමිතය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved