Connect with us

පුවත්

දේශපාලකයෝ 157ක් ගත්ත ගිනි අවි බාර දීල නැහැ

Published

on

වර්ෂ 1980 සිට වසර 2023 ජූලි මස දක්වා කාලය තුළ ස්වකීය ආරක්ෂාව සඳහා රජයේ ගිනිඅවි ලබාගෙන නැවත රජයට භාර නොදුන් දැනට තනතුරු නොදරන හිටපු මැති ඇමැතිවරුන් හා ජ්‍යෙෂ්ඨ දේශපාලන පක්ෂ නායකයන් 157 දෙනකු සිටින බව වාර්තා වේ.

මේ අය සතුව රජයෙන් නිකුත් කළ විවිධ වර්ගවලට අයත් ගිනිඅවි 698ක් ඇති බවත් වැඩිදුරටත් වාර්තා වේ.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පසුගියදා මෙම තොරතුරු පාර්ලිමේන්තුවේදී සභාගත කළේය. 

ඔහු මෙම තොරතුරු සභාගත කළේ මාතර දිස්ත්‍රික් මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි.

මෙලෙස රජයෙන් ලබාගෙන භාරදී නොමැති ගිනිඅවි 698ට පොයින්ට් 9 පිස්තෝල, රිවෝල්වර, බෝර 12 බහුවාර පතරොම් තුවක්කු ඇතුළත් වන බවත් වාර්තා වෙයි.

මෙලෙස අදාළ මැති ඇමැතින්ට සහ ජ්‍යෙෂ්ඨ දේශපාලන පක්ෂ නායකයන්ට ගිනිඅවි නිකුත් කළ හේතුව සඳහන් වන ලිපි ලේඛන අස්ථානගත වී ඇති බවත් 1990 කාලයේ රටේ පැවති වාතාවරණය අනුව මෙලෙස ගිනිඅවි නිකුත් කරන්නට ඇති බව නිරීක්ෂණය වන බවත් ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයාගේ පිළිතුරෙහි සඳහන් වෙයි.

පුවත්

මෙරට ප්‍රංශ තානාපති අභාවප්‍රාප්ත වෙයි

Published

on

By

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපතිවරයා රාජගිරිය ප්‍රදේශයේ පිහිටි සිය නිල නිවස තුළදී මියගොස් ඇති බව පොලීසිය පවසයි.

Jean Francois Pactet මහතා මියයන විට 53 හැවිරිදි වියේ පසුවිය.

දේහය සම්බන්ධයෙන් ස්ථානීය මහෙස්ත්‍රාත් පරීක්ෂණය සිදුකිරීමට නියමිතව ඇත.

Continue Reading

කලා

ආනන්ද පෙරේරා දිවිගමනට සමුදෙයි!

Published

on

By

මෙරට ප්‍රවීණ සංගීතඥයෙකු හා ගායකයකු වූ ආනන්ද පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඒ මහතා 67 හැවිරිදි වියේ පසුවිය.

මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇත.

මෙරට අතිශය ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වූ සිහශක්ති සංගීත කණ්ඩායම මෙහෙයවනු ලැබුවේ ඔහු විසිනි.

Continue Reading

පුවත්

“රාජපක්ෂලා එක්ක ඩීල් නොදැම්මේ සජබ විතරයි”

Published

on

By

රට විනාශ කළ රාජපක්ෂවරුන් සමග ඩිල් නොදැමූ එකම පක්ෂය සමගි ජන බලවේගය පමණක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

ඔහු මෙම අදහස් පල කළේ, සජිත් ජනපති කරන, ජන බලය ගොඩ නගන ජන පවුර යන මැයෙන් සමගි ජන බලවේගය සංවිධාන කළ ජන රැළියට පොළොන්නරුව – කදුරුවෙළ නගරයේදී ඊයේ (25) එක්වෙමිනි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වූ නන්දසේන හේරත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිලක් මහලේකම් සහ ජනතා විමුක්ති පෙරමුණේ පොළොන්නරුව මහ නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රී සමන්ත බණ්ඩාර විපක්ෂ නායක සජිත්ප්‍රේමදාසට සහය පළ කරමින් මෙහිදී සමගි ජන බලවේගය සමග එක්විය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුලු සමගි ජන බල වේගය නියෝජනය කරන විශාල පිරිසක් මෙම රැලිය සඳහා එක්ව සිටියහ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved