Connect with us

පුවත්

දේශබන්දුට තර්ජනය කළ දෙදෙනෙකු ගැන විමර්ශන ඇරඹේ (UPDATE)

Published

on

තනතුරෙහි රාජකාරී ආවරණ කටයුතු තහනම් කර ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට ජීවිත තර්ජනයක් පවතින බවට ලැබුණු තොරතුරකට අනුව විමර්ශනයක් ආරම්භ කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද (2) කරුණු වාර්තා කළේය.

ඒ අනුව සිද්ධියට අදාළව බූස්ස බන්ධනාගාරයේ සිටින සැකකරුවන් දෙදෙනෙකුගෙන් ප්‍රකාශ ලබාගැනීමට එම දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මහත්මිගෙන් නියෝගයක් ලබාගෙන තිබේ.

දේශබන්දු තෙන්නකෝන් මහතාට පාතාල කල්ලි නායක කංජිපානි ඉම්රාන්ගෙන් තර්ජන එල්ලවිය හැකි බවට උසස් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඒ මහතාගේ හෝකන්දර පිහිටි නිවසට ගොස් ඔහුට දැනුම් දී තිබුණි.

තෙන්නකෝන් මහතා ඝාතනය කරන ලෙස විදෙස්ගතව සැඟව සිටින කංජිපානි ඉම්රාන් විසින් සිය සමීපතමයන්ට උපදෙස් ලබාදී ඇතැයි තොරතුරු වාර්තාවී ඇති බවද එම නිලධාරීන් වැඩිදුරටත් එහිදී සඳහන් කර ඇත.


(පෙර පුවත 2025 02 මැයි පෙ.ව.8.12 )

දේශබන්දු පොලීසියෙන් ආරක්ෂාව ඉල්ලයි

ජීවිත තර්ජන පවතින බැවින් තමාට ආරක්ෂාව ලබාදෙන ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතා පොලීසියෙන් ඉල්ලීමක් කර තිබේ.

වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගෙන් ඊයේ (01) දිනයේ ලිඛිතව අදාළ ඉල්ලීම සිදුකර ඇති බව වාර්තා වෙයි.

තමාගේ ආරක්ෂාව සම්පූර්ණයෙන් ඉවත්කර ඇති බැවින් ජීවිතයට තර්ජන පැවතීම හේතුවෙන් සුදුසු ආරක්ෂාවක් ලබාදෙන ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතා පොලීසියෙන් ඉල්ලා ඇත.

දේශබන්දු තෙන්නකෝන් මහතාට ජීවිත තර්ජන ඇද්ද යන්න පිළිබඳව පොලීසිය විසින් ආරක්ෂක තක්සේරුවක් කිරීමට නියමිත අතර ඔහුට ආරක්ෂාවක් ලබාදිය යුතු බවට නිර්දේශ කළහොත් එම ආරක්ෂාව ලබාදීමට පියවර ගන්නා බවද පොලීසිය සඳහන් කළේය.

සබැඳි පුවත්

පුවත්

A/L වෘත්තීය විෂය ධාරවට අයැදුම්පත් කැඳවෙයි

Published

on

By

උසස් පෙළ වෘත්තීය විෂය ධාරව යටතේ 12 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා අයැදුම්පත් කැඳවීම ආරම්භ කර තිබේ.

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ, මේ වසරේ සිට වෘත්තීය විෂය ධාරාව පාසල් 608 ක ක්‍රියාත්මක කෙරෙන බවය.

මෙම විෂය ධාරාවට සිසුන් ඇතුළත් කර ගැනීමේදී අපොස සාමාන්‍ය පෙළ සමත් අසමත්භාවය සලකනු නොලබන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ ය.

ඒ සඳහා ඇතුළත්වීමට අපේක්ෂිත පාසලේ විදුහල්පතිට අයැදුම්පතක් යොමු කළ යුතුය.

Continue Reading

පුවත්

අල්ලස් කොමිසමේ ක්‍රියාව ගැන හිටපු ජනපති රනිල්ගෙන් නිවේදනයක්

Published

on

By

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නීතීඥවරයා විසින් තමා සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති චෝදනා සම්බන්ධව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි සඳහන්ව ඇත්තේ කිසිදු පදනමක් නොමැතිව තමා විසින් නීති උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් ලිපි එවීම සහ තමාගේ නීතීඥවරයා විසින් එවන ලද ලිපි ජනාධිපතිවරයා සමග බෙදා ගැනීමට අල්ලස් කොමිසමේ ජනරාල්වරයා ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධව පැහැදිලි කිරීමක් ඉල්ලා සිටින බවය.

හිටපු ජනාධිපතිවරයාගේ සම්පූර්ණ නිවේදනය පහතින්,

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නීතිඥවරයා විසින් මා සම්බන්ධයෙන් අද අධිකරණයට ඉදිරිපත් කර ඇති බවට චෝදනා එල්ල කරන මාධ්‍ය වාර්තාවල, ගරු චාමර සම්පත් මන්ත්‍රීවරයාට දැනටමත් ලබා දී ඇති ඇප අවලංගු කිරීමේ අයදුම්පත අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර ඇති බව හෝ චූදිතයාගේ නීතිඥවරයා කොමිසමේ නීතිඥවරයා විසින් කරන ලද මෙම ඉදිරිපත් කිරීම්වලට විරුද්ධ වූ බව හෝ සඳහන් කර නැත. 

2025 අප්‍රේල් 28 වන දින කොමිසමට කළ මාගේ ප්‍රකාශයේ, ගරු අමාත්‍ය සමන්ත විද්‍යාරත්න විසින් කරන ලද ප්‍රකාශයකින් ගරු චාමර සම්පත් මන්ත්‍රීවරයාගේ කලාත්‍රයා ඔහුගේ වරප්‍රසාද උල්ලංඝනය වී ඇත්දැයි මාගෙන් විමසූ බව මම ප්‍රකාශ කළෙමි. මම නීතිඥයෙකු ලෙස උපදෙස් ලබා දී ඇති බැවින්, මට කිසිදු හෙළිදරව්වක් කිරීමට හැකියාවක් නොමැති බව මම ප්‍රකාශ කළෙමි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148, 149 සහ 150 වගන්ති මම කොමිසම වෙත යොමු කළෙමි, එමඟින් පාර්ලිමේන්තුවට රාජ්‍ය මූල්‍ය පිළිබඳ පූර්ණ පාලනය ඇති අතර නිශ්චිත අරමුණු සඳහා නීතියෙන් වෙන් නොකළ ජනරජයේ අරමුදල් වෙනුවෙන් එක් ඒකාබද්ධ අරමුදලක් සෑදිය යුතුය. 

මුදල් අමාත්‍යවරයාගේ අතැති වරෙන්තුවක් යටතේ හැර අරමුදලෙන් මුදල් ආපසු ලබා ගත නොහැක. එම චක්‍රලේඛය නීතියේ නැවත ප්‍රකාශයක් පමණි. චක්‍රලේඛය නීතිය නොවේ. නීතියට අනුව නිසි ක්‍රියාමාර්ගය වන්නේ ස්ථාවර තැන්පතුව ඉවත් කර පළාත් අයවැයෙන් අවසර දී ඇති එවැනි අරමුණු සඳහා අයදුම් කිරීමයි.

මා සම්බන්ධයෙන් කරන ලද මෙම ඉදිරිපත් කිරීම් අධිකරණය හිතාමතාම නොමඟ යැවීමකි. ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව මම මගේ නීතිඥයින්ගෙන් උපදෙස් ලබා ගනිමි.

තවද, CIABOC විසින් විමර්ශනය සිදු කළ ආකාරය පිළිබඳව මම කොමිසමට ලියා ඇත. ලිපියේ පිටපතක් අමුණා ඇත.

2025 මැයි 16
ගරු සභාපති
අල්ලස් චෝදනා විමර්ශන කොමිසම
හෝ දූෂණ අංක 36, මලලසේකර මාවත
කොළඹ 07

හිතවත් සභාපතිතුමනි, 

2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතට අනුකූලව සිදු කරන ලද විමර්ශනයකොමිසම විසින් මා වෙත එවන ලද ලිපි වෙත යොමු කිරීමට මම කැමැත්තෙමි.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශනය සඳහා පහත සඳහන් කිරීම් කර ඇත.

A. 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතට අනුකූලව සිදු කරන ලද විමර්ශනය – 2025.04.11
ආ. 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතේ 49(1) වගන්තියේ නියමයන් යටතේ දැන්වීම පනතේ නියමයන් යටතේ සිදු කරන ලද විමර්ශනය සම්බන්ධයෙන් – 2025.04.21
C. 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතේ 49(1) වගන්තියේ නියමයන් යටතේ අවසන් නිවේදනය පනතේ නියමයන් යටතේ සිදු කරන ලද විමර්ශනය සම්බන්ධයෙන් – 2025.04.25

02. 2025 අප්‍රේල් 10 වන දින, ගරු චාමර සම්පත් මහතා සම්බන්ධයෙන්  අමාත්‍ය සමන්ත වෛද්‍යරත්න විසින් කරන ලද ප්‍රකාශයකින් ඔහුගේ වරප්‍රසාද උල්ලංඝනය කර ඇත්දැයි ඔහුගේ බිරිඳ මගෙන් විමසා පසුව මගෙන් උපදෙස් ලබා ගන්නා ලදී.

ඊට පසු දිනම, එනම් 2025 අප්‍රේල් 1 වන දින, ඔබගේ කොමිසමේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් සී. අසිත ඇන්තනි මහතා විසින් අත්සන් කරන ලද ලිපියක් මට ලැබුණි, 2025.04.17 දින ඔබගේ කොමිසමේ දූෂණ විමර්ශන අංශය III වෙත ප්‍රකාශයක් ලබා දෙන ලෙස මට උපදෙස් දෙමින්. ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා මහතා, මගේ නීති උපදේශකවරයා ඔබගේ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතාට ලිපියක් යවමින් කියා සිටියේ, අප දෙදෙනාම කොළඹින් බැහැරව සිටින බැවින් එම දිනයේ කොමිසමේ දූෂණ විමර්ශන අංශය I ඉදිරියේ පෙනී සිටීමට අපට නොහැකි බවයි.

03. 2025 අප්‍රේල් 21 වන දින, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව 2025.04.25 දින කොමිසම හමුවේ පෙනී සිටින ලෙස මගෙන් ඉල්ලා සිටියේය. එම ලිපියේ, 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතේ 126 වගන්තිය ප්‍රකාරව කොමිසම ඉදිරියේ පෙනී සිටීමට මා විසින් සපයා ඇති හේතුව සාධාරණ හේතුවක්ද යන්න පිළිබඳව තවදුරටත් විමර්ශනයක් පවත්වන බව ඔබට සඳහන් කර තිබුණි.

04. 2025 අප්‍රේල් 2 වන දින නීතිඥ රෙෂාන් ගමගේ මහතා කොමිසමට දැනුම් දුන්නේ මගේ නීති උපදේශක රොනල්ඩ් පෙරේරා මහතා 2025 අප්‍රේල් 27 වන දින දක්වා රටින් බැහැරව සිටින බවත්, ප්‍රකාශයක් ලබා දීම සඳහා කොමිසම ඉදිරියේ පෙනී සිටීමට තවත් දිනයක් ඉල්ලා සිටි බවත්ය. කොමිසම ප්‍රතිචාර වශයෙන් යවන ලද 2025 අප්‍රේල් 25 වන දිනැති ලිපියේ ද සඳහන් වූයේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද සැකකරුවෙකු සම්බන්ධයෙන් අනවශ්‍ය ලෙස මැදිහත් වෙමින් මාධ්‍යයට ප්‍රකාශයක් කළ බවයි.

05. රොෂාන් ගමගේ මහතා කොමිසමේ අවධානයට යොමු කළ කරුණු සම්බන්ධයෙන් අදහස් දැක්වීමට කැමැත්තෙමි. 2025 අප්‍රේල් 1 වන දින මඩකලපුවේ පැවති ප්‍රසිද්ධ දේශපාලන රැලියේදී අනුර දිසානායක මහතා ප්‍රකාශ කළේ මා විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට යවන ලද ලිපි දුටු බවයි.

06. එබැවින්, කිසිදු පදනමක් නොමැතිව මා විසින් නීති උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් මෙම ලිපි මා වෙත එවීමෙන් සහ මගේ නීතිඥවරයා විසින් එවන ලද ලිපි අතිගරු ජනාධිපතිතුමා සමඟ බෙදා ගැනීමෙන් අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ හැසිරීම පිළිබඳව පැහැදිලි කිරීමක් ඉල්ලා සිටීමට කැමැත්තෙමි.
මේ සඳහා මගේ නීතිඥයින් ඔබගේ ගෞරවනීය කොමිසම සමඟ සම්බන්ධ වනු ඇත.

ස්තූතියි,
රනිල් වික්‍රමසිංහ
ශ්‍රී ලංකාවේ Viii වැනි විධායක ජනාධිපති

සබැඳි පුවත් :

රනිල්ගේ ප්‍රකාශය පරීක්ෂණ නොමඟ යැවීමක්

Continue Reading

පුවත්

කඩුවෙල මහෙස්ත්‍රාත්වරිගේ නිල මැදිරිය මුද්‍රා තැබේ

Published

on

By

කඩුවෙල මහෙස්ත්‍රාත්වරිය ලෙස කටයුතු කළ චාණිමා විජේබණ්ඩාර මහත්මියගේ කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයේ නිල මැදිරිය මුද්‍රාතැබීමට අධිකරණ සේවා කොම්ෂන් සභාව විසින් කටයුතු කර ඇති බව කඩුවෙල පොලීසිය පවසයි.

ඒ අනුව එළැඹෙන සඳුදා (19) හිටපු මහෙස්ත්‍රාත් චාණිමා විජේබණ්ඩාර මහත්මියට අධිකරණය වෙත පැමිණ, ඇයගේ නිල කාමරයේ ඇති ඇයට අයත් භාණ්ඩ ලබාගැනීමට අවස්ථාව ලබා දී ඇත.

එමෙන්ම එතෙක් එම නිල කාමරය සඳහා පොලිස් ආරක්ෂාව ලබාදීමට ද කටයුතු කර ඇති බව කඩුවෙල පොලීසිය පැවසීය.

චාණිමා විජේබණ්ඩාර මහත්මිය සම්බන්ධයෙන් අධිකරණ සේවා කොම්ෂන් සභාව වෙත ලද පැමිණිලි කිහිපයක් මත සිදුකරනු ලබන පරීක්ෂණයන්ට යටත්ව මෙලෙස එම නිල කාමරය මුද්‍රා තබා තිබේ.

මේ වනවිට කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයේ වැඩ ආවරණ කටයුතු අත්හිටුවීමට කටයුතු කර ඇති බවටද වාර්තා වේ. 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved