Connect with us

පුවත්

දේශබන්දුගේ පත්වීමට එරෙහිව පෙත්සම සලකා බලන්න දින දෙයි

Published

on

වැඩබලන පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කරන දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා වශයෙන් පත් කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා කාදිනල් අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණන් විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා මේ මස 31 වන දා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (22) නියෝග කළේය.

මෙම පෙත්සම අද ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පූලි සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබු අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම කරුණට අදාළව ගොනුකළ තවත් පෙත්සම් දෙකක් ලබන 31 දා සලකා බැලීමට නියමිතව තිබෙන බවත් එදිනම මෙම පෙත්සමත් සලකා බැලීම සඳහා කැඳවන ලෙසත් ඉල්ලා සිටියේය.

එහිදී දේශබන්දු තෙන්නකෝන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා කියා සිටියේ තමන්ට මෙම නඩුවට අදාල නොතීසි ලැබුණේ පෙරේදා දින බවයි.

ඒ අනුව අදාල පෙත්සම සලකා බැලීම සඳහා ජනවාරි මස 31 වනදා කැඳවීමටද අධිකරණය දින නියම කළේය.

පෙත්සම්කාර කාදිනල් හිමිපාණෝ කියා සිටින්නේ වග උත්තරකාර දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයෙකු කෲර වද හිංසාවට ලක් කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය මගින් වරදකරු කළ බවයි. ඒ වෙනුවෙන් රුපියල් ලක්ෂ පහක වන්දියක් ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දේශබන්ධු තෙන්නකෝන් ට නියම කළ බවත් උන් වහන්සේ පෙන්වා දෙති. ඊට අමතරව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලූ ජනාධිපති කොමිසම විසින්ද දේශබන්ධු තෙන්නකෝන් ට එරෙහිව නිර්දේශ නිකුත් කර තිබෙන බවත් පෙත්සමේ සඳහන් වේ.

ඊට අමතරව ගාලු මුවදොර ගෝඨා ගෝ ගම අරගල භූමියට එලල වූ ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් ද දේශබන්දු තෙන්නකෝන් ට චෝදනා එල්ල වී තිබෙන බවත් පෙත්සමේ සඳහන් වේ.

මෙම තත්ත්වය හමුවේ දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා වශයෙන් පත් කරනු ලැබුවොත් නීතියේ ආධිපත්‍යය බරපතළ ලෙස අභියෝගයට ලක්විය හැකි බැවින් ඔහු එම තනතුරට පත් කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කාර කාදිනල් හිමිපාණෝ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අයැද සිටිති.
(මුලාශ්‍රය – අරුණ)

සබැඳි පුවත් :
https://sinhala.srilankamirror.com/news/%e0%b6%b4%e0%b7%9c%e0%b6%bd%e0%b7%92%e0%b7%83%e0%b7%8a%e0%b6%b4%e0%b6%ad%e0%b7%92-%e0%b6%b0%e0%b7%94%e0%b6%bb%e0%b6%ba-%e0%b6%9c%e0%b7%90%e0%b6%b1-%e0%b6%9a%e0%b7%8f%e0%b6%af%e0%b7%92%e0%b6%b1/

පුවත්

පොදු ප්‍රවාහන බස්රථ ආනයනයේ දී කොන්දේසි මාලාවක්

Published

on

By

එළඹෙන වසරේ ජනවාරි මාසයේ සිට පොදු ප්‍රවාහන බස් රථ ආනයනය කිරීම සඳහා කොන්දේසි මාලාවක් හඳුන්වාදීමට කටයුතු කරන බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.

ඊයේ (14) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ ආරක්ෂිත මෙන්ම නවීන තත්ත්වයට ගැලපෙන බස්රථ පමණක් ආනයනය කිරීම සඳහා අවසර ලබා දීමට කටයුතු කරන බවය.

එමෙන්ම පොදු ප්‍රවාහනය සඳහා යොදා ගන්නා වාහන නියමිත ප්‍රමිතීන් යටතේ ධාවනයේ පවතින්නේ ද යන්න පිළිබඳව ඉදිරියේ දී සොයාබැලීම සම්බන්ධයෙන් කටයුතු කරන බව ද ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා වැඩිදුරටත් පැවසුවේය.

Continue Reading

පුවත්

රට හැමතැනම අදත් වැසි

Published

on

By

අද (15) දවසේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, ත්‍රිකුණාමලය, මඩකලපුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 75 ක පමණ තරමක තද වැසි ඇතිවිය  හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

වයඹ සහ දකුණු පළාත්වල විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Continue Reading

පුවත්

පුංචි ආණ්ඩු 139ක් හදන්න විපක්ෂය එක්වෙයි

Published

on

By

ජාතික ජන බලවේගයට බහුතර බලය අහිමි පළාත් පාලන ආයතන 139ක බලය පිහිටුවීමට විපක්ෂයේ සියලුම දේශපාලන පක්ෂ ඊයේ (14) එකඟතාවකට පැමිණ ඇතැයි වාර්තා වේ.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, මල් පාරේ පිහිටි නිවෙසේ පැවැති සාකච්ඡාවේදී මෙම එකඟතාවට පැමිණ තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved