Connect with us

පුවත්

දේශබන්දුට එරෙහි පෙත්සමක රනිල්ව වගඋත්තරකරුවෙක් කරලා

Published

on

දේශබන්දු තෙන්නකෝන් මහතා ව්‍යවස්ථා විරෝධීව පොලිස්පති ලෙස පත්කිරීම සම්බන්ධයෙන් තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නම් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (29) අවසර ලබා දෙන ලදී.

රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට ජනාධිපති ධුරයෙන් නික්ම ගොස් ඇති හෙයින් ඔහුගේ මුක්තිය ඉවත්වී ඇති නිසා ඔහු නමින්ම වගඋත්තරකරුවකු කිරීමට අවසර දෙන ලෙස අද මෝසමක් මඟින් මෙම පෙත්සම කැඳවූ අවස්ථාවේදී තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඒ අනුව කරුණු සලකා බැලූ ප්‍රීති පද්මන් සූරසේන සහ ජනක් ද සිල්වා යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල රනිල් වික්‍රමසිංහ මහතා මෙම මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙස නම් කිරීමට අවසර ලබාදීමට නියෝග කලේය.

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ලෙස පත් කිරීම ව්‍යවස්ථා විරෝධී බව කියමින් තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සගමය මෙම පෙත්සම ගොනු කර තිබුණි.

මීට පෙර මෙම පෙත්සම තවත් පෙත්සම් හතක් සමග කැඳවූ අවස්ථාවේදී දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයේ කටයුතු කිරීම තාවකාලිකව නතර කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කලේය.

එසේම ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයාත්, කතානායකත්, දේශබන්දු තෙන්නකෝන් මහතාත් මූලික අයිතිවාසිකම් කඩ කර ඇත්දැයි සොයා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කලේය.

ඒ අනුව මේ වන විට මෙම තීරණය ගත් ජනාධිපතිවරයා වූ රනිල් වික්‍රමසිංහ මහතා ධුරයෙන් නික්ම ගොස් ඇති හෙයින් ඔහුගේ මුක්තිය අවසන් බවත්, ඒ අනුව වික්‍රමසිංහ මහතා නමින් වගඋත්තරකරුවකු කිරීමට හැකියාව ඇති බවත් අද කරුණු දක්වමින් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා ප්‍රකාශ කලේය.

හියුමන්ට් රයිට්ස් ලෝ චේම්බර්ස් වෙනුවෙන් නීතිඥ මනුෂිකා කුරේ මහත්මිය මාර්ගයෙන් තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කර ඇති අතර නීතිඥ මනුජය ද සිල්වා මහතා සමග ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අද පෙනී සිට පෙත්සම්කරුවන් වෙනුවෙන් කරුණු දක්වන ලදී.

පුවත්

විජයග්‍රහණයේ 16වන ජාතික සැමරුම – සජීවී විකාශය

Published

on

By

දශක තුනකට අධික කාලයක් පැවති කුරිරු ත්‍රස්තවාදය අවසන් කරමින් ලැබූ යුද ජයග්‍රහණය සැමරෙන ජාතික රණවිරු සැමරුම් උත්සවය මේ වනවිට ආරම්භ වී තිබේ.

බත්තරමුල්ල, රණවිරු ස්මාරකය අභියස දී පැවැත්වෙන මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගී වීමට නියමිතය.

උත්සවය සඳහා ත්‍රස්තවාදය නිමා කිරීමට ත්‍රිවිධ හමුදාවට නායකත්වය ලබාදුන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ සහ මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක යන මහත්වරුන් ද සහභාගී වීමට ද නියමිතව තිබේ.

මේ අතර ජාතික රණවිරු සැමරුම් උත්සවය හේතුවෙන් අද පස්වරු 4 සිට බත්තරමුල්ල පාර්ලිමේන්තුව ආශ්‍රිත ප්‍රදේශයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වේ.

වීඩියෝ – ජාතික රූපවාහිනිය

Continue Reading

පුවත්

දේශබන්දු විමර්ශන කමිටුව හමුවට (UPDATE)

Published

on

By

දේශබන්දු තෙන්නකෝන් මහතා සිදුකර ඇතැයි කියන විෂමාචාර සහ ධුරයේ බලතල නිසි ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත්කළ පරීක්ෂණ කමිටුව අද (19) පාර්ලිමේන්තුවේදී රැස්විය.

ඒ සඳහා පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා පෙනී සිට ඇති බව වාර්තා වේ.


(පෙර පුවත 2025 මැයි 19 පෙ.ව.8.25 )

දේශබන්දු අද විමර්ශන කමිටුවට

දේශබන්දු තෙන්නකෝන් මහතා සිදුකර ඇති බව කියන විෂමාචාර සහ ධුරයේ බලතල අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත්කළ පරීක්ෂණ කමිටුව අද (19) සිට පරීක්ෂණ කටයුතු ආරම්භ කිරීමට නියමිතව තිබේ.

අදාළ කමිටුව පසුගිය සති කිහිපය තුළ දී පාර්ලිමේන්තු පරිශ්‍රයේදී රැස්වී මූලික විමර්ශන සිදුකරනු ලැබීය.

ඒ අනුව දේශබන්දු තෙන්නකෝන් මහතාට පරීක්ෂණ කමිටුවේ හමුවේ පෙනී සිටින ලෙස නොතීසියක් මඟින් දැනුම්දී ඇත.

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඒ අනුව දේශබන්දු තෙන්නකෝන් මහතා පරීක්ෂණ කමිටුව හමුවේ පළමු වරට පෙනී සිටීමට නියමති බවය.

මෙම කමිටුව පසුගිය 15 වැනිදා පාර්ලිමේන්තුවේදී රැස් වී පරීක්ෂණ කටයුතු පැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ඡා කරනු ලැබීය.

ඒ අනුව විමර්ශන කමිටුව අද පස්වරු 2ට පාර්ලිමේන්තු කාරක සභා කාමර අංක 8 හිදී රැස්වීමට නියමිතය.

දේශබන්දු තෙන්නකෝන් මහතා එම ධුරයෙන් ඉවත් කිරීමට අදාළ කරුණු සොයා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් යුතුව මෙම කමිටුව පත් කරනු ලැබීය.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

නායයාම් අනතුරු ඇඟවීම් නිකුත් කරයි

Published

on

By

පවතින අධික වර්ෂාපතනය හමුවේ දිස්ත්‍රික්ක කිහිපයකට නාය යාමේ අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ .

ඒ අනුව විමසිලිමත් බවින් සිටින ලෙසටයි අදාල අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර ඇත .

ඒ අනුව කොළඹ කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක, ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය, කළුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර සහ ඉංගිරිය, මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කොරලය, කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය, රුවන්වැල්ල, දෙහිඕවිට සහ වරකාපොල සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ, කිරිඇල්ල , කුරුවිට,නිවිතගල ,කලාවන යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වෙත මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර තිබේ .

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය අද(19) පස්වරු 14.00 සිට හෙට(20) පස්වරු 14.00 දක්වා ක්‍රියාත්මක බවය .

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved