Connect with us

පුවත්

දේශබන්දුට වාහන දුන් මත්පැන් හල් හිමි සුරංග ලක්ෂ 10ක ඇපමත මුදාහරියි

Published

on

බන්ධනාගාර ගතව සිටින අනිවාර්ය නිවාඩු යවා සිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට අධිකරණයට භාරවීමට පෙර රැකවරණය ලබාදීම සහ ප්‍රවාහන පහසුකම් ලබා දීම යන චෝදනා මත අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් කෝටිපති ව්‍යාපාරිකයෙකු හා සිංහ සමාජ සාමාජිකයකු වන සුරංග සංජීව වීරසූරිය නැමැත්තා රුපියල් ලක්ෂ දහයක ශරීර ඇපයක් මත මුදා හරින ලෙස කඩුවෙල වැඩ බලන මහෙස්ත්‍රාත් කමල් ප්‍රසන්න විජේසිරි මහතා අද (29) දින නියෝග කළේය.

මෙලෙස ඇප නියම වූ සුරංග නැමැත්තා තලවතුගොඩ ශාන්තිපුර ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මත්පැන් හල් හිමිකරුවෙකි.

සැකකාර ව්‍යාපාරිකයා විසින් තම මෝටර් රථ යොදාගෙන දේශබන්දු තෙන්නකෝන් මහතාට ප්‍රවාහන පහසුකම් ලබා දී ඇති බවට කරුණු අනාවරණය වීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සැකකරු දෙවරක්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රශ්න කිරීම් සිදුකර ඇති අතර ඉන් අනතුරුව සැකකරු තලවතුගොඩ ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක  ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ඇතුළත් වීම නිසාවෙන් අත්අඩංගුවට ගෙන පොලිස් ආරක්ෂාව යටතේ  සිටියදී මාතර මහේස්ත්‍රාත් අධිකරණය මගින් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයෙන් කරන ලද ඉල්ලීමක් මත වැඩ බලන මහෙස්ත්‍රාත් කමල් ප්‍රසන්න විජේසිරි මහතා සැකකරු ප්‍රතිකාර ලබමින් සිටි තලවතු තලවතුගොඩ ප්‍රදේශයේ පෞද්ගලික රෝහලට ගොස් සැකකරු පරීක්ෂා කර බැලීමෙන් පසු එම නියෝගය ලබාදීමට කටයුතු කර තිබුණි

මේ සම්බන්ධයෙන් හෝ වැඩිදුර නඩු විභාගය අප්‍රේල් මස තුන්වෙනි දින යළි කැඳවීමට නියමිත වේ.

ක්‍රීඩා

IPL යළි ඇරඹෙන දිනය?

Published

on

By

අතරමැද නවතා දැමුණු ඉන්දීය ප්‍රිමියර්ලීග් ක්‍රිකට් තරගාවලිය නැවතත් මැයි මස 17 වන දින සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

ඒ අනුව තරගාවලියේ ඉතිරි තරග ක්‍රීඩාංගණ 6 කදී පැවැත්වීමට නියමිත බවයි වාර්තා වෙයි.

පළමු තරගය ලෙස මැයි මස 17 වන දින රොයල් චැලෙන්ජර්ස් බැංගලොර් කණ්ඩායම සහ කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම අතර තරගය පැවැත්වෙයි.

ඉන්දීය ප්‍රිමියර්ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ජුනි මස 3 වන දින පැවැත්වීමට නියමිතයි.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

රටපුරා ලුණු හිඟයක්?

Published

on

By

ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති ගණක අමරසිංහ මහතා සඳහන් කළේ ලුණු මෙට්‍රික් ටොන් 30ක් ආනයනය කිරීමට රජය තීරණය කර තිබුණ ද  එය ප්‍රමාද වී ඇති බවය.

එම නිසා වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් දක්නට ලැබෙන බව ගණක අමරසිංහ මහතා සඳහන් කළේය.

ඉදිරි සතිය තුළ අදාළ ලුණු තොග දිවයිනට ලැබීමට සමග පවතින ලුණු හිඟය පාලනය වනු ඇති බව ලුණු නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති ගණක අමරසිංහ මහතා සඳහන් කළේය.

මේ අතර වෙළෙඳපොළ තුළ ලුණු මිල ද ඉහළ ගොස් ඇති බවට පාරිභෝගිකයින් සහ වෙළෙඳුන් චෝදනා කරයි.

කැට ලුණු කිලෝ ග්‍රෑම් 1ක පැකැට්ටුවක මිල රුපියල් 450ත් 500ත් අතර මිලකට අලෙවි කිරීමට වෙළෙඳුන් කටයුතු කරමින් සිටින බව ද වාර්තා වෙයි.

ඇතැම් පාරිභෝගිකයින් ඒ සම්බන්ධයෙන් සිය සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ ද අදහස් පළකර තිබුණි.

මේ සම්බන්ධයෙන් අද දෙරණ පාරිභෝගික පිළිබඳ අධිකාරියෙන් විමසීමක් කළේය.

එහිදී පාරිභෝගික කටයුතු සහ තොරතුරු අධ්‍යක්ෂ අසේල බණ්ඩාර මහතා සඳහන් කළේ ලුණු මිල ගණන් සම්බන්ධයෙන් පාරිභෝගික අධිකාරියට ද පැමිණිලි ලැබී ඇති බවය.

ඒ අනුව අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස වැටලීම් නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බව අසේල බණ්ඩාර මහතා සඳහන් කළේය.

Continue Reading

පුවත්

ඩේටා දන්සැල් ගැන අනතුරු ඇඟවීමක්

Published

on

By

අන්තර්ජාල සේවා සපයන සමාගම්වල නම් භාවිතා කරමින්, විවිධ අන්තර්ජාල පැකේජ සහ ඩේටා දන්සැල් ලබාදෙන බවට ව්‍යාජ ලෙස පවසන ජාවාරමක් පිළිබඳව පොලීසිය අනතුරු හඟවා තිබේ.

ශ්‍රී ලංකා පොලීසියේ නිල ෆේස්බුක් පිටුවේ මෙවැනි වංචා සහගත ජාවාරම්වලින් පළ කර ඇති ඡායාරූප කිහිපයක් පළ කර ඇත.

ඔබගේ දත්ත හෝ එක්වරක් පමණක් ලැබෙන මුරපදය හෙවත් OTP වෙනත් පුද්ගලයන්ට ලබා නොදෙන ලෙස එම ඡායාරූප සමඟ පොලීසිය සඳහන් කර තිබේ.

සත්‍යාපනය නොකළ වෙබ් අඩවි හෝ ජංගම දුරකථන යෙදුම් හෙවත් ඇප්වලට කිසිදු තොරතුරක් ලබා නොදෙන ලෙසද පොලීසිය එහිදී අනතුරු හඟවා ඇත.

පොලීසිය පවසන්නේ, මෙවැනි වංචාවලට හසුවීමෙන් පුද්ගලික දත්ත අහිමිවීම හෝ මුදල් වංචාවලට හසුවීම සිදුවිය හැකි බවය.

ඒ අනුව මෙවැනි සැක සහිත පණිවිඩ හෝ සබැඳි හෙවත් ලින්ක් දුටුවහොත් වහාම පොලිසියට හෝ අදාළ අන්තර්ජාල සේවා සපයන සමාගම් වෙත දැනුම් දෙන ලෙස මහජනතාවට උපදෙස් දී තිබෙනවා.අන්තර්ජාල සේවා සපයන සමාගම්වල නම් භාවිතා කරමින්, විවිධ අන්තර්ජාල පැකේජ සහ ඩේටා දන්සැල් ලබාදෙන බවට ව්‍යාජ ලෙස පවසන ජාවාරමක් පිළිබඳව පොලීසිය අනතුරු හඟවා ඇත.

මෙවැනි සැක සහිත පණිවිඩ හෝ සබැඳි හෙවත් ලින්ක් දුටුවහොත් වහාම පොලිසියට හෝ අදාළ අන්තර්ජාල සේවා සපයන සමාගම් වෙත දැනුම් දෙන ලෙස මහජනතාවට උපදෙස් දී තිබේ.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved