Connect with us

පුවත්

දේශපාලන සිරකරුවන් දැන්වත් නිදහස් කළ යුතුයි

Published

on

පැරැණි ප්‍රශස්ති පසෙක තබා දෙමළ දේශපාලන සිරකරුවන්ව වත්මන් ආණ්ඩුව නිදහස් කළ යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි මනෝ ගනේෂන් මහතා පවසයි.

දේශපාලන සිරකරුවන් යැයි පිරිසක් බන්ධනාගාරවල නැති බවට අමාත්‍ය හර්ෂණ නානායක්කාර විසින් සිදු කළ බව කියන ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් මනෝ ගනේෂන් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර තිබුණි.

ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවට විරුද්ධව සටන් කළ ඔවුන්ගේ සහෝදරයන්ව සිරගත කළ අවස්ථාවේ ඔවුන්ව හැඳින්වූයේ දේශපාලන සිරකරුවන් වශයෙන් නමුත් යුද්ධය හේතුවෙන් අත්අඩංගුවට ගෙන දීර්ඝ කාලයක් බන්ධනාගාර ගතකර සිටින දෙමළ සිරකරුවන්ව දේශපාලන සිරකරුවන් වශයෙන් හැඳින්වීම ඔවුන් ප්‍රතික්ෂේප කරන බවටත් මනෝ ගනේෂන් මහතා චෝදනා කරයි.

“දේශපාලන සිරකරුවන් යැයි කණ්ඩායමක් නැති බව අමාත්‍ය හර්ෂණ නානායක්කාර ප්‍රකාශ කළා. මොහු හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාරගේ සහෝදරයාගේ පුතා. එවක ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවට විරුද්ධව සටන් කළ ඔවුන්ගේ සහෝදරයන්ව සිරගත කළ අවස්ථාවේ ඔවුන්ව හැඳින්වූයේ දේශපාලන සිරකරුවන් වශයෙන්. නමුත් යුද්ධය හේතුවෙන් අත්අඩංගුවට ගෙන දීර්ඝ කාලයක් බන්ධනාගාර ගතකර සිටින දෙමළ සිරකරුවන්ව දේශපාලන සිරකරුවන් වශයෙන් හැඳින්වීම ප්‍රතික්ෂේප කරනවා.

බන්ධනාගාරවල දේශපාලන සිරකරුවන් කියා කොටසක් නැතැයි ඇතැමුන් එදා පටන් සිදුකරන ප්‍රකාශ අසා අපට හොඳ පුරුද්දක් තිබෙනවා. විශාල පෙරළියක් සිදු කිරීමට බව පවසමින් බලයට පත්වූ වත්මන් ආණ්ඩුව ඒ ප්‍රශස්ති ම ගායනා නොකළ යුතුයි. ආණ්ඩුව පාර්ශවයෙන් ඔවුන් ත්‍රස්තවාදීන් වුණාට ජනතාව පාර්ශ්වයෙන් ඔවුන් අරගලකරුවන්. පලස්තීනයේ සිට ශ්‍රී ලංකාව දක්වාම අරගල සිදුවූ රටවල තත්ත්වය මෙයට සමානයි.

අපගේ ආණ්ඩු කාලවලත් දේශපාලන සිරකරුවන් ත්‍රස්තවාදීන් යැයි හැඳින්වූ අය සිටියා. 1989දී ජනතා විමුක්ති පෙරමුණේ අරගලකරුවන්වත් එවක ආණ්ඩු ත්‍රස්තවාදීන් ලෙස හැඳින්වූවා. නමුත් ජනතා විමුක්ති පෙරමුණ තමන්ගේ සටන්කාමීන්ව හැඳින්වූයේ අරගලකරුවන් වශයෙන්. එබැවින් පැරැණි ප්‍රශස්ති පසෙක තබා දෙමළ දේශපාලන සිරකරුවන්ව වත්මන් ආණ්ඩුව නිදහස් කළ යුතුයි.”

පුවත්

බෝරා සමුළුවට උපරිම සහය දෙන්නැයි නිලධාරීන්ට උපදෙස්

Published

on

By

ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත ගෝලීය බෝරා ප්‍රජාවගේ අධ්‍යාත්මික සමුළුව සහ ප්‍රදර්ශනය සාර්ථක කර ගැනීමට අවශ්‍ය උපරිම සහාය ලබා දෙන ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

ජනාධිපති ලේකම්වරයා විසින් මෙම උපදෙස් ලබා දෙනු ලැබුවේ, ගෝලීය බෝරා සමුළුව සහ ප්‍රදර්ශනය පිළිබඳ  ජනාධිපති කාර්යාලයේදී අද (12) පැවති සාකච්ඡාවේදීය.

බෝරා ප්‍රජාවගේ අධ්‍යාත්මික සමුළුවට සමගාමීව ජූනි මස 27 වන දා සිට ජූලි 05 වන දා දක්වා බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන් සහෙබ්තුමාගේ සහභාගීත්වයෙන් බම්බලපිටිය බෝරා දේවස්ථානය සහ ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානය කේන්ද්‍ර කර ගනිමින් මෙම බෝරා සමුළුව හා ප්‍රදර්ශනය  පැවැත්වේ.

මෙම ප්‍රදර්ශනය සහ සමුළුව සඳහා ඉන්දියාව ඇතුළු රටවල් රැසකින් බෝරා ප්‍රජාවේ සාමාජිකයන් පහළොස් දහසක් පමණ මෙරටට පැමිණීමට නියමිත අතර ඔවුන් වෙනුවෙන් ගුවන් තොටුපොළ පහසුකම් ඇතුළු  සියලු යටිතල පහසුකම් සැපයීම පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි රණරාජා, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ ‍යන මහත්ම මහත්මීන් ඇතුළු බෝරා ප්‍රජාවේ ආගමික නායකයෝ පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

(ජනාධිපති මාධ්‍ය අංශය)

Continue Reading

පුවත්

බලපෑමට ලක් වූ කුඩා – මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට තවදුරටත් සහන දෙන්න – මහබැංකුව

Published

on

By

පසුගිය කාලය තුළ අහිතකර ලෙස බලපෑමට ලක් වූ ව්‍යාපාර, තිරසාර ලෙස යළි පණ ගැන්වීම සඳහා පහසුකම් සැලසීමේ අරමුණින්, 2025.03.31 වන විට අදාළ බැංකු සමඟ ව්‍යාපාර යළි පණ ගැන්වීම සඳහා සාකච්ඡා ආරම්භ කළ කුඩා හා මධ්‍ය පරිමාණ ණය ගනුදෙණුකරුවන්හට තවදුරටත් සහන ලබා දෙන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු (මින් ඉදිරියට බලපත්‍රලාභී බැංකු ලෙස හැඳින්වේ) වෙත උපදෙස් ලබා දී ඇත. 

මෙම සහන, බලපෑමට ලක් වූ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා සහන සැලසීම සඳහා නිකුත් කළ 2024.12.19 දිනැති 2024 අංක 04 දරන චක්‍රලේඛයට සහ එකී චක්‍රලේඛය සඳහා වූ 2025.01.01 දිනැති අතිරේකයට අනුකුල වේ.

Continue Reading

පුවත්

පාසල් ගොඩනැගිල්ලකට අත්තක් වැටී සිසුවෙක් මරුට

Published

on

By

අද (12) දහවල් බලංගොඩ ප්‍රදේශයේ පාසල් ගොඩනැගිල්ලක් මතට ගසක අත්තක් කඩාවැටීම හේතුවෙන් සිසුවෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ 17 හැවිරිදි පාසල් සිසුවෙකු බව වාර්තා වෙයි.

අනතුරෙන් තුවාල ලැබූ තවත් 16 දෙනෙකු ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති බව බලංගොඩ පොලීසිය සඳහන් කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පැවැත්වේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved