දැනට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි සක්‍රීය විශාල බදු ගෙවන්නන්ගේ ලිපිගොනු සංඛ්‍යාව 800 කටත් වඩා අඩු බව ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.
එසේම සියලුම ලිපි ගොනු ප්‍රමාණය 350,000 කටත් වඩා අඩු බවද එම ආරංචි මාර්ගවලින් වැඩිදුරටත් වාර්තා වේ.මේ තත්ත්වය යටතේ මිලියන 23 කට ආසන්න මෙරටෙහි ජනතාව අතරින් ආදායම් බදු ගෙවන අයකු විසින් ආදායම් බදු නොගෙවන 60 දෙනෙකු පමණ නඩත්තු කල යුතුව ඇතැයි සංඛ්‍යා ලේඛන වලින් හෙළිව තිබේ.ජනතාව මත පනවා ඇති බදු බර ඉහල බවත්, එසේ දැනට තිබෙන ඉහල ආදායම් බදු අනුපාතය පහතට ගෙනඒමට නම් බදු ගෙවන පිරිසගේ සංඛ්‍යව වැඩි කිරීමට කටයුතු කරන ලෙස රජයෙන් ඉල්ලීමක් කිරීමට ආදායම් බදු දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති සූදානම් වන බව මේ අතර වාර්තා වේ.
ඔවුන්ගේ අදහස වී ඇත්තේ බදු බර වැඩි පිරිසක් අතරට බෙදීමෙන් ජනතාව මත පනවා ඇති බදු බර අඩුකළ හැකි බවයි.
එසේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) බලාපොරොත්තුව වී ඇත්තේද විශාල බදු ගෙවන්නන්ගෙන් නිවැරදිව බදු අයකර ගැනීමත්, මධ්‍යම ප්‍රමාණයේ බදු ගෙවන්නන් නිවැරදි මාවතේ රැගෙනවිත් විශාල බදු ගෙවන්නෙක් බවට පත් කිරීමත් බව පැවසේ.
මුදල් අමාත්‍යංශයේ මුල්‍ය ප්‍රතිපත්ති සැකසුම් වලට අනුව බදුගෙවන පිරිස කඩිනමින් ලියාපදිංචි කර බදුගෙවන්නෝ වැඩි කරගැනීමට යෝජනා කර ඇතත්, වත්මන් කොමසාරිස් ජනරාල්වරයාට ඒ ගැන පැහැදිළි දැක්මක් නොවීමෙන් එම වැඩපිළිවෙල ලත් තැනම ලොප්ව ඇතැයි ද පැවසේ.
කොමසාරිස්වරයා මෙම කටයුතු දිනෙන් දින අතපසුකරමින් ලබන අගෝස්තුවේ විශ්‍රාම යාමට දින ගනිමින් සිටින බවට ද මේ වන විට ඔහුට එරෙහිව වෘත්තීය සිමිතිවලින් බලවත් චෝදනාවක් එල්ලවී ඇත.
මේ අතර, මෙම දෙපාර්තමේන්තුවේත් අනෙකුත් රජයේ සේවයත් මුල්කරගනිමින් බදු ලිපි ගොනු මිලියනක පමණ ප්‍රමානයක් විවෘත කර පම්පෝරි ගැසීමට කොමසාරිස්වරයාගේ වන්දිභට්ටයින් පිරිසකගේ සූදානමක් ගැනද ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.
එසේම දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට පිටින් අලුතෙන් ආරම්භ කරන ලද ආදායම් කළමනාකරණ අංශයට සිදු කරන ලද බඳවා ගැනීම් ද විනිවිධ බාවයකින් තොර බව පැවසේ.
මෙම නව අංශයට දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ සිටි සිවුදෙනෙකු බඳවා ගෙන ඇති අතර තවත් 6දෙනෙකු බඳවා ගැනීමට නියමිත බව පැවසේ.
කෙසේවුවද, මේ බඳවා ගැනීම් සිදු කර ඇත්තේ කිසිදු සම්මුඛ පරීක්ෂණයක් හෝ ඇගයීමකින් තොරව මුදල් අමත්‍යංශයේ හිතුමතයට අනුවය.
දැනට මෙසේ බඳවා ගත් අය පිළිබඳව කේෂත්රය තුළ එතරම් පැහැදීමක් නැතැයි ද මේ අතර වාර්තා වේ.
මෙසේ පත්කර ඇති පිරිස පිටුපස සැඟවී සිටින විශාල බදු ගෙවන්නන් සහ විශ්‍රාම ගිය අයද ඇතැයි ඉතා විශ්වාසකටයුතු ආරංචි මාර්ගයකින් ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.