Connect with us

පුවත්

දොස්තරලා 150ක් අසාදු ලේඛනයට!; නම් ලයිස්තුව නෙට් එකට!

Published

on

පසුගිය වසර කීපයක සිට නීති විරෝධී අන්දමින් සහ නීත්‍යානුකූලව විදේශ ගත වී වගකීම් පැහැර හැර ඇති විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව 150ක් බව සෞඛ්‍ය අමාත්‍යංශය කියයි.

එසේ වගකීම් පැහැර හැරි වෛද්‍යවරුන් මේ වන විට මෙම අසාදු ලේඛන ගතකිරීම ආරම්භ කර ඇතැයි ද පැවසේ.

මෙම පිරිසෙන් මේ වසර තුළ වෛද්‍යවරුන් 30ක් පමණ නීතිවිරෝධී ලෙස විදේශ ගතව ඇති අය බවද වාර්තා වේ.

වෛද්‍යවරු ඇතුළු දීපව්‍යාප්ත රාජ්‍ය සේවයේ නියුතු වූවෙකු විදේශ ගත වන්නේ නම් අගමැතිවරයාගේ සහ විෂයභාර ඇමැතිවරයාගේ අනුමැතිය අනිවාර්ය බව තෘතීක වෛද්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු මහතා කියා සිටී.

මෙසේ අනුමැතියකින් තොරව විදේශ ගතවන වෛද්‍යවරුන් සම්බන්ධයෙන් සහ වගකීම් පැහැර හැර ඇති වෛද්‍යවරු සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට ආයතන ප්‍රධානියාට බලයක් තිබෙන බවත් එම බලතලවලට අනුව අසාදුලේඛන ගතකිරීමේ හැකියාව ඇති බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කරයි.

අසාදුලේඛන ගත කරන වෛද්‍යවරුන්ගේ නම් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ වෙබ් අඩවියේ පළ කිරීමේ සූදානමක් ඇතැයි ද මේ අතර වාර්තා වේ.

මේ අනුව නිත්‍යානුකූල නොවන අන්දමින් විදේශයන්හී රැඳී සිටින විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් දඩ මුදල් අයකර ගැනීම, අසාදුලේඛන ගතකිරීම, ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචිය අවලංගු කිරීම සහ බ්‍රිතාන්‍යයේ වෛද්‍ය සභාවට දැනුම් දීමට නීත්‍යානුකූලව කටයුතු කරමින් පවතින බව වෛද්‍ය අතපත්තු මහතා වැඩිදුරටත් හෙළිකර තිබේ.

කෙසේ නමුත් මහජනතාවගේ බදු මුදලින් ‌ඉගෙන ගන්නා වෛද්‍යවරු විදේශ ගතවීමෙන් පසුව සිය වගකීම් පැහැර හැරීම හේතුවෙන් ඔවුන්ගේ නම් බ්‍රිතාන්‍යයේ වෛද්‍ය සභාවට දැනුම් දීම තුළ නිත්‍යානුකූලව රැකියාවන් සඳහා යන අනෙකුත් වෛද්‍යවරුන්ටද සිය සේවය අහිමි වීමට ඉඩ ඇති බව අධ්‍යක්ෂවරයා පෙන්වා දෙයි.

පුවත්

ලක්මාලිට ලොකු තනතුරක්

Published

on

By

ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවිය පත්ව තිබේ.

කාරක සභාවේ මංගල රැස්වීම පාර්ලිමේන්තුවේදී අද (22) රැස් වූ අවස්ථාවේදී ඇය මේ සඳහා පත්ව තිබේ.

මන්ත්‍රී විජේසිරි බස්නායක මහතා විසින් ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවියගේ නම යොජනා කර ඇති අතර, මන්ත්‍රී කන්දසාමි ප්‍රභු මහතා විසින් එය ස්ථිරකරන ලදී.

කාරක සභාවේ සෙසු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුවන ලක්ෂ්මන් නිපුණ ආරච්චි, නීතිඥ සාගරිකා අතාවුද, නීතිඥ නිලන්ති කොට්ටහච්චි හා තිළිණ සමරකෝන් යන අයද මෙම රැස්වීමට සහභාගි වී තිබේ.

Continue Reading

පුවත්

එක්සත් ජාතික පක්ෂයෙන් දැඩි තීරණයක්

Published

on

By

පළාත් පාලන ආයතන සඳහා නියෝජිතයන් පත් කිරීමේදී ඔවුන් ලබාගත් ඡන්ද ප්‍රතිශතය පමණක් සැලකිල්ලට ගැනීමට එක්සත් ජාතික පක්ෂයේ තීරණය කර තිබේ.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පළාත් පාලන ආයතනවලට පත්වීමට සුදුසුකම් ලබන්නේ වැඩිම ඡන්ද ප්‍රතිශතය ගත් අපේක්ෂකයන්ට පමණි.

එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන ආයතන නියෝජිතයන් පත්කිරීම සඳහා පත්කරන ලද කමිටුව විසින් ගන්නා ලද මෙම තීරණය කිසිම හේතුවක් නිසා වෙනස් නොකරන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ.

Continue Reading

පුවත්

රාජ්‍ය ආයතනවලට ඉන්ධන සැපයීමට ඩිජිටල් කාඩ්පතක්

Published

on

By

රාජ්‍ය ආයතනවල වාහන සඳහා ඉන්ධන සැපයීමේදි මුදල් ගෙවීම් සඳහා නව ඩිජිටල් කාඩ්පතක් හඳුන්වාදීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් පියවර ගෙන තිබේ.

ඉන්ධන සැපයීමේදී සිදුවන අක්‍රමිකතා මගහැර, කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇත.

රජයේ ඩිජිටල්කරණ ප්‍රතිපත්තිය යටතේ මෙම නව කාඩ්පත හඳුන්වාදීම සිදුවන බව වැඩිදුරටත් සඳහන්ය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved